14 October 2016

ඔබද ජනාධිපති.....

...නැවතත් අපි තරඟය සමග . මෙන්න ඔබට ලැබෙන ඊළඟ ප්‍රශ්නය 

පසු ගිය දිනෙක මනඃකල්පිත රාත්‍රී සමාජ ශාලාවක ,මනඃකල්පිත පිරිසක් ,මනඃකල්පිත කලබලයක් ගැන වාර්තා වුනා  . පසුවදා , ගහපු එකෙකුත් නැති , සැක පිට අල්ලපු එකෙකුත් නැති , ගුටි කාපු එකෙකුත් නැති . මෙවැනි අවස්ථා වකට යෙදිය හැකි ගැමි පිරුල කුමක්ද 
ඒ උනුත් එකයි මුනුත් එකයි , 
බී අල වගේද ගෝවා , 
සී කිඹුලා කනවා ඉවසුවට කොහිල කටු ඇනෙනවා ඉවසන්න බෑ, 
ඩී එතකොට සියඹලා ගෙනල්ලාම නැද්ද 

මං හිතන්නේ ඩී  හිටං , සියඹලා ගෙනල්ලාම නැද්ද 

ඔව් නිවැරදි පිළිතුර ඩී .. මෙන්න ඊළඟ ප්‍රශ්නය 

ලජ්ජා නැතිකමට වඩා විශාල නැතැයි  ගැමි වහරේ කියවෙන්නේ කුමක්ද 
ඒ මහා මුදලි කම,  
බී ජනාධිපති කම  , 
සී දරු ස්නේහය , 
ඩී සමුපකාර සභාපතිකම 

හ්ම්ම් .. දරු ස්නේහයයි , සමුපකාර සභාපති කමයි හෙන ලොකුයි  නේ හිටං ...ලජ්ජා නැතිකමට වඩා  ලොකු ජනාධිපති කම වෙන්න ඇති 

ඕ ඕ ඕ  ව් ..නිවැරදි පිළිතුර බී .. ඔබ කෙමෙන් කෙමෙන් කප් එක කරා ලඟා වෙනවා .... ඊළඟ ප්‍රශ්නය ගන්නවද 

ගන්නවා හිටං 

හොඳින් සවන් දෙන්න ....පැරඩොක්සයක් වන්නේ මේ අතරින් කුමක්ද 

ඒ නීතිය සැමට සාධාරණ විය යුතුයි ඒත්  ඇතැමුන්ට එය වඩාත් සාධාරණ විය යුතුයි 
බී මමත් මේවාට  දැඩි පියවර ගන්නවා ඒ වුනාට මම කලින් කට්ටිය වගේ නීතියට අත ගහන්න යන්නේ නෑ 
සී  මම මේවා ඔක්කොම දන්නවා , ඒ වුනාට කට්ටියට යුතුකමක් තියෙනවා මාව දැනුවත් කරන්න 
ඩී මම මේ රටේ විධායක ජනාධිපති, මේ වෙන දේවල් වලට මට වග කියන්න බෑ 

අම්මට හුඩු ..මාර  ප්‍රශ්නයක් නේ ... මම ගොවි පුතෙක් හින්දද මන්දා මෙහෙම අමාරු ප්‍රශ්නම දෙන්නේ 

ඔබට ලයිෆ් ලයින් එකක් පාවිච්චි කළ  හැකි බව මම මතක් කරනවා.

එහෙනම් පත්තරෙන් විස්තරේ බලන්න ඔප්ෂන් එක පාවිච්චි කරන්නං 

එහෙම එකක් නෑ  , ඕනේ නම් ආස්ක්  අ ෆ්‍රෙන්ඩ් ඔප්ෂන් එක දෙන්නම් 

හරියන්නේ නෑ  මහත්තයෝ , එහෙම කියලා විශ්වාස කරන්න පුළුවන් එකෙක් නෑ  ...ඔන්න ඔහේ ඕන එකක් ගන්න 

පිළිතුර ලොක්  කරන්නද 

ඔක්කොම හරි වගේ හිටං 

ඔව් ඔබ නිවැරදියි . සියලුම පිළිතුරු නිවැරදියි 

හහ් හාහ් ..දැක්කද මමත් මෙහෙම හිටියට සිරා පොරක් හිටං 

මෙන්න ඊළඟ ප්‍රශ්නය , ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපතිට ඇති වගකීමක් වන්නේ 
ඒ රට රැකීම 
බී ගොඩ රැකීම 
සී ඇඟ බේරා ගැනීම 
ඩී   පිළිකුලෙන් හෙලා දැකීම 

අර ඔප්ෂන් එක දැන් ගන්නද 

හරි ඔබට ඒ අවස්ථාව ලබා දෙනවා 

අගමැතිතුමාට කෝල් එකක් අරන්දෙන්න හිටං . .. (කසුකුසුවක් ඇසේ ).... ඩී කියලා කියන්න කියලා එයා කියන්නේ හිටං 

ඔව් නිවැරදි පිළිතුර හැටියට බාර ගන්නවා ..මෙන්න හතරවෙනි ප්‍රශ්නය..  

ජනාධිපති විධාන නිකුත් කිරීමට උචිත සභාවාරය කුමක්ද 

ඒ පාර්ලිමේන්තු සැසි වාරය 
බී කැබිනට් මණ්ඩලය 
සී පක්ෂ රැස්වීම 
ඩී දහම් පාසල් තෑගී බෙදා දීමේ උත්සව සභාව 

පාර්ලිමේන්තුවේ , කැබිනට් එකේ කියලා වැඩක් නෑ .. පක්ෂ රැස්වීමේ කියන්න බෑ  කෑ ගහනවා ..දහම් පාසැල් ළමයි ටික නම් අහගෙන ඉඳියි . උත්තරය ඩී   


ඔව් 
ඔබ සාර්ථකව පිළිතුරු දෙනවා ....එයත් නිවැරදි පිළිතුර හැටියට බාර ගන්නවා .  මෙන්න පස්වැනි ප්‍රශ්නය 

අසරණ කම කුමක් වැනිද? 

ඒ වලිගය නැති ගොනා වැනිය 
බී ජාතික ආණ්ඩුවක විධායක ජනාධිපති වැනිය 
සී ගලේ පැහැරූ බළලා  වැනිය 
ඩී ඔප්ෂන් නැති ජනතාව වැනිය 

(දිගු සුසුමක් ) බී නේ හිටන් 

ඔබ තවම තරඟයේ රැඳී ඉන්නවා . .. අපි මදකට වෙළඳ විරාමයක් සඳහා යොමු වෙනවා ..ඒ අතරතුර චැනල් මාරු නොකර ...එට්කා  , දහම්  , නීතියේ හිල්,  බැඳුම්කර , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන , එළිපිට කෙරෙන හොරකං වැනි 
නොවැදගත් දේ ගැන ඔබේ අවධානය යොමු නොකර , අපිත් සමග දිගටම රැඳී සිටින්න .....

මේ ....ඔබද ජනාධිපති මමද ජනාධිපති 

38 comments:

  1. බල්ලොත් නොකන වැල වරකා ගල්කිස්සේ!

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා සරත්

      Delete
  2. වල්ලා පට්ටෙත් හොඳම එක...

    ඔහේට ගහන්න පොරක් නෑ මේ ලියවිලි වලින්...

    මම මේක හැම තැනම ෂෙයාර් කරනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මාතලන්

      Delete
  3. වදින්න ඕන තැනට බලලා සැර පාරක් ගහනවා. මම බ්ලොග් එක කාලයක් තිස්සේ කියවනවා. සදේශපාලනික ප්‍රහසනය කියන්නේ දේශපාලනික කාරණා ගැන සෘජුව කරන විවේචනයට එහා ගියපු නිර්මාණශීලී බුද්ධිකථනයක්. ජයවේවා

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි

      Delete
  4. ටුද පොයින්ට් බයි පින්ච් පොයින්ට්ස්.. වෙල්ඩන් මේට්

    ReplyDelete
  5. සුපිරියි ඈ!

    ReplyDelete
  6. නියමයි!!!!!! ඔබද ජනාධිපති..මමද ජනාධිපතිත් සිරසේ වැඩක්ද.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම ලංකාවේ ගොඩක් දේවල් හුදී දන විනෝදාශ්වාදය සදහාම පමනයි

      Delete
    2. සහතික ඇත්ත ජේපී. සියල්ල ගොන් චූන් සඳහාම සීමාවෙලා....ආගම, දේශපාලනය, සංස්කෘතිය මේ සියල්ලක්ම. චිකේ කියලා හිතෙනවා.

      Delete
  7. Niyamayi +++++++++++++++++++++++

    ReplyDelete
  8. Replies
    1. උඹ නියමයි ගාන්න ඕන නෑ.. උඹටත් එක්කම මං ඒක කිව්වා.. හැක්

      Delete
    2. නිකං ජනාධිපති තුමයි , අගමැති තුමයි වගේනේ :)

      Delete
  9. මේකනම් සුපිරිය +++++

    ReplyDelete
  10. oya wage deyakata ohoma kalabala karna eka hari na neda ..kollo kolu kale karana dewal.. owa

    ReplyDelete
    Replies
    1. බලපන් රන්සකු නවගුණ ඇට ගනන් කරන්න ඕන වයසේ එවුන්, ජිල්බෝල ගනන් කරන්න යන කොට වෙන වැඩ :D

      Delete
    2. මඩු වලිගෙන් තලන්න එපැයි.

      Delete
  11. මම අර ක්ලබ් එකේ මැනේජර්. මටත් පුලුවන්ද තරගෙට එන්න? හැබැයි එදා සිද්ධිය ගැන මම මොකුත් දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. පලවෙනි ප්‍රශ්නය

      ඉර බැස ගිය පසු වෙන්නේ කුමක්ද

      a සඳ මිදුලට එනවා
      b වීදුරු කුඩු වෙනවා
      c මට අමතක වෙනවා
      d දහමින් සෙමෙන් කල් ගත වෙනවා

      Delete
  12. අති විශිෂ්ඨයි මහ රජ! ඔබගේ පරිකල්පන ශක්තිය ලොවෙත් නැත...:)

    ReplyDelete
  13. මදැයි...! පට්ට ලිවිල්ල බ්‍රෝ...!

    ReplyDelete
  14. කියල වැඩක් නෑ.. පත්තරේකට යවන්න බැරි ද? මරේ මරු

    ReplyDelete
    Replies
    1. පත්තරේට යවන්න කිව්වේ විශේෂ කාට හරි පේන්නද :)

      Delete
  15. ටහිකෙයි ෆස්ට

    ReplyDelete
  16. maxa ... ElA

    ReplyDelete

Have commented