Monday, October 10, 2016

16 - හවසට සූර් වෙන්න ඕන කරන අරක්කු, බියර්, විස්කි. රම්. චැම්පේන්, ටැකීලා, වයින් සහ සකේ යනාදී ඔක්කොම ගැන උදෙන්ම සංඛ්‍යාලේඛණද සමග...

මේ ඔක්කොම මධ්‍යසාර ලෙස සැලකෙන පානයන්. අමද්‍යප සංවිධානවල කටයුතු කරන අයනම් සමහර විට විරුද්ධ වේවිද කියලත් හිතෙනවා මේ වගේ ලිපියක් දැම්මටත්. කමක් නැහැ නොබොන කෙනෙක් වුනත් මේ "ගිනි වතුර" හදන විදිය ගැන දැන ගන්න අකමැති නැතුව ඇතියි කියා හිතෙනවා. අපි කොච්චර ආගමික වශයෙන් හෝ ආකල්පය වශයෙන් මත්පැන් ගැන අකමැත්ත පළ කළත් රෝම කාලය තරම් ඈත, සමහර විට ඊටත් කලින් ඉදන් විවිද ක්‍රමෝපායන් ඔස්සේ මත්විය හැකි පානයන් තනා පානය කර තිබෙනවා. එය මිනිස් ප්‍රජාව ලෝකය තුල වසන තාක්කල් එලෙසම පැවතේවි අපි කැමතිවුනත් අකමැතිවුනත්. 

මුලින්ම බලමු සැර පානයන්ට අකමැති අය බොන බියර් ගැන. මම මුලින් හිතාගෙන හිටියේ මහා බ්‍රිතාන්‍යයේ අය තමයි වැඩියෙන්ම බියර් බොන්නේ කියලා. බලන කොට වැඩියෙන්ම බොන රටවල් 25 අතරටවත් ඔවුන් නැහැ.


ඒ වුනාට අපි කණගාටුවිය යුතු නැහැ. ඉන්දියාවද පරදමින් ලෝකයේ 57 වැනියට වැඩිම බියර් පරිභෝජනය කරන රට හැටියට අපි තේරිලා තිබෙනවා.

මෙන්න බියර් හදන හැටි
අරක්කු ගැන කතා නොකර මේ සැර බීම අනිත් ඒවා ගැන කතා කරන්න ගියොත් ලොකු අඩුපාඩුවක්. ගල් පොල් පරණ අරක්කු වලටත් හොද ඉල්ලුමක් ලංකාවේත් තිබෙන නිසා ඒ අරක්කු හදන හැටිත් බලමු.

සමස්ථයක් විදියට ගත්තාම මධ්‍යසාර පානයේ පළමු හපන්නු 10 දෙනා තමයි මේ. ලංකාව නම් ඉන්නේ ගොඩක් පල්ලෙහායින්.

චැම්පේන් කියන බීම වර්ගයත් ජනප්‍රියතම පානයක් ඇති හැකි අය අතර. පිටරටවල නම් මොකක් හෝ ක්‍රීඩා තරඟයක් ජයගත්තාමත් ජයග්‍රාහකයාට මේ ජාතියේ බීම බෝතලයක් ලැබෙනවා අපි සුලභව දැක තිබෙනවා. කොහොමනමුත් "කුලයෙන් උසස්" මේ බීම වර්ගය වැඩියෙන්ම පාවිච්චි කරන්නේ ප්‍රංශය, දෙවැනුව මහා බ්‍රිතාන්‍ය.

සීනි නිෂ්පාදනයේ තවත් අතුරු ප්‍රතිඵලයක් වන රම්, Pirates of Caribbean චිත්‍රපටි මාලාව බලපු කෙනෙක් නම් කැප්ටන් ස්පැරෝගේ අතේ නිතරම තිබුන බවත් මතක තිබෙනවා ඇති. චිත්‍රපටියේ නම වගේම ලෝකයේ වැඩියෙන්ම රම් නිෂ්පාදනය වන්නේ කැරබියානු කලාපයේ තමයි. කොටින්ම ඒ කලාපයේ ජනප්‍රියතම මත්පැන් වර්ගයත් මෙයම තමයි. 


වයින් ගැන ගත්තාම, රතු වයින් සුළු ප්‍රමාණයක් ගැනීම සෞඛයට යම් හිතකර බවත් තියෙනවා කියලා මතයක් තිබෙනවානේ. මෙන්න රතු වගේම සුදු වයින් හදන විදියත්. ඒ වගේම තමයි වයින් බෝතල් අව්වට නිරාවරණය වෙන එක ඒකේ ගුණාත්මක තත්ත්වය අඩුවෙන්න හේතුවෙනවා කියලත් කියනවා. ඒකළු පාට පාට බෝතල් වල වයින් දාන්නේ. ලෝකයේ පරිභෝජනය ගත්තාම, ඇමරිකාව, ප්‍රංශය, ඉක්බිතිව ජර්මනියත්, ඇතැම් විටක තෙවන ස්ථානය ඉතාලියටත් හිමිවන බව පැවසෙනවා.


විස්කි කියුවාම ඉතින් හිතෙන්නේ සල්ලි තියෙන අය සූර් වෙන්න බොන බීමක් විදියටනේ. ඒත් දන්නවාද ලෝකයේ වැඩියෙන්ම විස්කි බීලා තිබෙන්නේ අපේ අසල්වැසියා වූ ඉන්දියාව බව, ඇමරිකාවත් දෙවන ස්ථානයේ තමයි පසුවෙන්නේ. ලෝකයේ හොදට කාලබිලා ඉන්න ප්‍රංශයත් ලිස්ට් එකේ තෙවන ස්ථානය දිනා ගන්නට සමත් වෙලා තියෙන අතරේ සකේ කියන මත්පැන් නිපදවන ජපානය පවා විස්කි පානයෙන් සිව්වෙනි තැනටත්, මහා බ්‍රිතාන්‍ය පස්වන ස්ථානයටත් පත්වෙලා තිබෙනවා.
(මූලාශ්‍රය - http://www.businessinsider.com/)
මෙන්න මෙහෙමළු බාර්ලි වලින් විස්කි හදා ගන්නේ.

ඇමරිකාවේ මීට කාල‍යකට කලින් නීති විරෝධීව තිරිඟු වලින් හදපු විස්කි වර්ගයක් තිබනා Moonshine කියලා. හැබැයි එදා නීති විරෝධීව මේවා හැදුවට දැන්නම් නීතියෙන්ම ඉඩදීලා තිබෙනවා.

ජපන්නු කොයිදේත් කලාවට පිළිවෙලට වගේම ඉතා හුරුබුහුටියට කරන මිනිස්සු. ඔවුන් හදනවා බීමක්. සකේ කියලා හදුන්වන මෙම බීම හදන්නේ හාල් වලින්. හදන විදියත් අනිත් මත්පැන් හදනවාට වඩා අමුතුයි.

දොඩම් ලෙලි වලින් පවා මත්පැන් හදනවා. 1800 ගණන් වල ප්‍රංශය තමයි මෙයත් ආරම්භ කර තිබෙන්නේ.
ප්‍රංශයට චැම්පේන්, ජපානයට සකේ වගේ මෙක්සිකෝවට අවේනිකවූ නිෂ්පාදනයක් තමයි tequila කියන පානය. හදන්න ගන්න ගෙඩි වර්ගයත් අමුතුයි. 

දැනට මේ ඇති.

No comments:

Post a Comment