Saturday, October 8, 2016

වැසිකිලි ගැන සැඟවුන කතා (The Toilet An unspoken History)

වැසිකිලි ගැන කතාවෙන්නේ අඩුවෙනි. නූතන ශිෂ්ඨාචාර ගත සමාජය ශරීර කෘත්‍යය විෂය අතිශයින්ම පෞද්ගලික කාරණයක් ලෙස සලකන අතර ශිෂ්ඨාචාර ගත වූ මිනිසුන් වුවද ඉන්දියාව, බංග්ලාදේශය වැනි අපේ අසල්වැසි රටවල සමහර දූගී ජනයාට තවමත් එය පෞද්ගලික කාරණයක් ලෙස සලකන්නට නොහැකිව ඇත්තේ ඔවුන්ගේ ප්‍රධාන වශයෙන්ම දූගී භාවයයි. සෞඛ්‍යාරක්‍ෂිත ජල මුද්‍රිත වැසිකිලි භාවිතය නොමැතිවීම අවට පරිසරය දුෂිත වීම මෙන්ම ලෙඩරෝග පැතිරීමටද හේතුවකි. 

වසර දහස් ගණනක් පුරාවට වැසිකිලි භාවිතයේ විවිදත්වයන් පිළිබදව තොරතුරු තිබෙන අතර නූතන යුරෝපීය ශිෂ්ඨාචාරයේ මුදුන් මුලවන් රෝම ශිෂ්ඨාචරය වැසිකිලි භාවිතයේ පුරෝගාමීන්ය. එහෙත් එය පෞද්ගලික කාරණයක් ලෙස ඔවුන් පුරුදුව නොසිටි අතර එකදිගට පෙලගැසූ වාඩිවිය හැකි ආකාරයේ වැසිකිලි ඔවුන් භාවිතා කර ඇති අතර ගලා යන ජලයට මල ද්‍රව්‍ය වැටෙන පරිදි එම ස්ථාන තනා තිබුනහ. තවද ස්පොන්ච් ආකාරයේ පිරිසිදු කාරකයක් කර්තව්‍ය අවසානයේ භාවිතා කිරීමට ඔවුන් එම ස්ථාන වල තබා තිබුන බව පැවසේ. 

නූතන මහා බ්‍රිතාන්‍ය සනීපාරක්‍ෂාව ගැන අද ඉහල ස්ථානයක සිටියද රෝම ශිෂ්ඨාචාරයේ කෙතරම් බලපෑම් කළද වැසිකිලි සංස්කෘතිය තුලට පිවිසීමට ඔවුන්ට වසර දහසකටත් වඩා වැඩි කාලයක් ගතවිය. වැසිකිලි භාවිතය රෝමන්වරු එදා බ්‍රිතාන්‍ය තුලටද ගෙන ආවත් එයට හුරු වීමට බ්‍රිතාන්‍ය එදා වැසියන්ට නොහැකි වූ බව පැවසෙන අතර විවෘත භූමිය මත ශරීර කෘත්‍යය සිදුකිරීම ඔවුන්ගේ පුරුද්දක් විය. තවද තේම්ස් නදියට සියළු මල අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා පැතිරුණ දුර්ගයන්ධය බ්‍රිතන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට විවාද පැවැත්වීමේදී පවා සුවඳ ගැල්වූ ලේන්සුවකින් නාසය වසා කතා කිරීමටද තරම් ප්‍රභල වූ බවද පැවසේ. මේ නිසා  1858 තරම් කාලයේ ඔවුන් තවදුරටත් මෙම අප්‍රිය සහගත ලෙස මෙම කාර්යයන් සිදුකිරීම රටක් වශයෙන් ගත කල තවදුරටත් පසුගාමීත්වයට හේතුවන බව තේරුම් ගත් නිසාම ඔවුන්ට අද සිටිනා ඉහළම සනීපාරක්‍ෂක තත්ත්වයකට ලගාවීමට හේතුවිය. ආකල්පමය වශයෙන් සිදුකළ වෙනසද ඉතා ප්‍රභලව මේ ස්ථානයට ඔවුන්ට ලගා වීමට ආධාරයක් වූහ.

ලෝකයේ බොහෝ දුගී රටවල ජනයාට අදටත් ජල මුද්‍රිත වැසිකිලි නොමැතිවීමෙන් ඔවුන්ගේ සෞඛ්‍යය ගැටළු ඉතා ප්‍රභල ලෙස ව්‍යාප්ත වීමටද හේතුවක් වී ඇති අතර ඒ ගැටළු මඟහැරීමේ කර්තව්‍යය වෙනුවෙන් ඇතිහැකි සමාජ සේවයකන් රැසක් එක්ව තැනූ World Toilet Organization නම් වූ සංවිධානයක්ද වේ. 

ලෝකයේ ඉහළම පිරිසිදු බව මෙන්ම තාක්‍ෂනයෙන්ද ඉහල වැසිකිලි භාවිතය හා නිර්මාණයේ ගෞරවය ජපානය විසින් දිනා ඇති අතර ඔවුන්ගේ ඉලෙක්ට්‍රොනික් හා යාන්ත්‍රික හැකියාවන් උපයෝගී කරගෙන ශරීර කෘත්‍යයෙන් පසු පිරිසිදු කර ගැනීමේ කාර්යයද වඩාත් පහසු ලෙස සිදුකරගැනීමට මෙන්ම එම කාර්යයන් කරනා අතර තුර වැසිකිලියෙන් පිටිත සිටින්නන්ට එම කාර්යයන් පිළිබදව නැසෙන සේ විවිද නාදයන් පිටතට ඇසෙන සේ තැනූ වැසිකිලිද ඔවුන් භාවිතා කරයි.

මෙවන් වූ කාරණා රැසක් ලෝකය පුරාවටම සැඟවී, වඩාත් පෞද්ගලික කාරණා ලෙස සැඟව තිබෙන අතර ඒවා බොහෝමයක් මෙම වාර්තාමය වැඩසටහනෙන් නිරාවරණය කර තිබේ.


අද පළ කළ අනෙකුත් ලිපි -
උදෙන්ම ඕන කරන සබන් සහ ශරීර කෘත්‍යයට ඇවැසි දෑ

අැතැම් කාල වලදී කුණු වී අහක දමන ලූණු මේ ආකාරයට ප්‍රයෝජනයට ගන්නට ලංකාවෙත් මෙවැනි කර්මාන්ත ශාලාවක් ඇත්නම් කොතරම් අගනේද? එසේම හිතහොදින් කිරි දෙන එළදෙනුන්, හතු පිළිබදව මෙන්ම බිත්තර පිළිබදවත්...

6 comments:

  1. BRAMA !!

    ස්තූතියි දිනේෂ් මේක බෙදාගත්තාට... බංග්ලාදේශ් වල තත්ත්වය සෝචනීයයි...ඒ ජනගහනයත් එක්ක කවද ගොඩ යන්න හම්බෙයිද දන්නෑ...

    බ්‍රිතාන්‍යය වැසියෝ 19 වන සියවසේත් පාරේ ජරා කරා කිව්වම මම ඇත්තටම පුදුම වුනා..

    ජපන්නුත් හැමදේකදිම වගේ ඒකෙදිත් ඉදිරියෙන්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෙන්නා දුන් ධෛර්යයට, බංග්ලාදේශය ගත්තත්, ඉන්දියාව ගත්තත් දැන් රටවල් දෙකක් වුනත් නොබෙදුනානම් ඉන්දියාවේම කොටසක් තමයි. ඉතින් ඉන්දියාව වගේම බංග්ලාදේශයත් පාර වැසිකිලිකර ගැනීම දේශපාලනිකව වැඩි වෙනසක් නැහැ.

      බ්‍රිතාන්‍යයේ තත්ත්වය මෙහි දැක්වෙන්නේ කෙටියෙන්. ඒ රටේ තත්ත්වය ගැන මීටත් වඩා සවිස්තර සටහනක් (අද නෙමේ එදා තිබුන විදිය) ඉදිරියේදී ගෙන එන්නම්. ජපනුන් කොයිදේටත් හපන්නු තමයි. හැමදේකම හොද නරක සමබරව ගෙනයන ජපනුන් තමයි අපි ආදර්ශයට ගත යුත්තේ...

      Delete
  2. ලංකාවේ අතීතයේ ඉඳන් හොඳ සනීපාරක්ෂක ක්‍රම වැසිකිලි පහසුකම් ආවේ ඉන්දියාවේ සාංචි ප්‍රදේශයෙන් කියන එකයි මම හිතන්නේ. අදත් සාංචි වලාට් ගියොත් අනිත් තැන වලට වඩා වෙනස් වැසිකිලි ක්‍රම, දුප්පත් වුවත් පිරිසිදු ගෙවල් දැක ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දුගී බව පිරිසිදුකම නැතිවීමට හේතුවක් නොවෙයි. එහෙත් ප්‍රමාණවත් අධ්‍යාපනයක් නොලැබීම හා ආකල්පමය වශයෙන් යාවත්කාලීන නොවීමට දුගී බව යම් සාධකයක් නිසා ඇතිවන අහිතකර ප්‍රතිඵලයක් වන්නට පුළුවන් අපිරිසිදුකම.

      මෙහෙම කාරණයක් තියෙනවා. ගොඩක් දේවල් ඉන්දියාවෙන් අපිට ලැබුනට සමහර කාරණා වලදී ඉන්දියාවට වඩා වෙනස් ස්ථානයක ලංකාව අතීතයේ සිට පිහිටා සිටියා. හොද හෝ නරක දෙකටම එම න්‍යාය බලපා තිබෙනවා.

      ලංකාවේ ජන විවිදත්වය කියලා පොතක් තිබෙනවා. සත් සමුදුරේ මෙන්න මේ ලිපියේ ඒ ගැන යම් සටහනක් තැබුවා
      https://sathsamudura.blogspot.com/2011/08/blog-post.html

      Delete
  3. බොහොම ස්තූතියි ... චීනයේ දැන් වීදුරු වැසිකිලි එහෙමත් හදලා තියෙන්නෙ... වැසිකිලි භාවිතා කරන එක එහා පැත්තෙ ඉන්න කෙනාටත් පේනවා... ඒකෙන් එයාලා සංචාරක ආකර්ෂණය ලබාගන්න බලාපොරොත්තු වෙනවලු...

    ReplyDelete
    Replies
    1. ඒක නම් අප්‍රියජනක, ජුගුබ්සාජනක දර්ශනයක්නේ...

      Delete