ගෙවුනු දවස: ඔක්තෝම්බර් 07 – රෝස පන්දුවේ වාර්තාගත ජයග්‍රහණය

654

ශ්-රී ලංකා හොකී ක්-රීඩිකාවෝ චීන තායිපේ ක්-රීඩිකාවන් සමඟින් තරග වැදෙමින්19න් පාසල් ක්-රිකට් පිටියපළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදි ලබා ගත් ඡායාරූපයකි.

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

හොකී –

හොකී ක්‍රීඩිකාවෝ චීන තායිපේට පරාදවේ

මෙවර තයිලන්තයේදී පැවැත්වෙන ආසියානු හොකී සංගමය විසින් සිව්වන වරටත් සංවිධාන කරනු ලබන ආසියානු කුසලාන කාන්තා හොකී තරගාවලියේ අවසන් පූර්ව වට සදහා වන තරග ඊයේ (07) පැවැත්විය.

එහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා තරග වැදුනේ චීන තායිපේ ක්‍රීඩිකාවන් ය. අවසාන තරගාවලී බලාපොරොත්තුවෙන් ඇලලී සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හට එම බලාපොරොත්තු අවසානයේ අතහැර දැමීමට සිදු වූයේ චීන තායිපේ කණ්ඩායම විසින් තරගය ගෝල 4-1ක් ලෙස ජය ගැනීම නිසාවෙනි.

සම්පූර්ණ ලිපිය: ආසියානු කාන්තා හොකී ශූරතාවය ශ්‍රී ලංකාවට අහිමි වෙයි


ක්‍රිකට් –

පළමු ටෙස්ට් තරගයෙන් කොදෙව්වෝ පරාදයි

ශ්‍රී ලංකා A කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම අතර පසුගිය 04 වැනිදා ආරම්භ වූ පළමු සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් දිනය ඊයේ (07) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී, ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 7ක ජයග්‍රහණයක් ලබාදෙමින් අවසන් වූ අතර, මෙම ජයත් සමඟින් ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරන්නටද සමත් විය.

බටහිර ඉන්දීය කොදෙව් A දෙවන ඉණිම – 175/10 (79.2): විශාල් සිං 46, මොටී කන්හායි 34, ශම්රා බෲක්ස් 28, ජෝන් කෑම්ප්බෙල් 22, ලක්ෂාන් සඳකැන් 4/51

ශ්‍රී ලංකා A දෙවන ඉණිම – 67/03 (20.3): දිමුත් කරුණාරත්න 39*,ලහිරු තිරිමාන්න 21, කියෝන් ජෝශප් 2/17

සම්පූර්ණ ලිපිය: රෝස පන්දුව වාර්තා සමඟින් සිංහයන්ට ජය ගෙන එයි


19න් පාසල් ක්‍රිකට් පිටිය

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරග වාරයේ පළමු කාණ්ඩයේ ඊයේ (7) පැවති තරග අතුරින් ඩී. එස්. සේනානායක විද්‍යාලය පමණක් පූර්ණ තරග ජයග්‍රහණයක් ලබන්නට තරම් වාසනාවන්ත වූ අතර මැසිනෝද් විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ ලැබූහ.

මලියදේව විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 167 (පන්දුවාර 41.3) ධනංජය ප්‍රේමරත්න 51, දමිත සිල්වා 27, සුපුන් සුමනරත්න 26, දේශාන් ප්‍රනාන්දු 5/39, රෝෂිත සෙනෙවිරත්න 5/42.

ද මැසිනෝද් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 322 (පන්දුවාර 77) ක්‍රිෂාන් සන්ජුල 253, දමිත සිල්වා 5/92, ඩිල්ශාන් කොල්ලුරේ 2/17.

මලියදේව විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 8ක් දැවී ලකුණු 210 (පන්දුවාර 70) දුලාජ් රණතුංග 47, ඩිල්ශාන් කොල්ලුරේ 28, පවිත්‍ර ලියනගේ 26*, දමිත සිල්වා 24.

සාන්ත ජෝසප් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 23 (පන්දුවාර 13.5) චරණ නානායක්කාර 8/15.

තර්ස්ටන් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 227 (පන්දුවාර 46) යෙෂාන් වික්‍රමාරච්චි 69, නිපුන් ලක්ෂාන් 38, චරණ නානායක්කාර 20, ජෙහාන් ඩැනියෙල් 5/81.

සාන්ත ජෝසප් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 9ක් දැවී ලකුණු 315 (පන්දුවාර 120) දිනෙත් මදුරාවල 144*, ශෙවෝන් ෆොන්සේකා 44, පහන් පෙරේරා 42, ජෙහාන් ඩැනියෙල් 21, සඳරු ඩයස් 4/51, චරණ නානායක්කාර 3/76.

සම්පූර්ණ ලිපිය: දිනෙත්ගේ ශතකය සාන්ත ජෝසප් විද්‍යාලය පරාජයෙන් ගලවා ගනියි

දිනයක නිමාව