Friday, October 7, 2016

ගතවූ වසර කිහිපයේම වසරේ හොදම Uninstall මෘදුකාංගය ලෙස තේරුනේ මෙම මෘදුකාංගයයි...

මේ කියන්නට යන මෘදුකංගය තමයි වසර කිහිපයක්ම වසරේ හොදම මෘදුකාංගය ලෙස තේරුනේ. විවිද සඟරා සහ මෘදුකාංග පිළිබදව සන්සන්දනයන් කරනා සමාගම් විසින් පැවැත්වූ සමීක්‍ෂන‍් පර්යේෂන ආදියෙන් පසුව තමයි එය පවසා තිබුනේ. කෙසේනමුත් මෙම සඟරා හෝ ආයතන විසින් කියු පමණින් අපගේ භාවිතයන්ට අංක එක දිනුවත් ඇතැම් මෘදුකාංග කියන තරම් හරියන්නේ නැති අවස්ථා තිබෙනවා. මමත් ප්‍රායෝගිකව එවැනි අවස්ථාවන්ට මුහුණදීලත් තිබෙනවා.

කොහොමනමුත් Revo Uninstall මෘදුකාංගය තමන් දිනූ පළමු ස්ථානයට උචිත ආකාරයටම ක්‍රියාකරන මෘදුකාංගයක් බව දැන් කලක සිටන් භාවිතා කරන නිසා මමද අත්දැකීමෙන් දනිමි.

ඔබටත් අවශ්‍ය නම් මෙන්න මේ සබැඳියෙන් නොමිලේ ලබා දෙන සංස්කරණය භාගත කරගෙන අත්හදා බැලිය හැකිය.
http://www.revouninstaller.com/

අද දිනයේ ලියූ අනෙකුත් ලිපි මේවාය -
දත් බෙහෙත්. දත් බුරුසු සහ මදුරු දඟර
සතුන් සමග සිදුවූ අසාමාන්‍ය විවාහ
වාහනයේ රේඩියේටරය, ඔයිල් ෆිල්ටරය, එයාර් ෆිල්ටරය හදන හැටි

2 comments:

  1. මම පාවිච්චි කරන්නේ මෙන්න මේක. වැඩ ගොඩක් කරන්න පුළුවන්. සුපිරියි.

    http://www.ursoftware.com/

    ReplyDelete
    Replies
    1. මේ මෘදුකාංගය (Your Uninstaller) මමත් සෑහෙන්න කාලයක් භාවිතා කළ මෘදුකාංගයත්, එයත් ඉතා හොදයි. මීට වසර කිහිපයකට පෙර සත් සමුදුරේදිත් මේ ගැන ලියුවා
      http://sathsamudura.blogspot.com/2011/04/uninstall-your-uninstaller.html

      Delete