ගෙවුනු දවස: ඔක්තෝම්බර් 03 – රෝස පන්දුවේ ශ්‍රී ලංකා ආගමනය

652

“ගෙවුනු දවස” ලිපි මාලාව සමඟින් එකතු වන ඔබට ස්තූතියි! කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

ක්‍රිකට් –  

අද ශ්‍රී ලංකා තරගයේ පන්දුව රෝස පාටයි

ශ්‍රී ලංකාවේදී පළමුවරට රෝස පැහැති පන්දුවෙන් පැවැත්වෙන ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම අතර අද (ඔක්තෝබර් 4) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙයි.

ලෝක ක්‍රිකට් කරලියට අලුතින්ම එකතු වූ අංගයක් වන දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරග සඳහා භාවිත කරන්නේ රෝස පැහැයෙන් යුතු පන්දුවකි. මේ කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන පළමු සිවු දින ක්‍රිකට් තරගය සඳහා රෝස පැහැයෙන් යුතු කුකබුරා පන්දුව භාවිතා කිරීමට ශ්‍රී ලකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් මෙම තරගය පැවැත්වෙන්නේ දිවා රාත්‍රී තරගයක් ලෙස නොව සාමාන්‍ය දිවා සිවුදින තරගයක් ලෙසිනුයි.

පළමු සිවු දින තරග 2 සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් පෙරේරා (උප නායක), ලහිරු තිරිමාන්න, රොෂේන් සිල්වා,නිරෝෂන් දික්වැල්ල,අසේල ගුණරත්න, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, අනුක් ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසුරිය, ලහිරු කුමාර, ලක්ෂාන් සඳකැන්, විමුක්ති පෙරේරා, කසුන් මධුශංක.

බටහිර ඉන්දීය කොදෙව් A සිවුදින සංචිතය  – ශම්රා බෲක්ස් (නායක), විශාල් සිං (උප නායක), රාජේන්ද්‍ර චන්ද්‍රිකා, කිරන් පවෙල්, ඒවින් ලුවිස්, ශිම්රන් හෙට්මයර්, ඩේමියන් ජේකබ්ස්, රකීම් කෝර්න්වෝල්, ගුදාකේෂ් මෝටි, කෙමාර් රෝච්, කෙඕන් ජෝසප්, ඩෙලෝන් ජොන්සන්, රේනාඩ් ලෙවරිජ්, ජාමාර් හැමිල්ටන්

බටහිර ඉන්දීය කොදෙව් A එක්දින සංචිතය – ජේසන් මොහොමඩ් (නායක), අන්ඩ්‍රේ ෆ්ලෙචර් (උප නායක), රොන්ස්ෆර්ඩ් බීටන්, කෙස්රික් විලියම්ස්, කයිල් මේයර්ස්, රෝව්මන් පවල්, කයිල් හෝප්, චැඩ්වික් වෝල්ටන්, අන්ඩ්‍රේ මැකාති, අසාද් ෆුදාදීන්, වීරසාමි පෙරුමාල්, ජොන්-රස් ජගේසර්, ඩේමියන් ජේකබ්ස්, ඩෙලෝන් ජොන්සන්.

සම්පූර්ණ ලිපිය: රෝස පැහැති ක්‍රිකට් පන්දුවේ ශ්‍රී ලංකා කල එළි දැක්ම සටහන්වෙයි


ජෝසප් වාස් සහ මාරිස්ටෙලා තියුණු සටනක

මෙවර පාසල් ක්‍රිකට් තරග වාරයේ පළමු කාණ්ඩය නියෝජනය කරමින් අද (3) දින පැවති තරග අතුරින් ඉහළ පෙළ‍ෙ දක්ෂතා ප්‍රකට කිරීමට කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය සමත්වූහ. ඒ අනුව ප්‍රථම ඉනිමේ ජයග්‍රහණයන් ඔවුන්ගේ නමින් ලියවී හමාරය. නමුත් වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය හා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අතර තරගය ඉතාමත් උණුසුම් අන්දමින් ගලාගෙන යයි.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 125 (පන්දුවාර 31) ලහිරු ලියනගේ 28, රිෆාස් මවුරූස් 7/34.

කෝට්ටේ ජනාධිපති විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 225 (පන්දුවාර 47) හෂාන් ප්‍රියදර්ශන 47, ගනිඳු දෙව්මිණ 50, කසුන් මාලිංග 33, රවින්ත ප්‍රභාෂ්වර 4/38, මධුරංග චන්ද්‍රරත්න 4/42.

ඉසිපතන විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 135 (පන්දුවාර 36.1) කළණ පෙරේරා 47, මනීෂ රූපසිංහ 44, සංජුල බණ්ඩාර 23, කවීෂ් මදුරප්පෙරුම 5/10, උමෙෂ්ක ඩිල්ශාන් 2/16, කළණ පෙරේරා 2/41.

නාලන්දා විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 146 (පන්දුවාර 46) දසුන් සෙනවිරත්න 35, ලහිරු ඩිල්ශාන් 3/25, සංජුල බණ්ඩාර 2/8, හේෂාන් ප්‍රනාන්දු 2/28.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 172 (පන්දුවාර 59.3) ධනංජය පෙරේරා 48, අංජන රුක්මාල් 43, මධුෂාන් රණතුංග 26, ලසිත් කෲස්පුල්ලේ 3/28, සචිඳු කොළඹගේ 2/14, සංඛ පූර්ණ 2/16.

මාරිස්ටෙලා විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 141 (පන්දුවාර 35) ලසිත් කෲස්පුල්ලේ 67, අශාන් ප්‍රනාන්දු 25, ධනංජය පෙරේරා 2/27, කණිෂ්ක නානායක්කාර 2/36.

සම්පූර්ණ ලිපිය: කෝට්ටේ ජනාධිපති, කොළඹ නාලන්දා දිනයේ වැඩි වාසි අත්කර ගනි

දිනයක නිමාව