Monday, October 3, 2016

මේ විදියට නඩු දාන්න ගියොත් තමුන්ටත් මටත් විතරක් නෙවෙයි මු`ඵ පොලිස් දෙපාර්තමේන්තුවටම හෙන ගහනවා.


මෙම ප‍්‍රකාශය කළේ මතුගම සහකාර පොලිස් අධකාරීවරයා විසින් බදුරලිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට ය.

මුන් දාන බොරු නඩුවල ප‍්‍රමාණයට හෙන ගහනවනම් මේ රටේ එකම පොලීසියක් ඉතුරුවන්නේ නැත. මිනිසුන් ගොනාට අන්දවන්නට කරන මේ ප‍්‍රකාශවලින් තවමත් මුලාවේ වැටෙන පිරිසක් සිටින බව නොරහසකි. 

ඉඩම් නඩුවකින් පැරදුනු කසිප්පු ජාවාරම් කරුවෙකු බදුරලිය පොලීසිය හා එක්ව, ෙදාන් ජයතිලක (අවු: 62 ට* බොරු නඩුවක් පැවරූවේ බදුරලිය පොලීසියේ ස්ථානාධිපතිය.

මාධ්‍ය මගින් කරන ප‍්‍රචාරවලට අනුව ඔහු ඒ ගැන පැමිණිලි කරන්න මතුගම සහකා රපොලිස් අධිකාරී හමුවන්නනට ගියේ ක`ඵතර සහකාර පොලිස් අධිකාරී ෂ ගේ ලිපියක් රැුගෙනය. ඉන්පසු මතුගම සහකාර පොලිස් අධිකාරී ජයතිලකව බුරලිය පොලිස් ස්ථානාධිපති ළඟට යැවීය. දැන් පොලිස්පති ආවත් මුකුත් කරන්න බෑ යැයි, බදුලිය පොලිස් ස්ථානාධිපති ඔහුට කියා සිටියේය.

සහකාර පොලිස් අධිකාරීවරයාගේ ගනන් නොගත් බදුරලිය පොලීසියේ ස්ථානාධිපති ජයතිලකට එරෙහිව විරුද්ධව බොරු නඩුව පැවරීය. අධිකරණයේදි ඔහු නිවැරදිකරු බව ප‍්‍රකාශ කළ විට, ඇප මත මුදාහැරියේය.

මීට පෙරද, බදුරලිය පොලීසිය මොහුට විරුද්ධව නඩු පවරා ඇත. එ් අවස්ථාවේ නීතිඥවරියගේ බලපෑමට යටත්වු ඔහු වරද පිළිගෙන තිබිණ.

මේ සියලූ විස්තර ඇතුළත් කොට, මොහු මානව හිමිකම් කොමිෂමට, පොලිස්පතට හා ක`ඵතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත කරන ලද පැමිණිලි පහත දක්වන්නේ සාමාන්‍ය මිනුසුන්ට වධදෙන්න, පළිගන්න අපරාධ කරුවන් පොලීසිය යොදා ගන්නා අයුරු පැහැදිලි කිරිමටය.

ජයතිලක පොලීසියට හෙණ ගහන කං බලා ඉන්නේ නැතිව, පොලිසියේ දුෂණ අභියෝග කිරිමට පියවර ගැනීම අගය කළ යුතුය. මෙවන් 


 01. සභාපතිනිය, මානව හිමිකම් කොමිෂන් සභාව, අංක 165, කිංසි පාර, කොළඹ 08      

02. පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01     
    
03. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී, ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය,  ක`ඵතර
     
ලිඛිත පැමිණිල්ල.

පතිරගේ ෙදාන් ජයතිලක, වයස අවු: 62 යි, අවිවාහක, රැුකියාව: ගොවිතැන, 
ලිපිනය: හින්දකාරමුල්ල, මෝල්කාව.

2016.09.29 වන දින දීය.

2016.09.16 වන දින උදේ මා මාගේ වත්තේ රබර් කපා නිවසට පැමිණියා. එවිට වේලාව උදේ 11.00 ට 11.30 පමණ ඇති. බදුරලිය පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් සිවිල් ඇඳුමින් සැරසි මාගේ නිවසට පැමිණියා. එයින් එක් අයෙක් බදුරලිය පොලීසියේ සුමිත් නැමති නිලධාරියා බව හඳුනා ගත්තා.

අනිත් දෙන්නා දැක්කොත් මට හ`දුනා ගත හැකියි. මා ඔවුන්ගෙන් පැමිණිමට හේතුව විමසා සිටියා. 

එවිට ඔවුන් මා කසිප්පු වඩියක් පෙරන බවට ආරංචි වූ බව ප‍්‍රකාශ කළා. මම කිව්වා තියන තැනකින් හොයලා ගන්න කියා. එක් නිලධාරියෙක් මාගේ ගේ සෝදිසි කළා. අනිත් දෙන්නා වත්ත පරීක්ෂා කළා. පැය භාගයක් පමණ පරීක්ෂා කර පැමිණ වැඩක් නෑ යමුයි කියා, ටික දුරක් ගොස් නැවත පැමිණියා. මම ඇයිදැයි විමසා සිටියා. 

මෙන්න මේ කැලෑවක මුට්ටියක් තියෙනවා කියලා ආරංචියි. යමු බලන්න කියා මාවත් එකක ගියා. 

ලයනල් ගුණතිලක යන අයට අයිති මාගේ ඉඩමට යාබද ඉඩමේ වෙල අයිනේ තිබුණ කැලෑවේ මුට්ටියක් තිබිලා හොයා ගත්තා. මට කිව්වා මේක අරගන්න කියලා. මම කිව්වා මුට්ටියත් මගේ නෙවෙයි ඉඩමත් මගේ නෙවෙයි, මම මාස තුනක ඉඳලා අංශභාගය හැදී ප‍්‍රතිකාර ලබමින් ඉන්නේ, මට ගන්න බෑ කියලා.

එවිට සුමිත් නැමති නිලධාරියා, ආ මම ගන්නම් කියා මුට්ටිය ඔහු ඔලූව උඩ තියාගෙන ගියා. මට යමු කිව්වා පොලීසියට. මම කිව්වා මේක පුදුම කරදරයක්නේ, මේ සුනිල් කියන මිනිහා අවුරුදු ගාණක ඉඳලා ඉඩම් නඩුවක් කියනවා. හැමදාම මොනවා හරි කරලා මට කරදර කරනවා. 

එවිට නිලධාරියෙක් අපිට  ඕවා වැඩක් නෑ, මහේස්ත‍්‍රාත්ට කියලා බේර ගන්න කිව්වා. 

මෙයා අසනීපෙන් ඉන්න නිසා ගෙදර කව්රු හරි පොලීසියට එන්න, ඉක්මණින් ඇපයක් දෙන්නම් කිව්වා. 

මාව පොලීසියට අරගෙන යනකොට මම කිව්වා රසිකයි සුනිලූයි එකතු වෙලා මේවා කරන්නේ, නිකම් ඉන්න මට කරදර කරන්නේ, මහත්තයලා හොයලා බලන්නෙ නෑනේ, එවිට එම නිලධාරීන් රසික කොහෙද ඉන්නේ, ඌට වරෙන්තුවක් තියෙනවා, මම කිව්වා ඔතන ඉඩමේ වැඩ ඇති කියලා. 

එසේ යන විට සුනිල්ගේ අයියා සෝමදාසත් රසිකත් සිටියා. මා ඔවුන්ට රසිකව පෙන්නුවා. උඹට වරෙන්තුවක් තියෙනවා පොලීසියට එන්න කිව්වා. එවිට රසික දැන් එන්න බෑ සවස 4.00 ට එන්නම් කිව්වා. සුනිල්ගේ අයියා හවසට එක්ක එන්නම් කිව්වා. එවිට සුනිල් ඇවිල්ලා රසිකට කිව්වා ගෙදර බීම බෝතලයක් ඇති මහත්තයලට දෙන්න අරන් එන්න කිව්වා. රසික එය ගෙන ආවා. ඔවුන් එ්ක බීලා මටත් බොන්න කිව්වා. මම ප‍්‍රතික්ෂේප කළා.

මාව පොලීසියට ගෙන ගියා. එ් වෙලාවේම මගේ අක්කගේ දුවයි බෑනයි ආවා. මගෙන් නම ගම ලිපිනය ලියාගෙන අත්සනක් ගත්තා. මගෙන් ඇහුවා, මේ භාජනත් එක්ක දැම්මොත් දඩය වැඩියි, මේවා දාන්නද කසිප්පු බෝතලයක් දාන්නද? මම කිව්වා  ඕවා මගේ නෙවෙයි, ඇයි මට නඩු දාන්නේ කියා. එවිට එම නිලධාරියා කිව්වා එ්ක උසාවියෙන් බලාගන්න 2016 සැප්තැම්බර් 23 උසාවි එන්න කසිප්පු බෝතලයක් දැම්මා කියලා.

මම 2016.09.17 වන දිනම ක`ඵතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ගියා. එම අවස්ථාවේ එම නිලධාරියා නොසිටි බැවින් මාව සහකාර පොලිස් අධිකාරී කපිල පේ‍්‍රමදාස මහතා වෙත යොමු කළා. එ් මහතා මගේ විස්තරය අසා මතුගම එ්.එස්.පී. මහත්තයට දෙන්න කියලා ලියුමක් දුන්නා. පසුව මම එ් ලිපිය මතුගම එ්.එස්.පී. මහත්තයට දුන්නා. 

මතුගම එ්.එස්.පී. මහත්තයා සිද්ධිය විමසා බදුරලිය පොලීසියේ ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ගෙන, මේ මනුස්සයට අසාධාරණයක් වෙලා තියෙන්නේ, මේ කියන කතා අනුව මෙයාගේ නොවෙයි මේවා, මේ විදියට නඩු දැම්මොත් තමුන්ටත් මටත් විතරක් නෙවෙයි මුලූ පොලිස් දෙපාර්තමේන්තුවටම හෙන ගහනවා, යනුවෙන ප‍්‍රකාශ කළා.

මට ගිහින් ස්ථානාධිපති බදුරලිය හමුවන ලෙසට දැණමු දුන්නා. මම බදුරලිය පොලිස් ස්ථානයට ගියා. ස්ථානාධිපතිවරයා හිටියේ නැහැ. 

පසුදින එනම් 2016.09.18 දින ස්ථානාධිපතිවරයා හමුවුණා. දැන් මුකුත් කරන්න බැහැ. නඩුව ලියලා තියෙන්නේ, මට තියා පොලිස්පතිතුමා ආවත් දැන් නඩුව අයින් කරන්න බැහැ.  ඕන නම් වෙනත් දිනයක් දෙන්නම්. 2016.09.22 වන දින ඇවිත් බලනවා. මම හිටියේ නැත්නම් යුරේනිකා මිස්ව හමුවන්න කිව්වා.

එ් අනුව මා 2016.09.22 සවස බදුරලිය පොලීසියට ඇවිත් යුරේනිකා මිස්ව හමුවුණා. ඇය කිව්වා නඩුව දාලා තියෙන්නේ, පෙර වැරැුද්දකුත් තියෙනවා. මම කිව්වා එ්කත් මේ විදියටම දාපු බොරු නඩුවක්. මම එ්කට නිවැරදිකාරයා කියන්න කිව්වම නීතිඥ ගීතානි මිස්නෙ කිව්වේ මට වාර 4 කට ගෙවන සල්ලි වලින් දඩය ගෙවලා නිදහස් වෙන්න කියලා.

එ් අනුව මා පසුදින එනම් 2016.09.23 වන දින අධිකරණයට ගියා. එහිදී මට විරුද්ධව නඩු අංක 33149/16 යටතේ නීති විරෝධී මත්පැන් බෝතලයක් තබාගත් බවට ව්‍යාජ චෝදන නගා තිබුණා. මම නිවැරදිකරු කිව්වා. මට රු: 7000/- මුදල් ඇපයක්ද රු: 50,000/- ක ශරීර ඇයක්ද නියම කළා. නැවත නඩුව 2016.10.14 වන දිනය.

මා තවදුරටත් ප‍්‍රකාශ කර සිටින්නේ, මේ ආකාරයට පොලීසිය මට විරුද්ධව ව්‍යාජ නඩු පවරණු ලබන්නේ මාගේ නිවස අසල ඉඩමේ පදිංචි සුනිල් යන අය ඉඩම් නඩුවක් දැනට අවුරුදු 10 කට වැඩි කාලයක සිට කියන බවත් එම නඩුවට තීන්දුව මට වාසිවන ආකාරයට ලැබුණ බවත්, මේ වන විට එම නඩුව නැවත ඔහු විසින් ඇපිල් කර ඇති බවත් සුනිල් යන අය පොලීසිය සමග කිට්ටු සම්බ්නධයක් පවත්වන බවත් මට පීඩාවන ආකාරයට වරින් වර පොලීසිය ලවා ව්‍යාජ නඩු පවරා පීඩාවට පත්කරන බවය.

මා ඉල්ලා සිටින්නේ,

නීති විරෝධී ලෙස මා අත්අඩංගුවට ගෙන ව්‍යාජ නඩු පැවරීමට කටයුතු කළ බදුරලිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුලූ අනිකුත් නලිධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත්, මා හට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය ආරක්ෂාව සලසා දෙන ලෙසත්ය.

පතිරගේ ෙදාන් ජයතිලක







No comments:

Post a Comment