යාල ජාතික වනෝද්‍යානයෙන් මතුවුනු අවුරුදු 5000ක් පැරණි සත්ව ෆොසිල




යාල ජාතික වනෝද්‍යානය මේ දිනවල මුහුණපා ඇති දැඩි ජල හිඟයට පිලියමක් වශයෙන්, එහි ඇති කුඩා පොකුණු ගැඹුරු කිරීමේ ව්‍යාපෘතියක් දැන් ක්‍රියාත්මක වනවා. මෙහි එක් අදියරක් වසයෙන් යාල කළාප 1 (Yala Block 1) ප්‍රදේශයේ ඇති "වල්මල් කෙම" ලෙසින් හැඳින්වෙන ස්වභාවික ගල් පොකුණක් (natural rock pool) ගැඹුරු කිරීම අතරතුරේ දී වසර 5000ක් පමණ පැරණි සත්ව ෆොසිල විශාල ප්‍රමාණයක් හමුවී තිබෙනවා.

මෙම සොයා ගැණීමෙම් පසුව පුරා-ජීව විද්‍යාඥ කැළුම් මනමේන්ද්‍ර-ආරච්චි ගේ මග පෙන්වීම යටතේ කැළණිය විශ්වවිද්‍යාලයේ පස්චාත්-පුරාවිද්‍යා අධ්‍යයන ආයතනයේ සිසුන් එම ස්ථානයේ පුරාවිද්‍යා ගවේෂණ ආරම්භකොට ඇති අතර ඇතුන්, කුළුමීමන්, මුවන්, ඉදිබුවන් ආදී වනසතුන් විශාල ප්‍රමාණයක ඇටකටු හමුවී තිබෙනවා. 

තණමල්විල ගල් පොකුණ
මීට වසර දහස්ගණනකට පෙර නියං සමයන්හිදී මෙහි දියබීමට පැමිණ මඩෙහි එරී මියගිය සතුන්ගේ ඇටකටු බව පර්යේෂකයින් පවසනවා.

මීට පෙරද තණමල්විල ප්‍රදේශයේ ගල් පොකුණකින් ට්‍රක් රථ 4ක් ඉන් ගෙනයා යුතු තරමේ සත්ව ඇටකටු හමුවූ බව පවසන කැලුම්-මනමේන්ද්‍ර මහතා, එහි තිබූ ඇටකටු අතර ඇතුන් 100කගේ, කුළුමීමුන් 150කගේ, මුවන් 200කගේ, වල්-ඌරන් 150කගේ හා ගෝනුන් 50දෙනෙකුගේ අස්ථි හමුවී තිබෙනවා.


__________________________________________________________________________
      Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments