Saturday, October 1, 2016

සිංහල සිනමා අංශභාගයෙන් මිදීම හෙවත් මායා





පසුගිය සතියේ නයියාගේ plan එක තිබ්බේ මෝටර්බයිසිකල් බලන්නට යන්න උනත් මෝටර්සයිකලේට පොල්ලක් තියන්න උනේ ඒක බලනවනම් ගාල්ලටම යන්න වෙන නිසායි.නයි කෑල්ල නයි හාමිනේ බවට පත් උනත් හරි ෆිලුමක් බලන්නට ගියේම නැති නිසා මායා බලල හරි වැඩේ shape කරගන්න හිතුන.මායා කියන්නේ Kanchana කියන දෙමළ ෆිලුමෙ remake එකක් කියල දැන ගන්න ලැබුනු නිසා බලන්න යන්න එතරම් ආසාවක් තිබුනෙත් නෑ.මොකද ඔය දෙමළ main stream template එක මට දිරවන්නේ නැති නිසා.මීට කලින් ඩොනල්ඩ් විසින්ම කරපු remake එකක් වෙන ප්‍රවේගයෙත් වැඩේ හරියට ගොඩ දාගෙන තිබුනෙ නෑ.ඒකේ හේමාල් සිනමා තරුවක් විදියට කරලියට ඒමේ  නැවුම් බවත් ජැකාගේ ජවසම්පන්න නැවත පැමිනීමත් හැරුනාම වෙන දෙයක් තිබුනෙ නෑති තරම්.Fight ටික නම් සැලකිය යුතු මට්ටමකට ගොඩ දාගෙන තිබුනා.නමුත් overall ගත්තාම ප්‍රවේගය සාර්ථක නිර්මාණයක් නෙවි කියල තිබූ හැගීම මායා වසාගෙනත් මගේ හිතේ පැතිරිලා තිබුණා.ඒ වුනත් වෙන කරන්න දෙයක් නොතිබ්බ හින්දා දෙන්නත් එක්ක ගියා අම්බලන්ගොඩ රීගල් එකට.

Film hall එකේ ගේට්ටුවෙන් ඇතුල් වෙද්දිම අම්මටසිරි කියල නයියට කියවුනා.රීගල් එකේ tickets ගන්න පෝලිමක්.පසුගිය වසර කිහිපය පුරාවටම අම්බලන්ගොඩ රීගල් එකේ tickets ගන්න පෝලිමක් නයියා ඔය දැක්කමයි.ඒ සෙනග ගොඩේ තරම වැටහුනේ film එක පටන් අරන් විනාඩි 10ක් 15ක් යනකොට මුලු බැල්කනි එකම පිරෙන තරමට සෙනග පැමිණිලා අවසන් නිසා.පසුගිය වසර 7,8 පුරාම නයියා මේ hall එකට ගොඩ වුනු අවස්ථාවලදී බැල්කනිය පිරෙන්න සෙනග හිටියේ සෝමරත්න දිසානායක උන්නැහේගෙ films ව්ලට විතරයි.ඒකත් ඉතින් උනේ ඉස්කෝලවලින් එතුමගෙ films බලන්න ළමයි දක්කන් ආපු නිසා.නමුත් මායාට ආපු සෙනග එහෙම දක්කන් අපු සෙනගක් නොවෙයි.අනික ඒ සෙනග අතරෙ පොඩි ළමයි හිටියෙ නැති තරම්.මෙතරම් ජනතාවක් ගෙන්න ගන්න තරම් මායාට හැකිවෙන්නේ ඇයි. වැඩේ qualityට තියනවද? නැත්නම් අපේ රන්ජන් උන්නැහේගේ ඉස්සර පෝලිමට ආපු ගොන් පාට් තියන films වලට ආසා කරන සැට් එකකින්ද මේ hall එක පිරිල තියෙන්නේ ? . මගේ හිත මගෙන්ම ප්‍රශ්න කලා.

ත්‍රාසය හා සිනහව නොඅඩුව මුසු වුනු අපූරු චිත්‍රපටයක් අප ඉදිරියේ දිගහැරුනේ ඉන් පසුවයි.ලංකාවේ පහුගිය කාලය පුරාම අනාගත්ත තැන තමයි comedy.ගොඩක් films වලට බලෙන් comedy ඔබ්බන්න ගිහින් තිබ්බේ දැන් සිටින විකට නලුවන් කිහිපයක් යොදාගෙන දෙපිට කැපෙන වචන කන්දරාවක් කියල.ඒ කිසි දෙයක් සාර්ථක වුනු උත්සහයන් නෙවී.මිනිස්සු කිති කවාගත්තත් ඒවාට හිනා ගියේ නෑ.නමුත් මායාහි ප්‍රධාන නලු නිලියන් සියල්ල එකතුව මැවූ සිනහව මුලු ප්‍රේක්ෂකාගාරය පුරා ලෝබකමක් නැතුව පැතිරිලා ගියා.ගෙදරට අරක්ගත් යක්ෂ ආත්මය එලවා දමන්න අම්මයි,ලේලියි කරන උත්සහයට comedy එක් කරල තිබ්බා වැඩියි කියල හිතෙන්වා.ඒකේ comedy අඩු වෙලා horror තව වැඩිවෙන්නයි තිබුනෙ .Horror concept එක ලංකාවේ films පසුගිය කාලෙටම වල භාවිතයට නොගත්ත පැත්තක්.ඒ අභියෝගයට අත තියන්න කිසි කෙනෙක් ඉදිරිපත් නොවෙද්දී මායාහී නිර්මාණකරුවන් ඒ අභියෝගය හොදින්ම ජය අරගෙන තිබුනා.අපිව බයෙන් සලිත කරවන ශබ්ධ, රූපරාමු ,වේගවත්කැමරා හැසිරවීම් සමග හොදින් මුසුවෙලා තිබුනා.ඒක සින්හල film එකකින් කවදාවත් බලාපොරොත්තු උනේ නැති දක්ෂතාවක්.චිත්‍රපටයෙ සන්ගීතය එහි ඇති හොල්මන් අවතාර ගුනයටත් විකට රසයටත් හොද සාධාරණයක් එක් කරනවා.ප්‍රවේගයේදී ඩොනල්ඩ් සන්ගීතය පැත්තෙන් අනාගෙන තිබුනත් මායාට එද්දී ඒ අඩුව වෙන්න දීලා නෑ.සින්දු දෙකකට විතරක් සීමා වීම හොද දෙයක්.නැතිනම් film එක තවත් දික් වෙලා වාතයක් වෙන්න තිබ්බා.

රන්ගනය දෙසට හැරුණොත් චිත්‍රපටය පුරාම අනසක පතුරුවන කෙනා පුබුදු.චරිත කිහිපයක් හරහා මාරු වෙමින් අති විශිෂ්ඨ රන්ගනයක යෙදෙන ඔහු අපේ අධ්‍යක්ෂවරුන්ට පණිවිඩයක් දෙනවා ඔවුන් තමන්ගෙන් වැඩ අරගෙන නෑ කියලා මෙතෙක් කල්.ප්‍රේක්ෂකයන් කුල්මත් කරන ඔහුගේ ප්‍රතිභාව main stream film එකක් තුලදී  මෙන්ම alternative stream වලදීත් අපිට ඉදිරියේදී දැකගන්න ලැබේවායි කියලයි නයියාගෙ ප්‍රාර්ථනය.පුබුදුට දෙවෙනි නොවන අපේ රන්ජාත් මෙතෙක් අපි නොදුටු දක්ෂතාවක් මෙහිදී අපිට පෙන්වනවා.පසු ගිය කාලය පුරා රන්ජා තමන් විසින්ම වියා ගත්ත දැලක පැටලිලා රන්ගනයෙන් නාස්ති වෙමින් හිටියා කියලයි නයියට දැනුනෙ.පසු ගියකාලෙ ඔහු රගපෑ චරිත දිහා බැලුවම ඒවාය ඔහු කරපු දෙයක් තිබුනේ නෑ. මෝඩ ජෝක් ටිකක් හා fight ටිකක් විතරමයි තිබුනේ.නමුත් මායා වලින් රන්ජන් නැවතත් ඉපදෙනවා.ඒ සන්ක්‍රාන්ති ලිංගිකයෙක් වශයෙන්.ඩොනල්ඩ් මේ චරිතය තුලින් කවදාවත් අපි නොහිතපු ප්‍රජාවක් වෙත අපේ අවධානය යොමු කරනවා.මෙතෙක් කල් සමාජයේ ගර්හාවටත් උපහාසයටත් ලක්වුනු සන්ක්‍රාන්ති ලින්ගිකයින් කියන්නේ විහිලුවක් නොවන බවට ඔහු අපිට පසක් කරනවා.ත්‍රාසය, භීතිය හා සිනහව පිරුණු චිත්‍රපටියක් මැද්දට ඔහු ගේන එන ඒ සන්වේදී මිනිත්තු කිහිපය හරිම වැධගත්.ඒක අපිට නැවත හිතන්න, වෙනස් වෙන්න බල කරනවා.

ඉතින් ඔය සාර්ථක ලක්ෂණ වලින් සපිරි මායා නිමවෙන්නේ සමස්ථ ප්‍රේක්ෂකාගාරයම සතුටු කරමින්.මන් ඉස්සෙල්ල කිව්වත් වගේ මේ මන් කැමති වර්ගයේ කථාවක් නෙවී.නමුත් මායා පහු ගිය කාලය පුරාම සිංහල චිත්‍රපටිවලට වැලදිලා තිබ්බ අංශභාග රෝගය හොදින්ම ජය ගන්නවා.ඒ අංශභාගය තමයි කථන්දරයක් හරියට ගොතන් කියලා ඉවර කරන්න බැරිවීමේ අන්ශභාගය.මේ රෝගය පහු ගිය කාලයේ බලපු 90%ක්ම films වල තිබ්බ දෙයක්.කථාව පටන් අරන් හොද මට්ටමක ගිහින් අන්තිමට ඉවරවෙද්දී මොකක්දෝ මහා හිස් බවක්, අඩුවක් හිතට දැනෙන එක තම්යි සින්හල films වල අනන්‍යතාවය.ඒක නිසා තම්යි ගොඩක් films බලලා hall එකෙන් එලියට එද්දී හිතෙන්නේ වැයකරපු කාලයයි සල්ලියි අපරාදෙ කියලා. කථන්දරේ හරියට කියල ඉවර කරගන්න බැරි ලෙඩේ නිසාම තමයි සිංහල චිත්‍රපටි කරා මිනිස්සු අද්දගන්න බැරිවෙන්නේ. සහබාගී වුනු සියලුම නලු නිලියන් හොදින්ම රගපෑ චිත්‍රපටයක් ලෙස නයියා හදුනාගත් ජැකාගේ ඇඩ්‍රස් නෑ වලත් මේ අනශභාගෙට ගොදුරු වෙලා තිබුණා.ඒ තරම් දක්ෂ රන්ගනයන් ගොඩක් තුල පැය දෙකක් ජීවත් වුනු ප්‍රේක්ෂකයන්ව, ජැකා අන්තිමට අනාථ කලා මෙලෝ වැඩකට නැති අවසානයකින්.නමුත් මායා ඒ රෝගයෙන් හොදින්ම මිදිලා තිබුනා.ඒකට හොදම සාක්ෂිය තමයි මායාට ඇති ඉල්ලුම.බොහෝ ශාලා වල අමතර දර්ශ්න වාරයකුත් ඇතැම් ශාලාවල රාත්‍රී 10.30 දර්ශනේකුත් අන්තර්ගතවීම, මේ කථන්දරේ නිසි ලෙස කීමේ ප්‍රතිපල.

කොහොමත් පසුගිය අවුරුද්දක කාලය තුල ආපු ඇඩ්‍රස් නෑ,හෝ ගානා පොකුන,ඇගේ ඇස අග, මායා හා මෝටර්බයිසිකල් කියන චිත්‍රපටි අපේ සිනමාවෙන් මග ඇරිලා ගිය වර්නයන් නැවත එක් කිරීමට සමත් වුනු බව හොදින්ම පේන්න තියන්වා.ඉතිහාස කතා ගොඩකට යටවෙලා එලිය එන්න බැරුව කුණු වෙවී පිලුණු වෙමින් තිබ්බ සිනමාව නැවත පාටවෙලා සින්දු කියන , හිනාවෙන, ගහගන්න තැනක් බවට පත්වීම ඉතා හොද දෙයක්.ලන්කාවේ වසරකට තිරගත වන films ප්‍රමාණයත් එක්ක බැලුවාම විකල්ප ධාරාවේ සින්මා කෘති වැඩි වීම එක් කාලයක දකින්න ලැබුනු දෙයක්.ඒක කාලාත්මක් වශයෙන් හොද උනත් සිනමාවේ වාණිජ අරමුණු සාක්ශාත් කරන්න ඒවාට බෑ.ඒ නිසා මායා වගෙ චිත්‍රපටි වැඩි වශයෙන් ශාලා වල තිරගත වෙන්න ඕනි.ඒ අතරට ඇගේ ඇස අග වැනි චිත්‍රපටි එන්න ඕනි.ප්‍රධාන ධාරාවේ සාර්ථක ආදායම් මැවිය හැකි චිත්‍රපටි ගොඩක් බිහි වෙනව නම් තමයි සිනමාව ලස්සන වෙන්නේ හා විකල්ප ධාරාවට ආලෝකයක් ලැබෙනේ.අනික ලන්කාවේ අදායම් අතින් සාර්ථක වෙන film එකක් තිරගත වෙන කාලය ඉතා වැඩියි මට හිතෙන ව්දියට.එහෙම සාර්ථක වෙන ගොඩක් ඒවා මාස 3කටත් වැඩි කාලයක් දුවනවා. ඒකෙන් වෙන්නේ සිනමා රසිකයෙකුට මාස 3 ක්ම යනකල් බලන්න වෙන්නේ එක film එකක් විතරයි. එය රසිකත්වයට කෙරෙන අසාධාරණයක් වගේම නිර්මාණකරුවන්ට වෙන ඉඩ අහුරා ලීමක්.ඒකට හොදම උදාහරණය තමයි චමීරගේ මෝටර්බයිසිකල්. අවුරුදු 3කටත් වැඩි කාලයක් පෝලිමේ ඉදලා තමයි ශාලාවට ආවේ.මේ නිසා ගොඩක් නිරමාණකරුවන්ට නිරමානයක් කරන්න එපා වෙනවා.නිෂ්පාදකවරු film එකකට සල්ලි දාන්න පැකිලෙනවා, මොකද එක කවදා පෙන්නගන්න ලැබෙයිද කියන අවිශ්වාසය නිසා.මේ නිසා කොයි තරම් සාර්ථක film එකක් උනත් ඒක දවස් 50කට එහා නොදුව හිටියා නම් තමයි හොද.එවිට තමයි සිනමාව විවිධ නිර්මාණ වලින් පිරී යන්නේ සහ ප්‍රේක්ශකයොන්ට  සිනමා ශාලාවට නිතර නිතර එන්න ලැබෙන්නේ.ඒ හරහා අලුත් විදියට හිතන හොද දේවල් කරන්න පොපියමින් බලන් ඉන්න නිර්මාණ කරුවන්ට උත්තේජනයක් ලැබෙනවා වහා වහා තමන්ගේ දක්ෂතා එලියට දමමින් ඔප්නන්වාගන්න.

2 comments:

  1. ෆිල්ම් එක හොඳයි වගේ එහෙනං, මමත් ටැමිල් ස්ටයිල් ෆිල්ම්වලට එච්චර කැමති නෑ. ඒත්, එහෙම දෙයක් හරි හරියට කරල සිංහල සිනමාව ගොඩයනවනං ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ...සාර්ථක remake කරන එක ලේසි දෙයක් නෙවි.කොපියක් උනත් සිරාවට කරන්න පුලුවන්නම් ලොකු දෙයක්

      Delete