Friday, September 30, 2016

07 - ඇමරිකාවේ නිපදවන සහල් ආසියාවටත් අපනයනය කරන බව දැනසිටියාද? (American Rice Industry)

සහල් ගැන කියුවොත් අපිට මතකයට එන්නේ ලංකාව, දකුණු ආසියාව හා අග්නිදිග ආසියාතික රටවල නිපදවන ප්‍රධානතම ධාන්‍ය වර්ගයක් ලෙසටයි. ලංකාව ඇතුළු රටවල් ගණනක ප්‍රධාන ආහාරය ලෙසද සැලකෙන සහල් ගෞරවනීයත්වයෙන් යුතුව පවා සලකන ආහාරමය ද්‍රව්‍යයක් ලෙසට පැවසුවත් කවුරුත් ඒ ගැන තර්කකරණ එකක් නැහැ. ඒ තරමටම සහල්, එය නිපදවන වී, ගොයම්, කුඹූරු යනාදී සියල්ලටම පුරාණයේ පටන් ලංකාව ඇතුළු රටවල් ගණනක ඉමහත් භක්තිආදරයකට ලක්වූ දෙයක්. කෙසේවෙතත් ඇමරිකාවේ කැලිෆෝනියාවේ සහල් නිපදවන බව දැක්ක විට විමතියටද පත්වූවා. එසේම ඇමරිකාවේ සහල් පරිභෝජනය අඩු මට්ටමක පැවතීමත්,එරට ආහාර රටාව තුල සහල් වලින් නිපදවන බත් ප්‍රමුඛ ආහාරවලට ඇති ඉල්ලුමෙහි ඇති අඩුවත් නිසා ඇමරිකාවේ නිපදවන සහල් විශාල වශයෙන් අපනයනය සදහා තමයි යෙදවෙන්නේ. ඊට අමතරව කිවයුතුම කාරණයක් වන්නේ මෙම සහල් වැඩියෙන් අපනයනය කරන්නේද, ලෝකයේ වැඩියෙන්ම සහල් නිපදවන ආසියාකරයටම වීම හිතාගන්නටත් බැරි කරුණක්.

කෙසේනමුත් දියුණු ඇමරිකානු තාක්‍ෂනයද යොදාගෙන ඇමරිකානු ගොවීන් සහ ගෙවිලියන්ගේ හාල් හැදීම මෙතනින් බලමු.

05 - පැන්සල්, පාට පැන්සල්, මකන කෑලි, පැස්ටල්, පැන්සල් කටර්, බෝල් පොයින්ට් පෑන් සහ පැන්සල් තැනීමට ගන්නා මිනිරන් ඒ වෙනුවෙන් සකස් කරන ආකාරය බලමු...

No comments:

Post a Comment