තේරෙන සිංහලෙන් EBAY (SELLING ) - I



තේරෙන සිංහලෙන් EBAY (SELLING ) - I


ඔන්න එහෙනම් exam එහෙම ඉවර වෙලා හා හා පුරා කියලා බ්ලොග් එක පැත්තේ ආවා අලුතෙන් මොනව හරි කියල දෙන්න කියලා . දන්න පොඩි දේ හරි අනිත් අයට කියල දෙන එක ලොකු පිනක් කියනවනේ .

ලංකාවේ ගොඩාක් අය දැන් පුරුදුවෙලා ඉන්නේ ගොඩක් දේවල් බ්ලොග් වලින්ම කියවලා කරන්න . මොකද බ්ලොග්ස් වල අපේම එකෙක් අපේම බශාවකින් සරලව හැමදේම පැහැදිලි කරන නිසා . ඔන්න ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අද ඉදන් ebay ගැන අපි දන්නා දේවල් ඔයාලට තේරෙන විදිහකට කියල දෙන්න .

අද කියල දෙන්න කියල ආවට අදට මම ebay එකේ පසුබිම විතරක් පැහැදිලි කරන්නම් .

ebay කියන්නේ මොකද්ද?
ebay කියන්නේ අන්තර්ජාලයේ තියෙන කඩයක් . ඇත්තටම කිවොත් මේක අපි හැමෝටම අයිති ලොකුම ලොකු කඩයක් . උවමනාවක් තියනවනම් හැම කෙනෙකුටම සල්ලි හොයන්න පුළුවන් . ඔයාගේ කඩ කෑල්ලට එන මනුස්සයාට ඒක විකුණගන්න එක ඔයාගේ වැඩක් . එත් මේ කඩේට අපිට ඇති පදම් මිනිස්සු ebay එකේ ය ගෙන්නලා දෙනවා .

ඇත්තටම ebay එකෙන් සල්ලි හොයන්න පුලුවන්ද ?
ඔව් . ඇත්තම කිවොත් අපේ කොල්ලෝ කෙල්ලෝ හරි ආසයිනේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න . අනේ ඉතින් දවස තිස්සෙම ad click කර කර ඉන්නවට වඩානම් මේක සෑහෙන්න සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් . ඔයා මාසයක් විතර ad click කරලා හම්බ කරන ගාන මේකෙන් එක item එකක් විකුණලා හොයන්න පුළුවන්.

දවසකට කොච්චර වෙලා වැඩ කරන්න ඕනද?
ඇත්තටම ebay කියන්නේ අපි ගිහින් වැඩ කරන කඩයක් නෙමෙයි . අපිට කරන්න තියෙන්නේ කඩේ ඉස්සරහින් බෝඩ් එකක් ගහන එක විතරයි. ඒ කියන්නේ මෙහෙමයි. ඔය විකුනන්නේ පන්සලක්නම් ඔය කඩේ ඉස්සරහින් බෝඩ් එකක් ගහනවා මගේ ගාව පන්සල් තියනවා $1 ගානේ . කැමති කෙනෙක් ඉන්නවනම් ගන්න කියල . ( උදාහරණයක් කීවේ ). ඒ නිසා ඔයාට උපරිම දවසකට පැයක්වත් මේකේ රැදිලා ඉන්නේ නැතුව සල්ලි හොයන්න පුළුවන් .

ebay වල හොර බොරු වංචා එහෙම තියනවද?
කවුරු හරි කෙනෙක් හොරයක් බොරුවක් කරලා කාගෙන් හරි සල්ලි ටිකක් කඩාගන්න ebay පැත්තේ යන්න ඉන්නවනම් ඒ අදහස අතහැර ගත්තොත් තම හොද . මොකද ebay කියන්නේ ඉතාමත් අනර්ග තත්වයේ විශ්වාසයකින් වැඩ කරන තැනක් . ebay එකේ නීති තියනවා. ඒවා පස්සේ කියල දෙන්නම්කො.. දැනට මතක තියාගන්න එබය් ගිහින් හොර බොරු කරන්න බෑ කියල . එහෙම කලොත් සමහර විට එයට අයෙමත් කවදාවත් ebay ගනුදෙනු කරන්න බැරි වේවි .

ඔච්චර හොදනම් ඇයි ගොඩක් අය ebay එකේ භාණ්ඩ විකුනන්නේ නැත්තේ?
මටත් තේරෙන්නේ නැති දෙයක් තමයි ඒක නම් . මම හිතන විදිහටනම් මේක ලංකාවේ මිනිස්සුන්ගේ කම්මැලි කමත් එක්ක එන ප්‍රශ්නයක් . මොකද ebay එකේ භාණ්ඩයක් විකුණගන්න කලින් කරන්න වැඩ කොටසක් තියනවා. පොඩි පොඩි වැඩ. card එකක් හදාගන්න. ebay acc එකක් හදාගන්න වගේ ඒවා . ඒවටත් කම්මලිනම් වැඩේ අත්හැරලා දාන්න. තවත් සමහර අය බයයි . කිසිම හේතුවක් නැහැ බයවෙන්න . මේක කොහෙවත් තහනම් දෙයක් නෙමෙයි . එත් ebay එක ඇතුලෙදි සමහර භාණ්ඩ විකුනන්න අපට අයිතියක් නැතිවෙන්න පුළුවන්.

සල්ලි ගත්ත අය ලංකාවේ ඉන්නවද?
අපෝ ඔව් ඕන තරම් ඉන්නවා . උදාහරණයක් විදිහට මම . හි හි .. මෙහෙමයි . paypal acc එකක් හරහා තමයි අපි සාමාන්‍යයෙන් ebay ගනුදෙනු කරන්නේ . මොකද්දෝ මන්ද හුට්ටප්පරයක් හින්ද paypal එකේ තියන සල්ලි ලංකාවේ අපිට withdraw කරන්න බැහැ බැංකු වලින්. එත් එඉකටත් ක්‍රම තියනවා . උදා : අපි $ ස් ඕන කෙනෙකුට paypal එකෙන් සල්ලි trasfer කරලා එයාගෙන් LKR ඉල්ලගන්නවා . ඕවා එච්චර හිතන්න දේවල් නෙමේ .

පැයක් එක දිගට වැඩ කලොත් කියක් විතර හම්බ කරන්න පුලුවන්ද?
එහෙම හම්බ කරන්න මේක ත්‍රි විල් එකක් නෙමෙයි . මේක කඩයක්. ගොඩක් මිනිස්සු ගැවසෙන ලොකු කඩයක්. ඔයාගේ marketing දැනුම සහ ඔයා විකුණන භාණ්ඩ වලට පරිබෝගිකයාගේ තියන කැමැත්ත අනුව ඔයාට හම්බ කරන්න පුළුවන් ගැන වෙනස් වෙනවා .

අලාබ වෙන වෙලාවල් තියනවද?
කඩයක් කරනවානම් ලාභ වගේම අලභාත් විද දරාගන්න වෙනවා . එත් මහා ලොකු අලාභ වෙන්නේ නෑ කියලනම් 1000% ක් sure. ඔයාගේ භාණ්ඩයට මිලක් නියම කරන්නේ ඔයා . ඒක මොලේ ඇතුව කලානම් ඇල්බ වෙන්නේ නෑ කවදාවත්ම .

මම ලග විකුණගන්න දෙයක් නෑනේ .

හි හි .. ඔය ලග විකුනන්න මොකුත් තියෙන්නම ඕන නෑ . වෙන මිනිස්සුන්ගේ ඒවත් අපිට අපේ වගේ විකුණගන්න පුළුවන් විදි තියනවා . ඒවා හිමිට කියල දෙන්නම්කො..

අපේ බ්ලොග් එක කියවල කවුරු හරි ebay එකේ වැඩකාරයෙක් වෙනවනම් ඒක තමයි අපේ සතුට .
තව ප්‍රශ්න මොනවහරි තියනවනම් අහන්න. ලිපිය හොදයි කියල හිතෙනවනම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා . හදිස්සි වෙන්න හදන්න එපා ebay එකේ බදු විකුනන්න . මොකද ලෝභ කම වැඩි උනොත් වැඩි දුරක් යාගන්න බැරි වේවි.

අපේ ඊලග ebay ලිපියත් අරගෙන මම ඉක්මනටම එන්නම් අයෙමත් කස්ටිය හොයාගෙන. එහෙනම් හැමෝටම good luck!

Previous
Next Post »

2 comments (අදහස්)

Click here for comments (අදහස්)


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon