වොලිබෝල් ශූරතාවය බස්නාහිරට

445
Western Province bags men’s & women’s volleyball championships

42වැනි ජාතික ක්‍රීඩා උළෙලේ වොලිබෝල් ක්‍රීඩා ඉසව්වන්හි, පිරිමි සහ කාන්තා අංශයන් ද්විත්වයේම ශූරතාවය දිනා ගැනීමට බස්නාහිර පලාත් ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ සමත් වූහ. අවසන් මහා තරගය ඊයේ (29) පොලොන්නරුව ගල්ලෑල්ල ගෘහස්ත ක්‍රීඩා පිටියේදි පැවැත්විය.

පසුගිය ලිපි: ආරක්ෂක සේවා තරගාවලියේ සිව්වැනි තැන ලංකාවට

අවසන් මහා තරගය (පිරිමි)

සබරගමුව පලාත් කණ්ඩායම තරගවට 3-1 ලෙස පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට බස්නාහිර පලාත් ක්‍රීඩකයෝ සමත් වූහ.

බස්නාහිර පලාත් ක්‍රීඩකයෝ, උතුරු මැද පලාත් ක්‍රීඩකයින් තරගවට 3-0 ලෙසින් (25-15, 25-21 සහ 25-21) පරාජය කරමින් ද සබරගමුව ක්‍රීඩකයින් විසින් වයඹ ක්‍රීඩකයින් ද 3-0 (27-25, 27-25 සහ 25-17) ලෙස පරාජය කරමින් අවසන් වටයට අසුන් වෙන් කර ගන්නා ලදි.

තරගාරම්භයේ සිටම දක්ෂ ක්‍රීඩා රටාවක් දියත් කල බස්නාහිර පලාත් ක්‍රීඩකයෝ ප්‍රථම වටය නිමා වන විට 25-16 ලෙසින් පෙරමුණ ගැනීමට සමත් විය.

දෙවන අර්ධයේදි තරමක් ආක්‍රමණශීලීව ක්‍රීඩා කල සබරගමුව ක්‍රීඩකයෝ 22-25 ලෙස එම වටයේදි පෙරමුණ ගැනීමට සමත් වූවත් තෙවැනි සහ සිව්වැනි වටයන් වලදි බස්නාහිර පලාත් කණ්ඩායම පිලිවෙලින් 25-18 සහ 25-23 ලෙස ලකුණු ලබා ගනිමින් 3-1 ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සමත් වූහ.

අවසන් මහා තරගය (කාන්තා)

කාන්තා තරග ඉසව්වේදි ශූරතා කිරුළට තරග වැදුනේ බස්නාහිර පලාත් සහ වයඹ පලාත් කණ්ඩායම් ද්විත්වයයි. එහිදි 3-2 ලෙස ශූරතාවය ජය ගැනීමට බස්නාහිර පලාත් ක්‍රීඩිකාවෝ සමත් වූහ.

අවසන් මහා තරගාවලියට බස්නාහිර පලාත අසුන් වෙන්කර ගත්තේ දකුණු පලාත තරග වට 3-0 ලෙසින් (25-21, 25-12 සහ 25-16)  පරාජය කරමින්ද, වයඹ පලාත අසුන් වෙන්කරගත්තේ තරග වට 3-0 ලෙසින් (25-15, 25-14 සහ 25-16) සබරගමුව කණ්ඩායම පරාජය කරමිනි.

තරගය වට 5ක් දක්වා ඇදි ගිය තියුණු එකක් වු අතර ප්‍රථම වටයේදි පෙරමුණ ගැනීමට සමත් වූයේ බස්නාහිර පලාත් ක්‍රීඩිකාවන්ය. ඒ 26-24 ලෙසිනි. ඒ අයුරින්ම දෙවැනි වටයත් 25-23 ලෙසින් ජය ගත් බස්නාහිර පලාත් ක්‍රීඩිකාවන් ඉතිරි තරග වට දෙකේදි බස්නාහිර පලාතට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත් වූහ. ඒ තෙවැනි සහ සිව්වැනි වටයන් 23-25ක් සහ 15-25 ක් ලෙසින් ජයග්‍රහණය කරමිනි.

අවසාන වටය හෙවත් පස්වැනි වටය කණ්ඩායම් දෙකටම තීරණාත්ම තරග වටයක් වූ අතර එය 15-11 ලෙස අවසන් කරමින් බස්නාහිර පලාත් ක්‍රීඩිකාවෝ ශූරතාවය රැගෙන යෑමට සමත් විය.

තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගත්තේ සබරගමුව පලාත් ක්‍රීඩිකාවන් විසිනි. එහිදි ඔවුන් දකුණු පලාත් ක්‍රීඩිකාවන් තරග වට තුනකදි  25-21, 25-15 & 25-21 ලෙසින් පරාජය කිරීමට සමත් විය.

ලකුණු සටහන (පිරිමි)

අර්ධ අවසන් පූර්ව වටය (සුදුසුකම් ලබා ගැනීම් ඉසව්ව)

  • දකුණු පළාත (21-25, 25-21, 25-20 සහ 26-24) ඌව පළාත

අර්ධ අවසන් පූර්ව වටය

  • බස්නාහිර පළාත (25-10, 25-13 සහ 25-14) මධ්‍යම පළාත
  • උතුරු මැද පළාත (25-22, 25-20 සහ 25-22) දකුණු පළාත
  • වයඹ පළාත (25-15, 25-16 සහ 25-16) උතුරු පළාත
  • සබරගමුව පළාත (25-17, 25-17 සහ 25-23) නැගෙනහිර පළාත

ලකුණු සටහන (කාන්තා)

අර්ධ අවසන් පූර්ව වටය (සුදුසුකම් ලබා ගැනීම් ඉසව්ව)

  • සබරගමුව පළාත (25-13, 23-25, 28-26 සහ 25-23) නැගෙනහිර පළාත

අර්ධ අවසන් පූර්ව වටය

  • වයඹ පළාත (25-07, 25-12 සහ 25-13) ඌව පළාත
  • සබරගමුව පළාත (25-17, 25-23, 20-25 සහ 25-11) උතුරු මැද පළාත
  • දකුණු පළාත් (25-07, 25-16 සහ 25-06) උතුරු පළාත
  • බස්නාහිර පළාත (25-10, 25-05 සහ 25-09) මධ්‍යම පළාත

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට