සංගා – මහේල ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට

2105
Sangakkara and Mahela

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් දෙපලක් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන එළඹෙන 2016/17 බංගලාදේශ ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේදී ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම සමග එක්වීමට ගිවිසුම් අත්සන් කර තිබේ.

පසුගිය ලිපි: ටෙක්ස්චර්ඩ් ජර්සි කණ්ඩායමට අමතක නොවන දිනයක්

ඉහල මූල්‍ය වටිනාකමක් සහිත මෙම T – 20 තරගාවලිය නොවැම්බර් 4 වැනිදා බංගලාදේශයේ ඩකා නුවර දී ආරම්භ වන අතර මෙවර තරගාවලියට තරග 46ක් ඇතුලත් වෙයි. තරගාවලියේ අවසන් වටයේ තරග චිතගොං සහ ඩකා ක්‍රීඩාංගණ වලදී පැවැත්වීමට නියමිතයි. මාසයකට අධික කාලයක් පුරා පැවැත්වෙන මෙවර තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ දෙසැම්බර් මස 9 වැනිදායි.

2016/17 බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අනිද්දා (සැප්තැම්බර් 30) පැවැත්වීමට නියමිතව ඇත. කෙසේවෙතත් මෙම ක්‍රීඩක අලෙවියට පෙර තරගාවලි නීති රීති වලට අනුකූලව විදෙස් ක්‍රීඩකයන් 31 දෙනෙක්  මිලදී ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් පියවර ගෙන තිබේ. මෙම ක්‍රීඩකයින් 31 දෙනා හැර තවත් විදෙස් ක්‍රීඩකයින් 168 දෙනෙක් සහ බංගලාදේශ ක්‍රීඩකයින් 133 දෙනෙක් අනිද්දා (30) පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්ව සිටියි.

මේ වනවිටත් කණ්ඩායම් සමග කොන්ත්‍රාත්තු ගතවී ඇති ක්‍රීඩකයන් 31 දෙනා අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනෙක් ඇතුලත් වෙයි.

  • කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන (ඩකා ඩයිනමයිට්ස්)
  • තිසර පෙරේරා සහ නුවන් කුලසේකර (කොමිලා වික්ටෝරියන්ස්)
  • දිල්ශාන් මුණවීර (බරිසාල් බුල්ස්)
  • චතුරංග ද සිල්වා (චිතගොං වයිකිංග්ස්)
  • දසුන් ශානක (රංග්පූර් රයිඩර්ස්)

ක්‍රිස් ගේල්, ෂහිඩ් අෆ්රිඩී, අන්ද්‍රේ රසල්, ඩ්වෙයින් බ්‍රාවෝ, ඩැරන් සමී සහ ෂොයිබ් මලික් වැනි ප්‍රබල T – 20 ක්‍රීඩකයන්ද මේ වනවිටත් කණ්ඩායම් සමග එක්වූ ක්‍රීඩකයන් අතරට ඇතුලත්.

ක්‍රීඩක වෙන්දේසියට ඇතුලත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ මූලික ලංසු වටිනාකම් පහත දැක්වෙයි.

A කාණ්ඩය (ඇමරිකානු ඩොලර් 70,000)

  • සීක්කුගේ ප්‍රසන්න

B කාණ්ඩය (ඇමරිකානු ඩොලර් 50,000)

  • චාමර කපුගෙදර
  • උපුල් තරංග
  • සචිත්‍ර සේනානායක
  • කෞෂාල් සිල්වා

C කාණ්ඩය (ඇමරිකානු ඩොලර් 40,000)

  • ජීවන් මෙන්ඩිස්
  • මිලින්ද සිරිවර්ධන

D කාණ්ඩය (ඇමරිකානු ඩොලර් 30,000)

  • අජන්ත මෙන්ඩිස්
  • ලහිරු තිරිමාන්න
  • උදාර ජයසුන්දර
  • රමිත් රඹුක්වැල්ල
  • භානුක රාජපක්ෂ
  • ධනුෂ්ක ගුණතිලක
  • ගිහාන් රූපසිංහ
  • ඇන්ජලෝ පෙරේරා

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට