ගෙවුනු දවස සැප්තැම්බර් 27 – වෙන්නප්පුවෙන් ගෝල 05ක්

435
Sri Lanka Sports News Last Day

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

පාපන්දු –

ජෝසප් වාස් අවසන් පූර්ව වටයට

සිරි කුරුස විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර ඊයේ (27) පැවැත්වුනු කොත්මලේ චෝක්ස් පාසල් පාපන්දු ශූරතාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේදි, සිරි කුරුස විදුහල පරාජය කරමින් අර්ධ අවසන් වටයට පිවිසීමට සාන්ත ජෝසප් විදුහල් ක්‍රීඩකයින් සමත් විය.

  • ප්‍රථම අර්ධය – සාන්ත ජෝසප් වාස් විද්‍යාලය 01 : 00 සිරි කුරුස විද්‍යාලය
  • තරග අවසානය – ජෝසප් වාස් විද්‍යාලය 05 : 02 සිරි කුරුස විද්‍යාලය
  • ThePapare.com තරගයේ වීරයා – බිදුශාන් ප්‍රනාන්දු (ශා. ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව)

සම්පූර්ණ ලිපිය: ගෝල වර්ෂාවකින් ජෝසප් වාස් අවසන් පූර්ව වටයට


ක්‍රිකට් –

ලුම්බිණි නායකයාගෙන් 50ක්

ඊයේ (27) පැවති වයස අවුරුදු 19න් පහළ සිංගර් පාසල් ක්‍රිකට් තරග වාරයේ පළමු කාණ්ඩයේ තරග වලින් ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරන්නට ලුම්බිණි විද්‍යාලය සහ සාන්ත ඇන්තනි විද්‍යාලය සමත් විය. අද ක්‍රියාත්මක වූ මෙම කාණ්ඩයේ ඉතිරි තරග දෙක හෙට දෙවැනි දිනයටත් පැවැත්වීමට නියමිතයි.

ලුම්බිණි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 216 (පන්දුවාර 70.5): තානුක දාබරේ 50, චරිත් මිහිරංග 36, තරිඳු සංජීව 34, කණිෂ්ක මදුවන්ත 20, නිදුක වැලිකල 3/48.

මහානාම විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 198 (පන්දුවාර 68.2): කවිඳු මුණසිංහ 84, විහාන් මුදලිගේ 34, චලිත සුබසිංහ 20, මලිඳු මදුරංග 18, තානුක දාබරේ 4/53, විමුක්ති කුලතුංග 3/51.

ලුම්බිණි විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 155 (පන්දුවාර 38.1): රොවීන් පීරිස් 36, කවීන් පීරිස් 31, විනූ හේමාල් 21, තානුක දාබරේ 16, රවීෂ සත්සර 15, හෂාන් සන්දීප 3/17, විහාන් මුදලිගේ 3/21, නිදූක වැලිකල 2/29, පැතුම් බොතේජු 2/38.

ගුරුකුල විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 230 (පන්දුවාර 83.1): උදාර රවිඳු 80, අශින්ත මල්ෂාන් 47, දුමින්ද සුධාරක 34, ප්‍රවීන් නිමේෂ් 28, නුවන් චානක 20, නිදුක මල්සිත් 5/27, හරීන් බුද්ධිල 3/80.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 22 (පන්දුවාර 9): ගිම්හාන ආශිර්වාද 15.

සම්පූර්ණ ලිපිය: ලුම්බිණි, සාන්ත ඇන්තනි ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ වාර්තා කරයි

කාන්තාවෝ පන්දුවාර 20ට ලකුණු 59යි

2016 ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පැවති එකම විස්සයි විස්ස තරගය ඊයේ (27) කොළඹ එස්. එස්. සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය. මෙහිදී ක්‍රිස්ටීන් බිම්ස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම සහ අනෙකුත් ක්‍රීඩිකාවන්ගේ දක්ෂ තුන් ඉරියවු දස්කම් හමුවේ ඕස්ට්‍රේලියානු කන්තා කණ්ඩායම කඩුලු 10කින් තරගය ජය ගැනීමට සමත් විය.

  • ශ්‍රී ලංකා කණ්ඩායම – 59/8 (20): ලසන්ති මදුෂානිය 17, ඉනෝකා රණවීර 8*, ක්‍රිස්ටීන් බිම්ස් 3/11
  • ඕස්ට්‍රේලියානු කණ්ඩායම – 63/0 (8.1): එල්සි විලැනි 34 , බේත් මුනි 29
  • තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව: ක්‍රීඩිකාව ක්‍රිස්ටීන් බීම්ස්.

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා කාන්තාවන්ට අන්ත පරාජයක්

දවසේ නිමාව