ශ්‍රී ලංකා කාන්තාවන්ට අන්ත පරාජයක්

359
Sri Lanka vs Australia

2016 ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ පැවති එකම විස්සයි විස්ස තරගය අද (27) කොළඹ එස්. එස්. සී. ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නිමාවට පත්විය. මෙහිදී ක්‍රිස්ටීන් බිම්ස්ගේ විශිෂ්ඨ පන්දු යැවීම සහ අනෙකුත් ක්‍රීඩිකාවන්ගේ දක්ෂ තුන් ඉරියවු දස්කම් හමුවේ ඕස්ට්‍රේලියානු කන්තා කණ්ඩායම කඩුලු 10කින් තරගය ජය ගැනීමට සමත් විය.

පසුගිය ලිපි: අවසන් තරගයේ ජයත් ඕස්ට්‍රේලියානු කාන්තාවන්ට

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කන්තා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කරන ලදි. ආරම්භක පිතිකාරිනියන් ලෙස පිටියට පිවිසි හසිනි පෙරේරා සහ ලසන්ති මදුෂානි ක්‍රීඩිකාවන් දෙදෙනාගෙන්, ප්‍රථම කඩුල්ල ලෙස ලකුණු 3ක් ලබා සිටි හසිනි පෙරේරා දවා ගැනීමට එල්සි පේරි සමත් විය.

ඉණිමේ ලකුණු 10 සීමාව පසුකල එකම ක්‍රීඩිකාව වුයේ ලසන්ති මදුෂානිය. ඇය 3 වන කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 17ටයි. මෙහිදී ඕස්ට්‍රේලියානුවන්ගේ දක්ෂ පන්දු යැවීමත්, සුපිරි පන්දු රැකීමත් හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ කිසිම පිතිකාරිනියකට සාර්ථක ලකුණක් කරා යෑමට හැකි වූයේ නැත. දුවද්දී දැවී යෑම් දෙකක් සමඟින් පන්දුවාර 20කදි කඩුලු 8ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කරගත හැකි වුයේ ලකුණු 59ක් පමණි. පන්දු යැවීමේදී ක්‍රිස්ටීන් බීම්ස් ලකුණු 11කට කඩුලු 3ක් දවා ගන්නා ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම – 59/8 (20): ලසන්ති මදුෂානිය 17, ඉනෝකා රණවීර 8*, ක්‍රිස්ටීන් බිම්ස් 3/11

ලකුණු 60 පහසු ඉලක්කයක් හඹායෑමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමෙන් මුලින්ම පිටියට පිවිසියේ බේත් මුනි සහ එල්සි විලැනි ය. ආරම්භක සබඳතාවයෙන්ම ජයග්‍රහණය කරා ගමන් කල මෙම පිතිකාරිනියන් දෙදෙනා විසින් පිලිවෙලින් ලකුණු 29ක් සහ ලකුණු 34ක් නොදැවී ලබා ගැනීමට සමත් වූහ. විලැනිගේ ජයග්‍රාහී හතරේ පහරත් සමඟ පන්දුවාර 8.1 කදී ලකුණු 63ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානුවන් සමත් විය. මෙහිදී කිසිදු ලාංකික පන්දු යවන්නියකට කඩුල්ලක් දවා ගැනීමට හැකි වුයේ නැත.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම – 63/0 (8.1) එල්සි විලැනි 34 , බේත් මුනි 29

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව: ක්‍රීඩිකාව ක්‍රිස්ටීන් බීම්ස්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

schoolscricketcrawler