Windows 10 දැන් CSP හරහා ග්‍රාහක සේවාවක් ලෙස දියත් වෙයි

Windows 10 දැන් CSP හරහා ග්‍රාහක සේවාවක් ලෙස දියත් වෙයි

2040
1
SHARE

Microsoft සමාගම windows 10 enterprice pay-as-you-go අනුවාදය cloud solution provider (CSP) හරහා ලබාදෙනවා.

windows 10 හි enterprice E3 කියන්නේ microsoft සමාගම summers worldwide partner සමුළුවේදී මුලින්ම හදුන්වාදුන් අනුවාදයයි.
එය නිල වශයෙන් සැප්තැම්බර් පළමු වෙනිදා දියත් කල අතර එය දියත් වුයේ subscription based cloud සේවාවක් ලෙසයි. එය CSP හරහා මිලදී ගත හැකි අතර කලමනාකරණයද CSP මගින් කරනවා.

මෙය මසකට $7 ක් වන අතර එයට windows 10 enterprice අනුවාදය හා anti-malware අංග හා ආරක්ෂක උපාංග ඇතුලත් වෙනවා.

microsoft සමාගම් කලමණාකරුවෙකු වන Nic Fillingham මහතා මෙසේ පවසනවා.
අපේ හවුල්කරුවන් කැමති partner managed cloud service subscription එකක් නිර්මාණය කරනවානම්. ඔවුන් බලාපොරොත්තු වෙනවා නවීන ආරක්ෂක, කළමනකරණ, හා පාලන අංග එම subscription එක තුලින්.
ඒ වගේම ඔවුන් දීර්ඝ කාලීන ගිවිසුම් බලපත්‍ර වලට කැමැත්තක් දක්වන්නේ නෑ.

Microsoft සමාගම එදිනම ඉදිරියේදී එන higher-tier E5 plan සඳහා වන Windows 10 Enterprise subscription එක ප්‍රකාශයට පත් කලා.

Windows 10 Enterprise E5 ඔක්තෝම්බර් පළමු වෙනිදා සිට දියත් වන අතර එයට E3 හි සියලු අංග ඇතලත් වන අතර Windows Defender Advanced Threat හරහා ආරක්ෂක අංගයක්ද ඇතුලත් වෙනවා.

microsoft සමාගම පවසන ආකාරයට E5 වල මිල E3 මෙන් දෙගුණයක් වන බවයි. ඒ කියන්නේ මසකට $14 ක මුදලක්.

Comments

comments