බස්නාහිර, දකුණ හා මධ්‍යම අවසන් අසුන් ඩැහැගනී

525
U15 Cricket Semi finals report

ප්‍රීමා ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරඟ දෙකක් අද (26) සාර්ථකව නිමාවූ අතර මෙම තරඟ වලින් බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම හා බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම ජයග්‍රහණ ලබාගෙන අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි.

පසුගිය ලිපි: මුරලි කුසලානය ගාල්ලට හා නිට්ටඹුවට

පළමු අවසන් පූර්ව තරඟය – බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම හා දකුණු පළාත් කණ්ඩායම අතර

මෙම තරඟය අද උදෑසන කොළඹ කෝල්ට්ස් පිටියේදී ආරම්භ වූ අතර පළමුව කාසියේ වාසිය ජයග්‍රහණය කල බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගන්නා ලදි.

එම තීරණයේ වාසියද ඇතිව පිටියට පැමිණි බස්නාහිර පළාත් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ ඉණිමක් දියත් කල ලෙෂාන් අමරසිංහ ලකුණු 71ක් ලබාගැනීමට සමත් වූ අතර ඔහුගේ ඉණිමට මනරම් පහරවල් කිහිපයක්ම අන්තර්ගත විය.

ලෙෂාන් අමරසිංහ සමඟ තම කණ්ඩායමේ ඉණිම ගොඩනංවමින් තවත් අර්ධ ශතකයක් ලකුණු පුවරුවේ සටහන් කිරීමට පවන් රත්නායක සමත් විය. ඔහු ලකුණු 57කට දැවීයන ලදි.

බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම – 216/10 (48.1): ලෙෂාන් අමරසිංහ 71, පවන් රත්නායක 57, තිතිර වීරසිංහ 24, සුගීත් නිමන්ද 3/37, නිදුක මල්සිත් 2/39

දෙවනුව පිටියට පැමිණි දකුණු පළාත් කණ්ඩායමට ලකුණු 217ක ඉලක්කයක් ප්‍රතිවාදීන් විසින් ලබා දී තිබුන නමුත් එම ඉලක්කය ලෙහෙසියෙන් පසු කර යෑමට විරංග වික්‍රමගේ ඇතුළු බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම ඔවුන්ට ඉඩ ලබා දුන්නේ නැත. එම තර්ජනය මැනවින් වටහාගෙන ක්‍රීඩා කල සඳුන් මෙන්ඩිස් ලකුණු 46ක් තම කණ්ඩායම වෙනුවෙන් ලබාගන්නා ලදි. කෙසේවෙතත් එම ඉණිම තම කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

දකුණු පළාත් කණ්ඩායම – 147/10 (43.2): සඳුන් මෙන්ඩිස් 46, කවිදු නදීශාන් 22, විරංග වික්‍රමගේ 4/07, සචික චන්ද්‍රීර 2/22, තශික නිර්මාල් 2/23, අමිත් දාබරේ 2/03

බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමට ලකුණු 69ක ජයක්


දෙවන අවසන් පූර්ව තරඟය – බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම හා බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම අතර

මෙම තරඟය කොළඹ එන්. සී. සී. පිටියේදී පැවැත්විණි. මෙහිදී කාසියේ වාසිය ජයග්‍රහණය කල බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසියේය.

බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම වෙනුවෙන් කමිල් මිශාර ලකුණු 35ක් ලබාගෙන ඉණිමේ වැඩිම ලකුණු ලාභියා විය. බස්නාහිර උතුරු කණ්ඩායම වෙනුවෙන් කවීශ දුලංජන ලකුණු 44කට කඩුලු 4ක් දවාලමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය.

බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම – 216/10 (49.5): කමිල් මිශාර 35, රනේශ් දුමින්ද 30, ශෙරෝන් ලියනගේ 29, රොහාන් සංජය 29, කවීශ දුලංජන 4/44, ශෙනාස් සංදීප් 2/38, , තීක්ෂණ රිද්මල් 2/31

ලකුණු 217ක ඉලක්කයක් හඹායාමට දෙවනුව පිටියට පැමිණි බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක තරිදු ලකුණු 51ක් ලබාගෙන තම කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහල දැමු අතර අනෙක් පිතිකරුවන්හට සැලකිය යුතු දස්කමක් දැක්වීමට අවිශ්ක ලක්ෂාන් ඇතුළු බස්නාහිර පළාත් දකුණු කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩකඩ ලබා දුන්නේ නැත.

බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම – 149/10 (44.4): අවිශ්ක තරිදු 51, අවිශ්ක ලක්ෂාන් 4/11, රොෂාන් සංජය 2/29, ලහිරු මදුසංක 2/41, රොහොන් සංජය 2/29

බස්නාහිර පළාත් දකුණු කණ්ඩායමට ලකුණු 67ක ජයක්

අද අවසන් වූ මෙම අර්ධ අවසන් පූර්ව තරඟ දෙක තුලම පළමුව පිතිකරණයේ නිරත වුනු කණ්ඩායම් දෙකම කඩුලු 10කට ලකුණු 216ක් ලබාගැනීම සිදුවූ විශේෂ සිදුවීමකි.

මෙම තරගාවලියේ අවසන් මහා තරඟය 29 වැනි බ්‍රහස්පතින්දා බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම හා බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම අතර එස්. එස්. සී. පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට