කරුණාරත්න සොහොයුරෝ ප්‍රාග් විවෘත බැඩ්මින්ටන් තරගාවලියට

858
Karunaratne siblings for Prague Badminton Open

ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ ඔලිම්පික් බැඩ්මින්ටන් ක්‍රීඩයෙකු වන නිලූක කරුණාරත්න සහ ඔහුගේ බාල සොහොයුරා වන දිනුක කරුණාරත්න එලඹෙන 29 වැනිදා සිට ඔක්තොම්බර් 01 වැනිදා දක්වා චෙක් ජනරජයේ ප්‍රාග් අගනුවර පැවැත්වෙන විවෘත බැඩ්මින්ටන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදිනු ලැබේ.

පසුගිය ලිපි: ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමේ බලාපොරොත්තු සුන් වෙයි

කරුණාරත්න සොහොයුරන් මේ වන විට යුරෝපයේ පැවැත්වෙන බෙල්ජියම් විවෘත තරගාවලිය සඳහා සහභාගී වෙමින් සිටින අතර එය නිමා වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා, ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රාග් තරගාවලිය සඳහා සහභාගී වනු ඇත.

නිලූක කරුණාරත්න මෙම තරගාවලියේදි 8වැනි ක්‍රීඩකයා ලෙසින් තරග වඳින අතර ඔහු කේවල තරගවලට සහභාගී වීමෙන් අනතුරුව සිය සහෝදරයාද සමඟ යුගල තරග සඳහා සහභාගී වීමට නියමිතයි.

ප්‍රථම වටයේදි නිලූක ස්ලෝවැකියානු ජාතික ක්‍රීඩකයෙකු වන මිලාන් ලූඩික් සමඟින් තරග වදින අතර ඉන්පසුව පිරිමි යුගල තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරග සඳහා සහභාගී වනු ඇත.

සුදුසුකම් ලබා ගැනීමේ තරගවලදි කරුණාරත්න සහෝදරයින් මාර්ටිනෙන්කෝ මයිකොලා සහ ඩොන් සර්ජේ යන ක්‍රීඩකයින් සමඟින් තරග වදිනු ඇත. මාර්ටිනෙන්කෝ මයිකොලා ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන් පසුවන නිසාවෙන් මෙම තරගය කරුණාරත්න සොහොයුරන්ට යම් තරමක අභියෝගයක් එල්ල කල හැකි තරගයක් ලෙස හැදින්විය හැකිය.

මේ අතරතුර දිනුක කරුණාරත්න පිරිමි කේවල තරග වටයේදි ක්‍රෝඒෂියානු ජාතික ක්‍රීඩකයෙකු වන ඊටූ හයිනෝ සමඟින් තරග වැදීමට නියමිතව ඇත.

නිලූක කරුණාරත්නට පිරිමි කේවල බැඩ්මින්ටන් ශ්‍රේණිගතකිරීම් වල යම් ස්ථානයක් වෙන් කරගැනීමට මෙම තරගාවලිය උපයෝගී වනු ඇති අතර පසුගිය දා නිමාවට පත්වුනු ඔලිම්පික් තරගාවලියට ශ්‍රේණිගත කිරිම් හි 93වැනි ස්ථානයෙහි පසුවු ඔහු පසුගිය මාස 2 ඇතුලත ස්ථාන 18කින් ඉදිරියට පැමිණි ඔහු මේවන විට 75වැනි ස්ථානයේ පසුවේ.

තරග කාල සටහන්

  • පිරිමි කේවල තරගය: නිලූක කරුණාරත්න – මිලාන් ලූඩික් (29වැනි බ්‍රහස්පතින්දා)
  • පිරිමි කේවල තරගය: දිනුක කරුණාරත්න – ඊටු හෙයිනෝ (29වැනි බ්‍රහස්පතින්දා)
  • පිරිමි යුගය තරග (සුදුසුකම් ලැබීමේ තරගය): දිනුක කරුණාරත්න සහ නිලූක කරුණාරත්න – මාර්ටිනෙන්කෝ මයිකොලා සහ ඩොන් සර්ජේ (28වැනි බදාද)

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට