ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් 100ක් සමඟ ගිවිසුමකට

2830
100 players to be contracted by Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ක්‍රීඩකයින් සිය දෙනෙකුගෙන් සමන්විත ජාතික සංචිතයක් නිර්මාණය කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ක්‍රීඩකයින් 30 දෙනෙකුට ජාතික සහ A කණ්ඩායමේ කොන්ත්‍රාත්තු හිමිවන අතර තවත් යොවුන් ක්‍රීඩකයින් 20 දෙනෙකු නැගී එන කාණ්ඩායමට ගිවිසුම් ගත කෙරෙනු ඇත.

ඉතිරි ක්‍රීඩකයින් 50 දෙනා 25 බැඟින් ප්‍රාදේශීය ක්‍රීඩකයින් සහ පලාත් ක්‍රීඩකයින් ලෙස කාණ්ඩ වලට බෙදා වෙන්කරනු ලැබේ. මෙම සියළුම කාණ්ඩ වලට අයත් ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර සාකච්ඡාවක් ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ මූලිකත්වයෙන් සැප්තැම්බර් 10 දින ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ දී  පැවැත්වුනු අතර අදාළ ගිවිසුම ලබන සතියේදී අත්සන් කිරීමට නියමිතව ඇත.

19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී.

ප්‍රථම වරට පවත්වනු ලබන 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ දෙසැම්බර් 8 වැනිදා සිට 22 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වේ. නමුත් මෙම තරගාවලියේ තරග කාලසටහන සහ අනෙකුත් තොරතුරු මේ වනතෙක් ප්‍රකාශයට පත්වී නොමැත. පිට පළාත් වල යෞවනයින්ට සහ ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ජන සමාජයට ජාත්‍යන්තර යොවුන් තරගාවලියක අත්දැකීම විඳ ගැනීමට අවස්ථාව උදා කිරීමක් වශයෙන්, මෙම තරගාවලියේ තරග තුනක් හම්බන්තොට, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලදී පැවැත්වීමට මේ වන විටත් විධායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

කොදෙව් A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා අවිශ්කට ප්‍රධාන පුහුණුකරු ධූරය හිමිවෙයි.

එළැඹෙන ඔක්තෝබර් මාසයේ පළමු සතියේදී ආරම්භ වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා, ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් අවිශ්ක ගුණවර්ධන මහතා පත් කිරීමට විධායක කමිටුව තීරණය කර ඇත. එසේම ශ්‍රී ලංකා A කණ්ඩායමේ කළමනාකරු ලෙස ජෙරිල් වෝටර්ස් (Jeryl Wouterz) මහතා ද, පන්දු යැවීමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් මහතා ද විධායක කමිටුව විසින් නම්කර ඇත.

කණ්ඩායම් පුහුණුකරුවෙකු පත් කෙරේ.

2016 ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් පුහුණුකරුවෙකු (Team Trainer) වශයෙන් නික් ලී (Nick Lee) මහතාව ක්‍රිකට් ආයතනය විසින් පත්කොට තිබේ.

නික් ලී 2007 වර්ෂයේ සිට ක්‍රීඩා කළ පළමු පෙළ, දෙවන පෙළ සහ ප්‍රිමියර් ලීග් තරගාවලි වලදී ලකුණු 10,000කට වඩා රැස් කරගෙන ඇත්තේ ශතක 23ක්ද ඊට ඇතුළත් කර ගනිමිනි. ඔහු වර්තමානයේ දී සසෙක්ස් ක්‍රිකට් සමාජයේ දක්ෂතා හා යෝග්‍යතා පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

schoolscricketcrawler