අලුත් මුහුණුවරකින් ඔබ හමුවට එන iOS සඳහා වන OneDrive

අලුත් මුහුණුවරකින් ඔබ හමුවට එන iOS සඳහා වන OneDrive

2191
1
SHARE

iOSහි Version number 8.0.1 සඳහා වන OneDriveහි නවතම update එක Microsoft විසින් දැන් නිකුත් කර තිබෙනවා. ප්‍රධාන විධානයන් app එකේ මුහුණතට ගෙන යන වැඩි දියුණු කරන ලද folder view එකක් මෙම update එකේ ඇතුළත් වෙලා තිබෙනවා.

ඒ වගේම මෙම update එක ප්‍රධාන features ඔප දැමීමට සහ තහවුරු කිරීමට යොදා ගත් ආරම්භයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. කලින් ප්‍රතිසංස්කරණයට වඩා මෙය ඉතා හොඳ බවක් දැනට පෙනී යනවා. Android සඳහා මෙම යාවත්කාලීන කිරීම පැමිණෙන බවට හෝ නිකුත් කරන බවට දැනට කිසිම ආරංචියක් නැත.
සම්පූර්ණ changelog දැන් ඔබට පහතින් පරීක්ෂා කර ගත හැක.

  • ඔබගේ ලිපි ගොමු කෙරෙහි අවධානය යොමු කරමින් UI එක ක්‍රමවත් කර තිබෙනවා. සියලු ප්‍රධාන විධානයන් එක් ස්ථානයකට දැමීමක් සහ සරල folder නිර්මාණයක් ද මෙහි ඇතුළත් වෙනවා.
  • ඔබගේ ආයතනයේ හෝ පාසලේ ගිණුමෙන් ඔබගේ ලිපි ගොනු අතර links හුවමාරු කර ගැනීමේ හැකියාව ලැබෙනවා.
  • ස්ථාවරත්වය වැඩි දියුණු කළ tag edit කිරීමේ හැකියාව.
  • iOS 10 සඳහා වන Microsoft Intune භාවිතා කරන්නන් හෝ ඔබගේ ලිපි ගොනු අතර වේගයෙන් scroll කරන විට සිදු වන crashes, Spreadsheets හෝ විශාල ලිපි ගොනු විවෘත කිරීමට උත්සහ කිරීමේ දී වන crashes යනාදී bugs සහ crashes කිහිපයක් ඔවුන් නිවැරදි කර තිබෙනවා.

OneDriveහි අලුත් ම version එක ඔබට දැන් මෙතැනින් ලබාගන්න පුළුවන්.

Source: App Store via MSPU

Comments

comments

1 COMMENT

LEAVE A REPLY