මහින්ද විද්‍යාලය තියුණු ජයක් සමඟ අවසන් සටනට

603
Murali cup 2016 day 4

ශ්‍රී ලංකාවෙන් ලොවට දායාද කල සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ අදහසක් අනුව 05 වන වරටත් ක්‍රියාත්මක “මුරලි සමගි” කුසාලනයේ පිරිමි අවසන් පූර්ව තරඟ අද (24) අවසන් විය.

පසුගිය ලිපි: මුරලි කුසලානයේ අවසන් 4ට නොසිතූ පාසලක්

පළමු අර්ධ අවසන් පූර්ව තරඟය – සීනිගම පාසල් සංයුක්ත කණ්ඩායම හා ගාල්ල මහින්ද විද්‍යාලය අතර

පළමු වටයේ කණ්ඩායම් 16ක් අතුරෙන් පළමු ස්ථානය ලබාගත් කණ්ඩායම වන සීනිගම කණ්ඩායම හා සිව්වන ස්ථානය ලබාගත් මහින්ද විද්‍යාලය අතර මෙම තරඟය මුලතිව් හිදී පැවැත්විණි.

පළමුව පිතිකරණය සඳහා පිටියට පැමිණි මහින්ද විද්‍යාලය වෙනුවෙන් කවිදු එදිරිවීර පන්දු 36කදී 4 පහරවල් 3ක් හා මනරම් 6 පහරවල් 2ක් සමඟ ලකුණු 41ක් ලකුණු පුවරුවේ සටහන් කරන ලදි.

මහින්ද විද්‍යාලය – 139/09 (20): කවිදු එදිවීර 41, නිපුන් මාලිංග 18, හිරන්ජිත් දුල්සර 17, නිමේෂ් මෙන්ඩිස් 3/24

දෙවනුව පිටියට පැමිණි සීනිගම කණ්ඩායමට නිමේෂ් මෙන්ඩිස් 4 පහරවල් 4ක් හා 6 පහරවල් 2ක් සමඟින් ලකුණු 42ක් ලබාදුන්නද, ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන් ජයග්‍රහණය පෙනෙන මානයටම පැමිණ තිබියදී අවාසනාවන්ත ලෙස පරාජයට පත්විය.

සීනිගම සංයුක්ත කණ්ඩායම – 132/09(20): නිමේෂ් මෙන්ඩිස්  42, කවීෂ දිල්රංග 35, රීවීන් යසස්  25, නිපුන් මාලිංග 3/17

මහින්ද විද්‍යාලය මෙම තරඟයෙන් ලකුණු 07ක තියුණු ජයග්‍රහණයක් ලබාගන්නා ලදි.


දෙවන අවසන් පූර්ව තරඟය – කොළඹ නාලන්දා විද්‍යාලය හා මරඳාන සාන්ත ජෝශප් විද්‍යාලය අතර තරඟය

මූලික වටයේ තරඟ වලදී දැක්වූ දස්කම් අනුව සාන්ත ජෝසප් විද්‍යාලය දෙවන ස්ථානය ද, නාලන්දා විද්‍යාලය තෙවන ස්ථානයත් ලබාගෙන මෙම වටය සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි.

පළමුව පිටියට පැමිණි ‍ ජෝසප් විද්‍යාලය වෙනුවෙන් පහන් පෙරේරා 4 පහරවල් 2ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 34*ක් නොදැවී තම කණ්ඩායම වෙනුවෙන් ලබාගන්නා ලදි.

සාන්ත ජෝශප් විද්‍යාලය – 120/08 (20): පහන් පෙරේරා 34*, නිපුන් සුමනසිංහ 31, රෙවාන් කෙලී 25, ලක්ෂිත මානසිංහ 3/19, උමේක්ෂ මාන්නප්පෙරුම 3/23

ලකුණු 121ක පහසු ඉලක්කයක් හඹායාමට පිටියට පැමිණි නාලන්දා විද්‍යාලය වෙනුවන් තනුෂ්ක පොල්ගම්පළ ලකුණු 34ක් ලබාගන්නා ලදි. එම ඉණිමට 4 පහරවල් 3ක් ඇතුළත් විය.

නාලන්දා විද්‍යාලය – 126/05 (19.4): තනුෂ්ක පොල්ගම්පළ 34, එන්.ඩී.ආර්.ඒ කස්තුරිආරච්ච්  22, කසුන් සඳරුවන් 19*, පහන් පෙරේරා 1/07

නාලන්දා විද්‍යාලය කඩුලු 5ක ජයග්‍රහණයක් ලබාගන්නා ලදි.


කාන්තා අංශයේ තරග – මාන්කුලම් පිටියේදී

නිට්ටඹුව කාන්තා කණ්ඩායම හා උතුරු නැගෙනහිර කාන්තා කණ්ඩායම අතර තරඟය (A කාණ්ඩය)

මෙහිදී පළමුව පිටියට පිවිසි උතුරු නැගෙනහිර කණ්ඩායමේ පිතිකාරිනියන්ට රිසි ලෙස පිත්ත හැසිරවීමට නිට්ටඹුව පන්දු යවන්නියන් ඉඩකඩ ලබාදුන්නේ නැත. පූර්නිමා ඩයස් හා රුවනි මදුශිකා මෙහිදී කඩුලු 2 බැගින් දවාලමින් දස්කම් දක්වන ලදි.

උතුරු නැගෙනහිර කාන්තා කණ්ඩායම – 54/10 (13.2): වී. සරනියා 11, පූර්නිමා ඩයස් 2/16, රුවනි මදුශිකා 2/16

දෙවනුව පිටියට පැමිණි නිට්ටඹුව කාන්තා කණ්ඩායම, උතුරු නැගෙනහිර කණ්ඩායම විසින් ලබා දුන් ඉලක්කය පන්දුවාර 6ක් ඇතුළත වේගවත්ව හඹායමින් ජයග්‍රහණය වාර්තා කරන ලදි. එහිදී සචිනි ඩිල්ශානි 4 පහරවල් 3ක් හා එක් 6 පහරක් සමගින් වේගවත්ව පිත්ත හසුරුවා නොදැවී ලකුණු 23*ක් ලබාගත්තාය.

නිට්ටඹුව කාන්තා කණ්ඩායම – 57/03 (5.4): සචිනි ඩිල්ශානි 23*, රුවනි මදුශිකා 14*, වී.සරනියා 1/22

නිට්ටඹුව කාන්තා කණ්ඩායමට කඩුලු 07 ක ජයග්‍රහණයක්


මාතලේ කාන්තා කණ්ඩායම හා මොණරාගල කාන්තා කණ්ඩායම අතර තරඟය (B කාණ්ඩය)

මාන්කුලම් පිටියේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල මාතලේ කාන්තා කණ්ඩායම විසින් පළමු පිතිකරණය සඳහා අවස්ථාව උදාකරගන්නා ලදි.

රුබී රජින්තා 4 පහරවල් 5ක් සමඟින් තම කණ්ඩායම උදෙසා ලකුණු 33ක් ලබාගැනීමට සමත් විය.

මාතලේ කාන්තා කණ්ඩායම – 105/07 (15): රුබී රජින්තා 33, නිලූකා අමරසේන 17, සිතාර මදුවන්ති 3/12

මොණරාගල කණ්ඩායම වෙනුවෙන් ලකුණු 5 සීමාව පසුකල එකම ක්‍රීඩිකාව ශානිකා මදුශානි වූ අතර ඇය 4 පහරවල් 3ක් සමඟින් ලකුණු 24ක් ලබාගන්නා ලදි. ඩිල්රුක්ෂි අර‍ඹේගොඩ මෙහිදී කඩුලු 4ක් දවාලීමට සමත් විය.

මොණරාගල කාන්තා කණ්ඩායම – 49/10 (11.5): ශානිකා මදුශානි 24, ඩිල්රුක්ෂි අරඹේගොඩ 4/11

මාතලේ කාන්තා කණ්ඩායමට ලකුණු 56ක දැවැන්ත ජයක්


පොළොන්නරුව කාන්තා කණ්ඩායම හා සීනිගම කාන්තා කණ්ඩායම අතර තරඟය  (B කාණ්ඩය)

උමේෂා තිමේජනී 4 පහර 5ක් හා 6 පහර 2ක් සමඟින් තම කණ්ඩායමේ ලකුණු පුවරුව සැලකිය යුතු මට්මකට ගෙන ඒමට සමත් විය. ඇය ලකුණු 40ක් ලබාගන්නා ලදි.

සීනිගම කාන්තා කණ්ඩායම – 136/06 (15): උමේෂා තිමේජනී 40, සත්‍යා සංදීපනී 25*, පූජා රංජනා 18, මදුශානි ශෂිකලා 1/18

පොළොන්නරුව කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ මදුශානි ශෂිකලා හැරෙන්නට වෙනත් කිසිදු පිතිකාරිනියකට සාර්තකව පිත්ත හැසිරවීමට නොහැකි විය.

පොළොන්නරුව කාන්තා කණ්ඩායම – 54/09 (15): මදුශානි ශෂිකලා 13, තෙලීශියා චතුරංගි 2/03

සීනිගම කාන්තා කණ්ඩායමට ලකුණු 82ක දැවැන්ත ජයක්


හෙට (25) මෙම තරගාවලියේ අවසන් මහා තරඟ කිලිනොච්චි මධ්‍ය මහ විදුහල් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

  • පිරිමි අවසන් තරඟය – ගාල්ල මහින්ද විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය
  • කාන්තා අවසන් මහා තරඟය – නිට්ටඹුව කාන්තා කණ්ඩායම හා මාතලේ කාන්තා කණ්ඩායම

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

schoolscricketcrawler