ඩී. එස්, වේල්ස් කුමර, මාරිස්ටෙලා කණ්ඩායම්වලට ජය

217
Singer U19 Cricket september 23rd round up

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය වයස අවුරුදු 19න් පහළ “සිංගර් කුසලාන” ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ ඊයේ (23) පැවති තරග වලින් ඉණිමක ජයක් වාර්තා කිරීමට සමත් විය.

පසුගිය ලිපි: මුරලි කුසලානයේ අවසන් 4ට නොසිතූ පාසලක්

වේල්ස් කුමර විදුහල සහ සාන්ත තෝමස් විදුහල අතර පැවති තරගය

මෙම තරගය ඊයේ ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩා පිටියේදී පැවත්විය.

එහිදී වේල්ස් කුමරුවන් සාන්ත තෝමස් ක්‍රීඩකයන් ඉදිරියේ පිත්තෙන් සහ පන්දුවෙන් සිය දක්ෂතා මනාව විදහා දැක්වීමට සමත් වූහ.

ප්‍රථම ඉනිමේ පන්දුවට පහරදුන් වේල්ස් කුමරුවන් පන්දුවාර 65කදී කඩුලු 8ක් දැවී ලකුණු 305ක් රැස් කරගනිමින් තම ඉනිම අත්හිටවු අතර එහිදී දිලන්ක මදුරංග ලකුණු 143ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට පන්දුවාර 54.4කදී සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකි වූයේ ලකුණු 138ක් පමණි.

පසුව වේල්ස් කුමර කණ්ඩායම සාන්ත තොමස් ක්‍රීඩකයින් වෙත දෙවන ඉනිම ක්‍රීඩා කිරීමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 77කදී කඩුලු පහක් දැවී ලකුණු 148ක් සිය පාසල වෙනුවෙන් රැස් කරගන්නා ලදි.

වේල්ස් කුමර විදුහල – 305/8 (65): දිලංක මධුරංග 143, තිලාන් නිමේෂ් 78, සනෝජ් දර්ශික 40, ටෙහාන් ෂැෆ්ටර් 2/34, පවිත් රත්නායක 2/78, ඩිලෝන් පීරිස් 2/55

ශාන්ත තෝමස් විද්‍යාලය – 138 (54.4): ඉෂාන් පෙරේරා 44, කළණ පෙරේරා 34, සවිඳු පීරිස් 2/06, අවිදු ප්‍රනාන්දු 2/19, දිලේෂ් නානායක්කාර 2/58.

ශාන්ත තෝමස් විද්‍යාලය (2 වන ඉණිම) – 148/5 (77): මන්තිර විජේවර්ධන 37 *, ඉෂේන් පෙරේරා 34.


ඩී. එස්. සේනානායක හා ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම් අතර තරගය

වමතින් පන්දුවට පහරදෙන ක්‍රීඩක ශසාඩ් අමීන් විසින් ලබා ගන්නා ලද ලකුණු 76ක් නිසාවෙන් ඩී. කොළඹ බ්ලූම්ෆීල්ඩ් පිටියේ පැවති මෙම තරගෙයෙන් ඩී. එස්. සේනානායක ක්‍රීඩකයන් ප්‍රථම ඉනිමේ විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් විය.

ඩී. එස්. ක්‍රීඩකයින් පන්දුවාර 63කදී සියලු දෙනා දැවී ලකුණු 208ක් රැස් කල අතර එයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ත්‍රිත්ව ක්‍රීඩකයින් හට ලබා ගැනීමට හැකි වූයේ ඕවර 83.3කදි සියලු දෙනා දැවී ලකුණු 181ක් පමණි. ඩී. එස්. විදුහලේ පසිදු ආදිත්‍ය සහ මුදිත ලක්ෂාන් විසින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ත්‍රිත්ව විද්‍යාලයේ බලාපොරොත්තු සුනු විසුනු කර දැමීමට සමත් විය .කෙසේ හෝ තරගය ජය පරාජයෙන් තොරව නිමාවූයේ ප්‍රථම ඉනිමේ ජය ලබාගත් ඩී. එස්. ක්‍රීඩකයින් හට තරගයේ සියලු ගෞරවය හිමි වෙමිනි.

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 208 (63): දසුන් දෙමාෂ 62, ෂිහ්සාඩ් අමීන් 39, මෙත්සිත් ජයමන්ත 34, ෂන්මුගනාදන් ෂැනෝගීත් 3/32, විමුක්ති නෙත්මාල් 3/35, මොහොමඩ් ෂීබ් 2/24.

ත්‍රිත්ව විද්‍යාලය – 181 (89.3): හසිත බෝයගොඩ 33, පූර්ණ වනසේකර 33, කළණ ද සොයිසා 23, පසිඳු ආධිත්‍ය 2/29, මුදිත ලක්ෂාන් 3/49.

ඩී. එස්. සේනානායක විද්‍යාලය (2 වන ඉණිම) – 142/4 (37.3): ෂිහ්සාඩ් අමීන් 76, විහාන් ගුණසේකර 33.


මාරිස්ටෙලා විද්‍යාලය හා ජනාධිපති විද්‍යාලය අතර තරගය

සුපිරි ඉනිමක් ක්‍රීඩා කල දුශාන් ගුරුගේ ලබා ගත් ලකුණු 87ක් සමඟ මාරිස්ටෙලා විදුහල් කණ්ඩායම පලමු ඉනිමේ ජය ලබා ගැනීමට සමත් විය. තරගය මග්ගොන සරේ ක්‍රීඩා පිටියේදී පැවැත්විය.

මාරිස්ටෙලා විදුහලේ සංඛ පූර්ණ විසින් පන්දු යැවීමේ සියලු අණසක තම කණ්ඩායම වෙත ඈදා ගන්නට සමත් විය. ඔහු මෙම තරගයේදී ජනාධිපති විදුහල් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට එරෙහිව ඔහු දවා ගත් කඩුලු සංඛ්‍යාව 5ක්.

ජනාධිපති විද්‍යාලය – 205 (61,4 ): හිරුණ ඩිල්ෂාන් 57, මාලක ද සිල්වා මහතා 46, ෂාලක බණ්ඩාර 31, සංඛ පූර්ණ 5/54, ලසිත් ක්‍රෘස්පුල්ලේ 2/21

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය – 298 (89.2): දුෂාන් ගුරුගේ 87, සංඛ පූර්ණ 40, සදීෂ දෙව්ෂාන් 41 *, ෂෙහාන් මනීෂ 31, යොහාන් ලියනගේ 5/82, හසිඳු ප්‍රමුක් 4/78.

ජනාධිපති විද්‍යාලය (2 වන ඉණිම) – 119/2 (40): ඉරංග හේෂාන් 53 *, හිරුෂ ඩිල්ෂාන් 51*.


සාන්ත සිල්වෙස්ටර් හා අනුරාධපුර මධ්‍ය මහා විදුහල් අතර තරගය

පේරාදෙණිය විශ්ව විද්‍යාල ක්‍රීඩා පිටියේදී පැවති මෙම තරගයෙන් ලකුණු 193ක හා ඉනිමක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සාන්ත සිල්වෙස්ටර් කණ්ඩායම සමත් විය.

සාන්ත සිල්වෙස්ටර් කණ්ඩායමේ තුසිත් ද සිල්වා විසින් අනුරාධපුර මැදි විදුහල් කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ පන්දු යැවිමක නිරත වෙමින් කඩුලු 11ක් ලබා ගැනීමට සමත් විය.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 284/7 (65): මන්ජිත් රාජපක්ෂ 111*, අවිදු හේරත් 94, ඉසුරු අනුරුද්ධ 3/49, මධුරංග චන්දුවරත්න 2/94.

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය – 69 (18.2): ටී ඩිල්ෂාන් 29 *, තුසිත් ද සොයිසා 4/26, මනුජ පුතා පෙරේරා 3/15.

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය (2 වන ඉණිම) – 17 (22): තුසිත් ද සොයිසා 7/12

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට

schoolscricketcrawler