ඕස්ට්‍රේලියානු කාන්තාවෝ ජය තහවුරු කරගනි

325
Sri Lanka v Australia 3rd odi

2016 ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ, තෙවන එක් දින තරගය අද (23) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. මෙහිදී පිත්තෙන් සහ පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ ඕස්ට්‍රේලියානු කන්තා කණ්ඩායම කඩුලු 9කින් තරගය ජය ගනිමින් තරගාවලියේ ජයත් ලබා ගැනීමට සමත් විය. 

පසුගිය ලිපි: දෙවැනි තරගයත් ශ්‍රී ලංකාව පරාදයි

කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කන්තා පිලේ ආරාධනාවෙන්, ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ආරම්භක පිතිකාරියන් වශයෙන් පිටියට පිවිසියේ  ප්‍රසාදිනී වීරක්කොඩි සහ නිපුනි හංසිකා යන ක්‍රීඩිකාවන් දෙපලයි. පෙර තරග දෙකේ දීම දැක ගැනීමට නොහැකි වූ ශක්තිමත් ආරම්භයක් ලබා ගැනීමට ඔවුන්ට මෙම තරගයේ දී හැකිවිය. එම සබදතාවය බිදලමින්, ග්‍රේස් හැරිස්ගේ පන්දුවකට පළමු කඩුල්ල ලෙස ලකුණු 31ක් ලබා සිටි ප්‍රසාදිනී වීරක්කොඩි දැවී යන ලදි. එවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 50ක් ලෙස සටහන් විය. පන්දු වාර 20.3කදී ලකුණු සංඛ්‍යාව 62ක් වන විට නිපුනි හංසිකා ලකුණු 23කට දවාගත් ජෙස් ජොනැසන් එතැන් පටන් ශ්‍රී ලංකා පිලට පිතිකරණය ස්ථාවර කරගැනීමට ඉඩ ලබා දුන්නේ නැත.

තම ඉනිමට ලකුණු 15ක් එක් කල චමරි අතපත්තු, 5 වන කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ පසු කිසිම මැද පෙළ පිතිකාරිනියක් ලකුණු 10යේ සිමාව පසු කර නොගිය අතර ඒ සදහා ඕස්ට්‍රේලියානු කන්තා පන්දු යවන්නියන් මනාව තමන්ගේ හැකියාවන් භාවිතා කිරීමට කටයුතු කළේය. ඉණිම අවසානයේ පන්දු වාර 36.5 දී සියල්ලන්ම දැවී ලංකා කාන්තා කණ්ඩායමට රැස් කර ගත හැකිවූයේ ලකුණු 102ක් පමණි.

පන්දු යැවීමේදි ජෙස් ජොනැසන් කඩුලු 3ක් ද, ක්‍රිස්ටීන් බිම්ස් සහ හොලී ෆ්ර්ලින්ග් කඩුලු 2 බැගින් ද දවාගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම – 102/10 (36.5) ප්‍රසාදිනී වීරක්කොඩි 31, නිපුනි හංසිකා 23, ජෙස් ජොනැසන් 3/1  , ක්‍රිස්ටීන් බිම්ස් 2/20

103ක ලකුණක් හඹායෑමට පිටියට පිවිසි ස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ, එල්සි විලැනි සහ නිකොල් බෝල්ටන්ගේ සුපිරි පිතිකරණය සහ ලකුණු 89ක ශක්තිමත් ආරම්භය තෙවන තරගයේ ජයද තහවුරු කළේය. ඉනිමේ එකම කඩුල්ල ලෙස ලකුණු 35ක් ලබා සිටි බෝල්ටන් දවා ගැනීමට ඉනෝකා රණවීර සමත් විය. ලකුණු 15ක සබදතාවයක් සමඟ ජයග්‍රාහී හතරේ පහරකින් මුළු ලකුණු සංඛ්‍යාව 104ක් කල, තුන්වෙනි කඩුල්ලට පිටියට පිවිසි මෙග් ලනින්, පන්දුවාර 27.3 දී තරගය  නිමා කිරීමට සමත් විය. මෙහිදී විශිෂ්ඨ පිතිකරණයක නිරත වූ එල්සි විලැනි හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 48ක් රැස් කළේය. ඕස්ට්‍රේලියානු  කන්තා පිල කඩුලු 9කින් තරගය ජය ගත් අතර 3-0 ලෙස තරගාවලිය ද ජය ගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම – 104/1 (15.4) එල්සි විලැනි 48 , නිකොල් බෝල්ටන් 35, ඉනෝකා රණවීර 1/27

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට