ගෙවුනු දවස සැප්තැම්බර් 21 – කපුගෙදර විශිෂ්ඨ පිතිහරඹයක

2414
Sri Lanka Sports News Last Day Summary September 21s

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

උතුර හොල්ලන මුරලි කුසලානය

ලොව බිහිවූ සුපිරි දඟ පන්ද යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ නායකත්වය ඇතිව මෙවරද සංවිධානය කරනු ලබන “මුරලි සමගි කුසලාන” තරගාවලිය, කණ්ඩායම් 24, කාණ්ඩ 6ක් ඔස්සේ තරග වැදෙමින් ඊයේ (21) ආරම්භ විය. ඊයේ දිනය තුළ  තරඟ 11 උතුරු පළාතේ ක්‍රීඩාංගණ කිහිපයක දීම සාර්ථකව  නිමාවිය.

යාපනය පාසල් සංයුක්ත කණ්ඩායම – 81/10 (16.1): එස් .පී. ජේ. ෆෙලෙමින් 28, කේසවාන් සාජාන්තන් 11, සචින් අභිෂේක් පෙරේරා 2/08, චාරුක හතරසිංහ 2/11, ගනිත් සංදීප 2/18

රාජකීය විද්‍යාලය –85/2 (12.5):  හිමේෂ් රාමනායක 35*, රොනුක ජයවර්ධන 25, වසන්තන් ජතුශන් 1/05

නිට්ටඹුව කාන්තා කණ්ඩායම –120/10 (14.3): මලීශා ධනංජලී 24, සදනි ඩිල්ශානි 23, එම්. ජී. එස්. සෙව්වන්දි 3/23, උදාරා බණ්ඩාර 2/19

ශක්ති කාන්තා කණ්ඩායම –75/6 (15): යසාරා ජයවික්‍රම 18, එම්. ජී. සෙව්වන්දි 15*, ශානිකා තරූශි 2/11

ඉතිරි තරග සියල්ලේ ලකුණු සඳහා මුරලි කුසලානයේ පළමු දිනය තුලම පෙරලියක් ලිපියට පිවිසෙන්න

කපුගෙදරගෙන් දැවැන්ත ශතකයක්

24 වැනි වෙළඳ සේවා එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවති තරග වලින් ජය ලබන්නට ජෝන් කීල්ස්, MAS යුනිචෙලා, කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ඩිමෝ ක්‍රීඩකයින් සමත් විය. ප්‍රහාරාත්මක පිතිකරණයක නියැලෙමින් ලකුණු 170ක් වාර්තා කල මැද පෙළ පිතිකරු චාමර කපුගෙදර අද දිනයේ වීරයා බවට පත්විය.

ලකුණු සටහන

කොමර්ෂල් ක්‍රෙඩිට් කඩුලු 8ක් දැවී ලකුණු 328 (පන්දුවාර 50): චාමර කපුගෙදර 170, ඉමේෂ් උදයංග 64, චතුරංග ද සිල්වා 41, විමුක්ති පෙරේරා 33/55, සජීව වීරකෝන් 3/60.

HNB කඩුලු 5ක් දැවී ලකුණු 241 (පන්දුවාර 50): දේශාන් ඩයස් 64, මින්හාජ් ජලීල් 56, මාධව වර්ණපුර 51, හෂාන් ගුණතිලක 43, ලහිරු මධුෂාන් 2/33.

MAS ඇක්ටිව් සියල්ලන්ම දැවී ලකුණු 258 (පන්දුවාර 47.1): ජෙහාන් මුබාරක් 56, සචිත සේරසිංහ 50, ඩිල්ශාන් මුණවීර 47, ධනංජය ද සිල්වා 38, උපුල් ඉන්ද්‍රසිරි 4/44, විකුම් බණ්ඩාර 3/46.

ජෝන් කීල්ස් කඩුලු 8ක් දැවී ලකුණු 261 (පන්දුවාර 48.5): ලහිරු මිලන්ත 86, ජනක ගුණරත්න 40, භානුක රාජපක්ෂ 36, ඉශාන් ජයරත්න 35*, ධනංජය ද සිල්වා 3/40, සචිත් පතිරණ 2/48.

සම්පත් බැංකුව සියල්ලන්ම දැවී ලකුණු 221 (පන්දුවාර 44.3): රොමේෂ් බුද්ධික 49, ප්‍රිමෝශ් පෙරේරා 40, නුවන් පෙරේරා 36, රමේෂ් මෙන්ඩිස් 2/20, මතීෂ පෙරේරා 2/34, තික්ෂිල ද සිල්වා 3/43.

ඩිමෝ කඩුලු 7ක් දැවී ලකුණු 225 (පන්දුවාර 43.4): ලසිත් අබේරත්න 82*, නිපුන් කරුණානායක 47, කසුන් රාජිත 4/58.

ටෙක්ස්චඩ් ජර්සි කඩුලු 8ක් දැවී 245 (පන්දුවාර 50): චරිත් අසලංක 48, උපුල් බණ්ඩාර 41, මිනෝද් භානුක 39, විශාද් රන්දික 28, ලක්ෂාන් සඳකැන් 25*, මාලිංග බණ්ඩාර 2/54.

MAS යුනිචෙලා කඩුලු 9ක් දැවී ලකුණු 248 (පන්දුවාර 36.2): නිරෝෂන් දික්වැල්ල 40, ධනුෂ්ක ගුණතිලක 40, තිලක්ෂ සුමනසිරි 33, තිලකරත්න ඩිල්ශාන් 31, ෆර්වීස් මහරූෆ් 24, දිල්රුවන් පෙරේරා 26, ලක්ෂාන් සඳකැන් 2/31, ‍රනේෂ් පෙරේරා 2/35, මිලින්ද සිරිවර්ධන 2/34, ලහිරු පෙරේරා 2/69.

සම්පූර්ණ ලිපිය: යුනිචෙලා කණ්ඩායමේ අපරාජිත වාර්තාව නූලෙන් බේරෙයි


මලල ක්‍රීඩා –

මහා ක්‍රීඩා උළෙලකට සියල්ල සූදානම්

42වන ජාතික මහා ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මස 29, 30 සහ ඔක්තෝබර් මස 01, 02 යන දිනයන් හීදී යාපනය දුරෙයිඅප්පා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ඊයේ (21) ක්‍රිඩා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මාධ්‍යට පැවසීය.

යාපනය හා කිලිනොච්චිය කේන්ද්‍රකොට ගනිමින් මෙම ක්‍රීඩා උළෙල, එම දිස්ත්‍රික්ක තුල පවතින ක්‍රීඩාංගන වලදි පවත්වන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නේවාසික පහසුකම් –  යාපනය මහා විදුහල, යාපනය හින්දු විදුහල, වෙම්බඩි කාන්තා විදුහල, කුකුවිල් මහා විදුහල හා ස්ටැන්ලි විදුහල් තුල ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

සම්පූර්ණ ලිපිය: 42වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සියල්ල සූදානම

දවසේ නිමාව