ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර විසින් කොළඹ – නුවර මාර්ගයේ කඩවත කිරිල්ලවල ප්‍රදේශයේදී  සිදුකරන ලද රිය අනතුරකින් 28 හැවිරිදි තරුණයෙකු මරණයට පත්ව ඇත.

නුවර සිට කොළඹ බලා ගමන් කරමින් සිටි කුලසේකරගේ රියට යටවී ඇත්තේ වයස අවුරුදු 28ක් වූ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙකි. පොලීසිය විසින් වැඩිදුරටත් සදහන් කරන ලද්දේ තරුණයා ගමන් කරමින් සිටියදී රථයේ ගැටී ඇද වැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරනු ලැබු මාධ්‍ය නිවේදනයට අනුව මෙම අවසානාවන්ත අනතුර සිදුව ඇත්තේ නුවන් කුලසේකර නුවර සිට නැවතත් කොළඹ බලා එමින් සිටියදී විරුද්ධ මං තීරුවේ පැමිනි යතුරු පැදිකරුවෙක් බසයකට ඉස්සර කිරීමට යෑමේදි යතුරු පැදියේ පාලනය ගිලිහී යෑම නිසා කුලසේකරගේ රථයේ ඇවිත් ගැටීමෙනි. කඩවත මහෙස්ත්‍රාත්වරයා විසින් කුලසේකර ඇප මත නිදහස් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ තවමත් අවසන් වී නොමැත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට