Skype for Linux අළුත් update එක අඩුපාඩු කිහිපයකට පිළියම් යොදයි.

Skype for Linux අළුත් update එක අඩුපාඩු කිහිපයකට පිළියම් යොදයි.

1471
0
SHARE

Microsoft සමාගම Skype for Linux මෘදුකාංගය සඳහා තවත් update එකක් නිකුත් මෑතකදී නිකුත් කළා. මෙම update එකෙන් ඔවුන් මෘදුකාංගය සඳහා අලුතෙන් features හඳුන්වා දීම වෙනුවට bugs fix කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. මෙය Microsoft සමාගම විසින් Skype මෘදුකාංගය GNU/Linux users ලා වෙත හඳුන්වා දීමෙන් අනතුරුව නිකුත් කරනු ලැබූ හත් වෙනි update එකයි.

අලුත් update එකේ සිදු කර ඇති bug fixes වලින් අලුත් messages scroll කිරීම සහ messages read කළා යැයි mark කිරීම සම්බන්ධ වෙනස් කම් කැපී පෙනෙනවා. update කිරීමෙන් අනතුරුව messages පහලට scroll කල විටදී ඒවා read කරන ලද messages ලෙස සටහන් වෙනවා.
ඒ වගේම සම්බන්ධකතාවයේ තිබු ගැටළුවක් ද මේ update එක හරහා සකස් කිරීමට Microsoft සමාගම සමත් වී තිබෙනවා.

Group call display එකෙහි grid layout එකෙහි වෙනසක් සිදු කිරීම Skype for Linux 1.7 update එකට එකතු කර ඇති එකම අලුත් feature එකයි.

මෙම update එකෙන් අනතුරුවත් screen sharing වැනි features තවමත් Skype for Linux සඳහා ලැබී නැහැ. නමුත් Skype for Linux application එක අතහැර දමා නැති බවත්, මෘදුකාංගයේ සංවර්ධන කටයුතු කෙරීගෙන යන බවත් මෙම update එකෙන් පැහැදිලි වෙනවා. ඒ වගේම අනාගතයේදී අලුත් features, Skype for Linux මෘදුකාංගය සඳහා එකතු වීමට ඉඩ ඇති බවටත් මෙම update එක හොඳ සාක්ෂියක්.

source: neowin.net

Comments

comments

NO COMMENTS

LEAVE A REPLY