ගෙවුනු දවස සැප්තැම්බර් 15 – රග්බි ශූරතාවය කිංග්ස්වුඩ්ට

391

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

රග්බි –

ඉසිපතනය පරදා කුසලාන මහනුවරට

මයිලෝ ආයතනය මගින් සංවිධානය කරන වයස අවුරුදු 18න් පහළ  සමස්ත ලංකා පාසල් රග්බි ලීග් තරගාවලියේ පළමු වටය පසුගිය දා නිමාවූ අතර එහි අවසන් මහා තරඟ හතරම අද (15) කොළඹ CR&FC පිටියේදී පැවැත්විණි. මෙම තරඟ වලින් කිංස්වුඩ්, සාන්ත ජෝශප්, ත්‍රිත්ව, මලියදේව යන විද්‍යාල ජයග්‍රහණය කිරීමට සමත් විය.

  • කුසලාන අවසන් තරගය: ඉසිපතන  විද්‍යාලය 05- 21 කිංග්ස්වුඩ් විද්‍යාලය
  • පලඟ අවසන් තරගය: සාන්ත ජෝන් විද්‍යාලය 03 – 38 සාන්ත ජෝශප් විද්‍යාලය
  • බඳුන අවසන් තරගය: විද්‍යාර්ථ විද්‍යාලය 07 – 41 ත්‍රිත්ව විද්‍යාලය
  • පලඟ අවසන් තරගය: මලියදේව විද්‍යාලය 44 – 00 මොරටුව විද්‍යාලය

සම්පූර්ණ ලිපිය: කිංග්ස්වුඩ් වසර හයක මතකයන් අලුත් කරයි


මලල ක්‍රීඩා –

නව වාර්තා සමඟින් ජෝන් ටාබර්ට් නිමයි

86 වැනි ජ්‍යෙෂ්ඨ සර් ජෝන් ටාර්බට් මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ දිනය නිමාව දුටුවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේදීය. වාර්තා අලුත් වෙමින් සහ නවක ක්‍රීඩකයින් බිහිකරමින් තරගය පුරා දින තුනක් තිස්සේ පැවැත්විය. සමස්ත තරගාවලියේ බාලක ශූරතාවය මීගමුව ශාන්ත මරියා විද්‍යාලයටත්, සමස්ත බාලිකා ශූරතාවය වලල ඒ. රත්නායක මහා විද්‍යාලයටත් හිමිවිය.

සම්පූර්ණ ලිපිය බලාපොරොත්තුවන්න


ක්‍රිකට් –

15න් පහල ශූරතාවය නාලන්දට

සිංගර් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහල දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (14) ආරම්භ වූ අතර එම තරගයේ අවසන් දිනය අද (15) කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රිකට් පිටියේදී නිමාවූයේ නාලන්දා විද්‍යාලයට පළමු ඉණිමක ජයක් ද ලබාදෙමිනි.

නාලන්දා විද්‍යාලය පළමු ඉණිම – 179/04 (66): ලක්ෂාන් කාශ්‍යප 72, රවීන් ද සිල්වා 27, ජයෝද, කල්දීර 21*, දුනිත් වෙල්ලාලගේ 2/45.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – 172/10 (87.5): දුනිත් වෙල්ලාලගේ 31, ජනිශ්ක පෙරේරා, 21, ජයෝද් කල්දීර 3/25, තමිදු කමලසූරිය 2/30, රවීන් ද සිල්වා 2/17

සම්පූර්ණ ලිපිය: නාලන්ද විද්‍යාලය අවසන් තරඟය ජයගනියි


ශාන්ත තෝමස් විදුහලට ජය

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලීය ක්‍රීඩකයන් තම දඟ පන්දුව ඉදිරියේ අසරණ කරමින් සිය පාසල දැවැන්ත ජයග්‍රහණයක් කරා මෙහෙයවීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ වමත් දඟ පන්දු යවන ක්‍රීඩක පවිත් රත්නායක අද (15) සමත් විය. තම විද්‍යාලය ඉනිමක හා ලකුණු 124ක ජයක් ලබන විට දීප්තිමත් අනාගතයකට උරුමකම් කිව හැකි මෙම යොවුන් දඟ පන්දු යවන්නා විසින් තරගය පුරාවට බිඳ හෙලා තිබූ කඩුලු ගණන 10කි.

ශාන්ත තෝමස් විද්‍යාලය – කඩුලු 7ක් දැවී ලකුණු 339 (පන්දුවාර 80.2) – ඉශේන් පෙරේරා 107, මන්තිල විජේරත්න 102, රවිඳු කොඩිතුවක්කු 62, මහිම වීරකෝන්, 2/86, චමිඳු සමරසිංහ 2/89.

ධර්මපාල විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 111 (පන්දුවාර 41.2) – කණිෂ්ක ජයසුන්දර 23, ගිම්හාන් මුණසිංහ 21, දිනුර ගුණවර්ධන 3/30, පවිත් ජයරත්න 3/29.

ධර්මපාල විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 104 (පන්දුවාර 34.3) – දුලාජ් එගොඩගේ 28, හශන්ත විශ්වජිත් 30, පවිත් රත්නායක 7/47, ඩෙලෝන් පීරිස් 2/20.

සම්පූර්ණ ලිපිය: තුන් ඉරියව් දක්ෂතා නිසා ශාන්ත තෝමස් විද්‍යාලයට විශිෂ්ට ජයක්

දවසේ නිමාව