නාලන්ද විද්‍යාලය අවසන් තරඟය ජයගනියි

953
Nalanda College

සිංගර් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහල දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (14) ආරම්භ වූ අතර එම තරගයේ අවසන් දිනය අද (15) කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රිකට් පිටියේදී නිමාවූයේ නාලන්දා විද්‍යාලයට පළමු ඉණිමක ජයක් ද ලබාදෙමිනි.

පසුගිය ලිපි: කිරුල සොයා යන අවසන් දිනය හෙටයි

ඊයේ දිනය සඳහා තරඟය අවසන් වනවිට නාලන්ද විද්‍යාලය තම පළමු ඉණිම සදහා කිසිවෙකු නොදැවී ලකුණු 4ක් ලබාගන්නා ලදි.

පැහැදිලි අහසක් සහිතව යහපත් කාලගුණික තත්ත්වයක් සමගින් ආරම්භ වූ මෙම අවසන් සටනේ අවසන් දිනය තුළ නාලන්ද කණ්ඩායම සෙබස්තියන් විද්‍යාලයට දැඩි අභියෝගයක් එල්ල කල අතර එම අභියෝගයට අඩිතාලම සකස් කිරීමට ලක්ෂාන් කාශ්‍යප සමත් විය. ඔහු නාලන්දා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ ඉණිමක් තර්ස්ටන් තණතීරුව මත දියත් කරමින් ලකුණු 72ක් තම කණ්ඩායමට ලබාදුන් අතර, ඔහු සමඟ සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් තම ඉණිම ස්ථාවරව තබා ගැනීමට රවීන් ද සිල්වා සහය ලබාදෙන ලදි. ඔහු ලකුණු 27ක් තම කණ්ඩායම වෙනුවෙන් ලබාගන්නා ලදි.

පන්දුවෙන් මෙන්ම පිත්තද යම්තාක් දුරකට සාර්ථක කරගත් ජයෝද් කල්දීර ලකුණු 21*ක් නොදැවී ලබාගන්නා ලදි. ඔහු පළමු ඉණිම තුළ මොරටුව සෙබස්තියන් විද්‍යාලය කඩුලු 3ක් ලකුණු 25ක් ඇතුළත ද දවාලමින් තුන් ඉරියව් දක්ෂතා දක්වන ලදි.

නාලන්දා විද්‍යාලය පළමු ඉණිම – 179/04 (66): ලක්ෂාන් කාශ්‍යප 72, රවීන් ද සිල්වා 27, ජයෝද, කල්දීර 21*, දුනිත් වෙල්ලාලගේ 2/45.

කාසියේ වාසිය ජයග්‍රහණය කොට පළමුව ක්‍රීඩා කල සෙබස්තියන් විද්‍යාලය මෙම තරඟයේ පළමු දිනය තුළ පහත දැක්වෙන ලෙස ලකුණු පුවරුවේ සටහන් තබාගැනීමට සමත් විය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – 172/10 (87.5) දුනිත් වෙල්ලාලගේ 31, ජනිශ්ක පෙරේරා, 21, ජයෝද් කල්දීර 3/25, තමිදු කමලසූරිය 2/30, රවීන් ද සිල්වා 2/17

මෙම තරගයේ පිටියේ විනිසුරුවරුන් ලෙස ඩී. එම්. ඒ. ඩී. දිසානායක මහතා හා සුසිල් චන්ද්‍රසිරි මහතා ක්‍රියා කරන ලදි.

මෙම අවසන් මහා තරඟය කොළඹ නාලන්දා වයස අවුරුදු 15න් පහල කණ්ඩායම පළමු ඉණිමක ජයග්‍රහණයක් ලබාගෙන මොරටුව සෙබස්තියන් විද්‍යාලය අභිබවා යාමට සමත් විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට