Pages

15 September 2016

නෙල්ලිකුලම සිරිසම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය

"නෙල්ලිකුලම සිරිසම්බුද්ධ පංචසතික ශ්‍රාවක චාරිකාරාමය" පිහිටලා තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. බුදුරජාණන්වහන්සේ ඇතුළු 500ක් මහා රහතන් වහන්සේලා ජීවමාන ප්‍රමාණයෙන් මෙහි නිර්මාණය කරලා තියනවා.


දිස්ත්‍රික්කය:- අනුරාධපුරය
GPS Reading:- 8.376902, 80.336474
Google Map:- මෙතන click කරන්න




ඔබ තන්තිරිමලේ යනවනම් මෙතනටත් ඇවිත් යන්න. අනුරාධපුරේ සිට තන්තිරිමලේ යන අතරමගදී ඔබට මෙතන  හමු වෙනවා. මෙතන ඉදන් තන්තිරිමලේට 30Km විතර තමා තියෙන්නේ.




මෙතන පිළිම වලට සමාන්තරව වන ලැහැබ තුලින් දිවෙන කුඩා මාර්ගයක් තියනවා, හිත නිදහස්ව සක්මන් භාවනාවේ යෙදෙන්න හොදම තැනක්. හැබැයි ඒ සදහා ඔබ එනවනම් උදේ 9.30ට වත් කලින් එන්න පුලුවන්නම් තමා හොද. නැත්තන් තරමක් සෙනග වැඩි වෙන එක ඔබට බාදාවක් වෙන්න ඉඩ තියනවා.


ඒ වගේම මේ පිළිම වසර තුනකට වරක් නැවත තීන්ත අලේප කරන්න වෙනවා. ඒ සදහා එක පිළිමයකට රුපියල් 2500ක් පමණ වැය වෙනවා. හැකියාවක් තියනවනම් ආධාරයක් කරන්න.


 කෘතිමව සාදපු ගල් ගුහාවක් තුල විවිධ ජාතක කතා මෙන්ම වෙනත් බෞද්ධ කතා නිර්මාණය කරලා තියනවා


No comments:

Post a Comment