බ්ලොග් ලියන අපි...

 

මට අද මේල් එකක් ආවා...  මම වගේම බ්ලොග් එකක් ලියන කෙනෙක් ගෙන්...  පහලින් තියෙන්නෙ මම ඒකට යවපු පිළිතුරින් උපුටා ගත් කොටසක්මට හිතුන ඒක මෙතන පල කරොත් හොඳයි කියල...

 

බ්ලොග් ලියන අපි ගොඩක් ඉන්නෙ සංවේදී අය...  මම කියන්නෙ අනුන්ගෙ ඕපදූපයි දේශපාලනෙයි ගැන ලියන අය නෙවෙයි; ඔයාල අපි වගේ අය ගැන...  මේක විනෝදාංශයක් වගේම සුන්දර වේදනාවක්...  හරියට කහන එක වගේ...

 

කහනකොට චුට්ටක් සනීපයි වගේ දැනුනට පස්සෙ දැවිල්ල හැදෙනවනෙ...  අප්පිරියද උපමාව...පරණ දිනපොත්, සටහන් පොත් අවුස්සගෙන මේ කරන්නෙ සනීප වෙලා වගේ පිටට පෙනෙන, ඒත් ඇතුලෙන් ඔඩු දුවන තුවාල අවුස්සලා කහන එක නේද...?

 

ඇත්තටම සංවේදී හිතක් තියන කෙනෙකුට බෑ තවත් කෙනෙකුට දුකක් දෙන්න තියා තව කෙනෙක් දුක් විඳිනව බලා ඉන්නවත්...  කාට පුලුවන් වුනත් මටනම් බෑ...  "අත්තානං උපමං කත්වා" කියමනට අනුව...

 

මේ වගේ ලියන අපි සේරම එකම ආගමක් අදහන, එකම වන්දනාවක යන අය...  අපි එකිනෙකාට පිහිට වෙන්න ඕන, ශක්තිය දෙන්න ඕන, තනි නොතනියට ලඟ ඉන්න ඕන, වැටෙන්න යනවා දැක්කොත් නැගිටින්න අත දෙන්න ඕන...  වෙන කවුද අපිට ඉන්නෙ...?

 

අපි දිගටම මෙහෙම ලියමු... කවුරු හරි බලල සතුටු වෙනවනම් ඒකත් ලොකු දෙයක්නෙ.

12 comments:

  1. සංවේදි කියන එකේ උපරිම මට්ටමේ නැතත් මමත් යම් තරමකට ඒවගේ පුද්ගලයෙක්...

    ReplyDelete
  2. සංවේදී බවේ උපරිමයට ගිය කෙනෙකුට මේ ලෝකෙ ජීවත් වෙන්න හරිම අමාරුයි... අඩු වයසින් දිවි නසා ගන්නෙ, එහෙමත් නැත්නම් උමතු වෙන්නෙ හෝ බීමට ඇබ්බැහි වෙන්නෙ බොහෝ විට එවැනි අධි සංවේදී අය. සාමාන්‍යයෙන් ඕනැම කෙනෙක් සංවේදී වෙන අවස්ථා එළඹෙනවා. මතකද මහගම සේකර මහතා මෙහෙම ලියලා තිබුනා... මට මතක හැටියට 'හෙට ඉරක් පායයි' පද්‍ය සංග්‍රහයේ...

    "කෙතරම් දැඩි හදක් වුවද
    යම් දවසක
    දයා දියෙන් ආර්ද්‍ර වී
    කඳුළු සලන මොහොතක් ඇත

    විදුරු මිණක් සේ බබලන
    ඒ හදවත
    ඒ මොහොතෙහි අත්ලට ගෙන
    බලනු මැනව

    මේ මිහිපිට කිසිම දෙයක්
    ඒ තරමට සුන්දර නැත..."

    ReplyDelete
  3. මටනම් මේක එච්චර තේරුනේ නෑ.

    ReplyDelete
  4. මමත් සිංහල බ්ලොග් කරුවෙක්මි.නමුත් මම බ්ලොග් ලියන එක නැවතුවෙමි.මන්ද එහි කැපිලි කෙටිලි වැඩි නිසාවෙනි.මාගේ අත්ම තෘප්තිය හා වෙනත් කෙනෙකුට දැනුමක් ලබාදීම සදහා පමණක්ම සිදුකල බ්ලොග් ලිවීම අන් අයගේ සිතුවිලි හා චේතනාවන් නිසා අතහැරියෙමි.බ්ලොග් ලිවීමෙන් සතුටට වඩා දුකක්ම ලැබෙන්නේ නම් එම දුක හටගන්නා මුලයෙන් ඉවත් විම හොදයැයි සිතුනි.

    ඔබට සුභ පතමි...!!!දිගටම ලියන්න.
    ප්‍රතිචාරයක් දැමීමට නොහැකි වුවද ඔබේ ලිපි කියවමි.

    ReplyDelete
  5. @Anonymous,
    මමත් බ්ලොග් ලියන්නේ ඔය අරමුණම සාක්ෂාත් කරගන්න තමයි. මටත් කැපිලි කෙටිලි තියෙනවා.

    ඒත් මම සැලෙන්නෙ නෑ (බල්ලො බිරුවා කියලා කඳු පාත් වෙන්නෙ නෑනේ)...
    උන් ලියන ඒවට මගේ බ්ලොග් එකෙන් උත්තර දෙන්නෙත් නෑ (කඳු කවදාවත් බල්ලන්ට කඩා පනින්නෙ නෑනේ)...
    මගේ ලිවීම නවත්තන්නෙ කාටවත් ඕන වෙලාවට නෙමෙයි මට ඕන වෙලාවට.

    ඒ වගේම කාටවත් තමන්ව පාලනය කරන්න දෙන්න එපා. තමන් එක්ක තරහ අයට දිනන්න දෙන්න එපා.

    ඔබ කවුරු වුණත් කමක් නෑ. ආපහු හිත හදාගන්න; ලිවීම පටන් ගන්න. ඔබට ජය!

    ReplyDelete
  6. මමත් Blog එකක් ලියන්න පටන් ගත්තා. මමත් ලියන්න ගත්තේ බෝඩිමට වෙලා තනියම කල්පනා කර කර ඉදලා මොලේ කුරුවල් වෙන නිසා මොකක් හරි කරන්න ඒන කියන පදනමේ පිහිටා. මමනම් අළුත්. හැබැයි මේ ටිකට මට මම බලාපොරොත්තු වුනාටත් වඩා ලොකු ප්රිථිචාරයත් ලැබුනා. මට නම් තේරෙන්නේ නැහැ ඔයාල කියන ඔය කැපිලි කෙටිලි ගැන. පොඩ්ඩක් කවුරු හරි තේරුම් කරල දෙන්නකො

    ReplyDelete
  7. @රොකියා
    මොකක්ද තේරුනේ නැත්තෙ, සේකර මහත්තයගෙ කවියද?

    @Anonymous
    මුලින්ම ප්‍රතිචාර දැක්වීම පිලිබඳව ඔබට තුති පුදමි... මා ලියන්නේ ඔබ වැන්නවුන් වෙනුවෙනි. කැපිලි කෙටිලි යනුවෙන් ඔබ හඳුන්වන ක්‍රියාවලිය සිදු නොවන එකම එක තැනක් හෝ මේ මිහිපිට ඇතැයි මම නොසිතමි. ශාකුන්තල කියා ඇති පරිදි වෙනත් කාගේ හෝ ඕනෑ එපාකම් වලට අපේ වැඩ කටයුතු නවතා දැමීම නුවණට හුරු වැඩක් නොවේ. එයින් රිදෙන්නේ කපන කොටන අයට නොව ලියන කියවන අයට බැවිනි. එහෙයින් අප හා එක්වී නැවතත් ලියන්නැයි මම ඔබෙන් ආදරයෙන් ඉල්ලමි... ඔබට සවිය හා දිරිය...!

    ReplyDelete
  8. @ශාකුන්තල
    ඔයාගෙ අදහස මම ඉතාම අගේ කොට සලකනවා... ජීවිතේට මුහුන දෙන්න ඔය ආත්ම ශක්තිය තියෙන්නම ඕන. අනිත් එක තමයි හුඟක් වෙලාවට ඔය බල්ලො බුරන්නෙ අපටම නෙවෙයි. ඒක බල්ලන්ගෙ ජන්ම ගතිය. කාටත් බුරනවා... නිකනුත් බුරනවා... ඊලඟට මම දන්න දෙයක් තමයි සමහර බල්ලො බුරන්නෙ තනි කමට... කරන්න දෙයක් නැති කමට... සමහර බුරන බල්ලො ඉන්නවා අනුකම්පාවෙන් සැලකුවොත් අපිත් එක්ක යාලුවෙන ජාතියෙ එවුන්... ඒක නිසා කරන්න තියෙන්නෙ එක්කෝ ගනන් නොගෙන පාඩුවෙ තමන්ගෙ වැඩක් කර ගන්නවා, එහෙම නැත්නම් මස් කට්ටක් දීල යාලු කර ගන්න බලනවා...

    @ගීත්

    මට හිතෙනවා මේ මාතෘකාව සංසදයේ විවෘත සාකච්ඡාවකට ගන්න වටින එකක් කියලා. මමත් තවම බ්ලොග්කරනයට අලුත් නිසා කැපිලි කෙටිලි ගැන මොකුත්ම දන්නෙ නෑ... අපි ඔහොම ගිහින් බලමුකො... කිසිම කෙනෙකුට උදව්වක් මිස කරදරයක් නොකරන කෙනෙකුට හදිසි අනතුරක් මිස වෙන කරදරයක් වෙයි කියල හිතන්න අමාරුයිනෙ...

    ReplyDelete
  9. Sir, it seems that you've added a wrong feed to Kottu. Now whenever someone comments here it appears on Kottu. Perhaps you want to change it?

    ReplyDelete
  10. @Sach
    Thank you very much for pointing out... I am afraid I do not know much about this blogging thing as I am a new comer...:-) If I have made a mistake I am extremely sorry and I want to correct it ASAP... So what should I do? Please advise...!

    ReplyDelete
  11. my fault, not yours, switched it to the correct feed now

    ReplyDelete