Sunday, May 2, 2010

පිටකොටුව ,පදික වේදිකාව,හා රට

මේ දවස්වල පිටකොටුවේ කඩ කඩලා මාර ටොක්ස් යන්නේ.ගමේ වගේම නගරේ අයත් ඔය ගැනමයි කතාව සමහර අය කියනවා හොදයි කියලා තව සමහර කියනවා නරකයි කියලා ඇත්තටම මේක නරකද එහෙම නැත්නම් හොදද ?

මම දකින විදියට මෙක ප්‍රධාන වශයෙන් රාමු දෙකක් තුල සිට නීරීක්ෂනය කල හැක.සුලුතර පදික වේදීකා වෙලෙන්දන්ගේ කෝණයෙන් බලන කල මේ සිදුවීම තුලින් ඔවුන්ට සිදුවූ අයහපත අතිවිශාලය.සුළු ලාභයක් තබාගේන අරුමෝසම් (මනි බඩු ) වල පටන් ඉතා විශාල වපසරියක් තුල විසිරී තිබු මෙමගින් ඉතා විශාල පුද්ගලයන් ප්‍රමාණයක් දිවි ගැට ගසා ගන්නා ලදී.

රට වැසියකුගේ එසේ නැත්නම් පදිකයකුගේ කෝණයෙන් බලන කල මා සිතන්නේ පදික වේදිකා තිබිය යුත්තේ පදිකයාට ආරක්ෂා සහිතව යැමට මිස වෙලදාම් කිරීමට නොවන බවය.

නමුත් දිනපතා පිටකොටුවේන් බස් එකට නගින්නෙකු වශයෙන් මම දකින්නේ බහුතරයක් පදික වෙලෙන්දෝ ඉතාමත් උත්සහවන්ත බවත් ක්‍රියාශ්‍රිලී බවත්ය.මේවැනි මානව සම්පතක් රටේ පදික වේදිකා මත්තෙහි නැසෙන්නට හැරිය යුතු නොවේ. ඔවුන්ගේ දක්ෂතා විධිමත් ලෙස ප්‍රයෝජනයට ගත හැකිනම් එයම අප වැනි රටකට ඉතාමත් වැදගත්ය.

පිංතුරය උපුටා ගන්නා ලද්දේ 

පිටකොටුව - Article of Townsman

9 comments:

  1. හ්ම්.. ඔය ප්‍රශ්නේ හැමදාමත් තියෙනවානේ.. වැඩේ වෙලා තියෙන්නේ, ඔය පේව්මන්ට් බිස්නස් කරන මිනිස්සුන්ට වෙනම කඩ දාලා දුන්නත්, එයාලා එතනදී හම්බවෙන මුදල ගැන සෑහීමකට පත් නොවෙන එකයි. ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් ඒක සාධාරණයි.

    මම නම් කැමතියි බං, ඔය විච්චූරණ බඩු කෑලි දිහා බලාගෙන පේව්මන්ට් එකේ ඇවිදින්න.. මම ලඟ තියෙන, පොඩි පොඩි ගැජමැටික්ස් ඔක්කොම ඒවයින් ගතිපු ඒවා..

    ReplyDelete
  2. .::පිස්සා::.


    ඇත්ත බන් රු 100 පුලුවන්ද පවුලක් නඩත්තුකරන්න .හැබැයි එහෙම උනා කියලා පේමට්වල නැවතත් අනවසර වෙළදාම විකල්පයක් නෙමේනේ.

    මම පිටකොටුවේ දවස්ගානක් රස්තියාදු ගහලා තියෙනවා.මමත් හුගක් දේවල් ගන්නෙත් පිටකොටුවෙන්.උදාහරණයක් වශයෙන් එලියේ රු 30 ට 35 ට විකුණන ඩුප්ලිකේට් (Blank) ඩී වී ඩී එක රු 15 ට 20 ට පිටකොටුවෙන් ගන්න පුලුවන්.

    ReplyDelete
  3. මමත් කැමතියි පේමන්ට් කඩ ඉවත් කළාට... ප්‍රශ්නෙ තියන්නේ එයාලට වෙන තැනකින් කඩ දුන්නත්.. ඒක විකුනලා හරි කුලියට දීලා හරි ආපහු අතෙන්ටම එන එකයි.
    නවත්තන්ට ඕන අන්න ඒකයි...

    ReplyDelete
  4. kumaraya ta

    බහුතරක් කුඩැල්ලා මෙට්ටේ තිබ්බා වගේ අයිත් එනවා.ඒ වගේම විවේචනය කරන්නට ඒවා පෙන්නේ නැ.

    ReplyDelete
  5. සැහෙන්න විවේචන තිබුනත් පව් මචං

    කී දෙනෙක් කන්න නැතුව දුක් විඳිනව ඇද්ද

    උනුත් බඩගින්දර දැනෙන මනුස්සොයොනේ

    ReplyDelete
  6. මාතලන්ට
    ඔව් බන්ග් පව් කට්ටිය.

    ReplyDelete
  7. පදික වෙළදුන්ට විකල්පයක් දීලයි ඔවුන්ව ඉවත් කරන්න තිබුණේ. ඒකයි මම දකින ලොකුම අසාධාරණය.

    ReplyDelete
  8. ඔය සේරම කඩලා ලස්සනට පොඩි කඩ කෑලි හැදුව නන් ඔතනම හොඳයි නේද? අනේ මන්දා

    ReplyDelete
  9. මධු වීරකෝන් n හුටපටයා

    ම්හ් කරන දෙයක් සැලස්මක් ඇතුව කරොත් හොදයි නැත්නම් තත්ත්වය තවත් නරක් වෙන්න පුලුවන්

    ReplyDelete