Tuesday, January 22, 2013

උත්තරීතර පොට් එක...




බත් බැලයන් රන් කරනා
තීන්දු තීරන ගන්නා
අපම නැහිලා පත් කරනා
අමන ‍රැලක් රජ කරනා....

හොරුන් මිනීමරුවන්
කුඩ්ඩන් ත්‍රස්තවාදීන්
සමගින් උගත්තු පොඩ්ඩක්
නළුවන්ද නිලියන්ද 
ක්‍රීඩක මුදලාලිලා ද 
තීන්දු තීරන ගන්නා
උත්තරීතර පොට් එක......

බැටළු ‍රැල රක්නා 
ගොපළු බල්ලන් ලෙසිනා
බොහෝ  අය කියනා
නිසා බැලුවමි මදක් එබිලා.....

ඇස්ගෙඩි දෙක ලොකු උනා
දිව එලියට දික් උනා
හනේ හපොයි කියවුනා
සරමෙම සුලු දිය ගියා........

තුන් වේලම ලාබෙට
බඩත් කටත් පුරෝගන්න
හරක් මසුත් හොඳට  කන්න 
ගොල්ඩන් සිරප් බොන්න
බයිට් කරගන්න
මෝඩ ආතල් දෙන්න
හැකි නිසා හොඳට
ඌරුමස් නැතත් මොකද......

මී හරක් නඩු අහන 
දෙපත් නයි කඹ අදින 
අපේ දිවි නග්ගන්න 
බත් බැලයෝ උඩු බුරන....

උගත් කම සුදුසුකම
ඕන නෑ මේහෙට 
හමහරුන් හට රෙද්ද
ඉස්සුවත් ඇති ඔන්න.....

මොනා කරන්නද අනේ
ප්‍රජාතන්ත්‍රවාදෙනේ
දාහතේන් දහ අටෙන් පස්සේ
දහ නවයත් එනවනේ......

වැඩිය දැඟලුවොත් මෙතන
දානවා අතුලට.
පැය 48 කට පස්සේ 
හුස්ම ගත්තොත් නඩු වැටෙන්නේ......

කරන්නම දෙයක් නැද්ද
නිකම් කර කර ඉන්න 
දඬුවමක් ලෙස මෙන්න
නිතර කර බලන්න
ගෙනාවා ඔන්න 
ශරියා නීතියෙන් අනුමත
කොහොමදැයි දැනගන්න 
උත්තරීතර පොට් එක............

 

අවවාදයයි: හතර විලි ලැජ්ජාව ඇති අය මෙය නැරඹීමෙන් වලකින්න....


ලිව්වේ මොරබ්බා

10 comments:

  1. ගෝල්ඩන් සිරප් තියෙනවනේ..
    ඒ ඇති ඉතිං ඒගොල්ලංට..

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල..රජ සැප තමා ඔං

      Delete
  2. "අපම නැහිලා පත් කරනා
    අමන ‍රැලක් රජ කරනා...."
    ඔහොම බැලුවම අපිමනේ ඉතින් වැරදි...
    ඔය කොයි කවුරුත් අන්තිමට අපිට කොකා පෙන්නන එකයි කොරන්නෙ..

    ReplyDelete
    Replies
    1. නැවත නැවත විකාශය වන teledrama එකක් වගේ හැමදාම උනේ එකම දේ මේකේ පදනමම අමු බොරුවක් නෙමෙයිද? හැමෝම දන්නවා අනෙකා බොරුව කරන්නේ කියල එත් නොදන්නවා වගේ තමනුත් ඒ නාට්‍යයේ රඟපානවා

      Delete
  3. උපරිමයි.... කිව යුතු සියල්ල කියා ඇති කල කුමක් කොමෙන්ට් කරම්ද....?

    ReplyDelete
    Replies
    1. තිත්ත ඇත්ත මේක තමයි මාතලන් අයියා.පක්ෂ විපක්ෂ කියල නැහැ එයාලගේ බඩ රස්සාව ඒක....

      Delete
  4. ඔක්කෝම ටික නියමෙට කියල තියෙනවා මොරබ්බා ..
    විශිෂ්ටයි.....

    ReplyDelete
  5. mitharayaa oba kohida ?
    lagakadi dutuwe naha obawa..
    kisiyam prashnayakinda oba ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන් පහුගිය ටිකේ වැඩ රාජකාරි බහුල උනා....ඔබට කොහොමද?

      Delete

හිතෙන දේ සුදුසු විදිහට කියල යන්න...

Related Posts Plugin for WordPress, Blogger...