ගෙවුනු දවස සැප්තැම්බර් 08 – තහනමකට අත වැනූ ක්‍රීඩකයෙක්

988
Sep - 08

ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com විසින් ඔබ වෙත ඉදිරිපත් කරන “ගෙවුනු දවස” ලිපි මාලාවේ අරමුණ, කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔබට මඟ හැරෙන ක්‍රීඩා පුවත් එකම ලිපියකින් සංක්ෂිප්තව ඔබ වෙත වාර්තා කිරීමයි. එහිදි අප සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව ගෙවුනු සතියේ සිදුවු විශේෂ පුවත් ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

ක්‍රිකට් –

ලුම්බිණි විද්‍යාලය 248 (57) ‍

වෙස්ලි ක්‍රීඩා පිටියේ පැවති සිංගර් වයස අවුරුදු 19න් පහල පළමු පෙල ක්‍රිකට් තරගාවලියේ, ලුම්බිණි විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර පැවැත්වෙන තරගයේ පළමු දිනයේ වැඩි ගෞරවය දිනා ගැනීමට, කාසියේ වාසිය සමඟින් පිටියට පිවිසි ලුම්බිණි විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය. දිනය නිමාවන විට ලුම්බිණි ක්‍රීඩකයෝ පන්දුවාර 57කදි ලකුණු 248ක් වාර්තා කිරීමට සමත් වූහ.

ලුම්බිණි විද්‍යාලය – 248 (57)  | කවීන් පීරිස් 73, කණිෂ්ක මධුවන්ත 31*, රවිඳු සංජීව 33, කාවින්ද දිසානායක 4/62, මොහොමඩ් උබයදුල්ලා 2/29.

වෙස්ලි විද්‍යාලය – 125/5 (38) | මොවීන් සුභසිංහ 38*, ජේසන් ද සිල්වා 37, කණිෂ්ක මධුශංක 5/67.


මුරලි කුසලානය සැප්තැම්බර් 20

පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට මනා පිටිවහලක් වන මුරලි කුසලාන ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 20 වැනි දා අාරම්භ කරන බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදි අනාවරණය කරන ලදි.

විශේෂයෙන්ම උතුර, නැගෙනහිර වැනි යුදමය වාතාවරණයක් පැවති කලාපවල මෙන්ම ලංකාවේ ග්‍රාමීය පාසල්වලද, ක්‍රීඩකයින් ගොඩනැගීම සහ ඔවුන් තව තවත් උනන්දු කිරීම අරමුණු කරගනිමින් 20-20 අාකෘතියේ තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය තුලින් විවිධ ජාතීන් අතර ක්‍රීඩකයින්ගේ සුහදත්වය ගොඩනැගීම, ප්‍රජාවන් එකමුතු කිරීම සහ හ්‍රී ලංකා සමාජයේ එකමුතුකම සහ හොඳ හිත වර්ධනය කරගැනීමට මෙම තරගාවලිය මනා පිටිවහලක් වනු අැත.

බාලක තරගාවලිය – A කාණ්ඩය (යාපනය, ශාන්ත පැට්‍රික් විද්‍යාලීය ක්‍රීඩා පිටිය)

  • යාපනය ඒකාබද්ධ පාසල්
  • රාජකීය විද්‍යාලය, කොළඹ
  • සීනිගම ඒකාබද්ධ පාසල්
  • උඩරට ඒකාබද්ධ පාසල්

බාලක තරගාවලිය – B කාණ්ඩය (යාපනය මධ්‍ය විදුහල් ක්‍රීඩා පිටිය)

  • යාපනය මධ්‍ය මහා විද්‍යාලය,
  • ශාන්ත ජෝශප් විද්‍යාලය, කොළඹ
  • මොනරාගල ඒකාබද්ධ පාසල්
  • සහිරා විද්‍යාලය, මරදාන

බාලක තරගාවලිය – C කාණ්ඩය (කිලිනොච්චිය මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩා පිටිය)

  • කිලිනොච්චිය – මුලතිව් ඒකාබද්ධ පාසල්
  • නාලන්ද විද්‍යාලය
  • කළුතර විද්‍යාලය
  • ශා. අැලෝසියස් විද්‍යාලය, රත්නපුර

බාලක තරගාවලිය – D කාණ්ඩය (IODR ඔවල් මුලතිව්)

  • මන්නාරම ඒකාබද්ධ පාසල්
  • කින්ග්ස්වුඩ් විද්‍යාලය
  • මහින්ද විද්‍යාලය, ගාල්ල
  • ත්‍රිකුණාමලය/ මඩකලපුව ඒකාබද්ධ පාසල්

බාලිකා තරගාවලිය – A කාණ්ඩය

  • තම්බුව කාන්තවෝ
  • ශක්ති කාන්තාවෝ
  • උතුර/ නැගෙනහිර කාන්තාවෝ
  • බදුල්ල කාන්තාවෝ

බාලිකා තරගාවලිය – B කාණ්ඩය

  • සීනිගම කාන්තාවෝ
  • මාතලේ කාන්තාවෝ
  • පොලොන්නරුව කාන්තාවෝ
  • මොනරාගල කාන්තා අැකඩමිය

සම්පූර්ණ ලිපිය බලාපොරොත්තුවන්න


පාපන්දු –

යුද හමුදා සමාජ ක්‍රීඩකයෙකුට තහනමක්?

යුද හමුදා ක්‍රීඩා සමාජ පාපන්දු ක්‍රීඩක ඩිලාන් උදයංගට එරෙහිව වසරක තරග තහනමක් පැනවීමේ අවදානමක් මතුව ඇත. ඒ පසුගියදා කොළඹ තුරග තරග පිටියේදී අවසන් වූ, ඩයලොග් චැම්පියන්ස් ලීග් සුපර් 8 දෙනාගේ වටයේ, ගුවන් හමුදා කණ්ඩායම සමග පැවති තරගයකදී විනිශ්චයකාරවරයා සමග නොමනා අයුරින් වචන හුවමාරුවක යෙදීම හේතුවෙනුයි.

මෙවන් සිදුවීමක් මේ වසර තුල වාර්තා වූ පළමු අවස්තාව මෙය නොවේ. මාස කිහිපයකට පෙර FA කුසලාන අවසන් මහා තරගයේදී රිනවුන් ක්‍රීඩා සමාජයේ ෆ්‍රැන්සිස් ඇග්බේටි (Francis Agbeti) හට මෙවන්ම  කාඩ් පතක් ලබා දීමට කටයුතු කල අතර පසුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන විනය කමිටුව තීරණය කළේ ඔහුට වසරක තරග තහනමක් පැනවීමටයි.

සම්පූර්ණ ලිපිය: ඩිලාන් උදයංගට වසරක තරග තහනමක් පැනවෙන ලකුණු


සුපිරි 8 දෙවන සතියේ තරගත් කල් යයි

ඩයලොග් සුපිරි 8 දෙනාගේ තරග වටයේ දෙවැනි සතියේ තරග සැප්තැබර් මස 11 වැනිදා පැවැත්වීමට සූදානම් කර තිබුනද එම තරග සැප්තැම්බර් 14වැනිදා දක්වා කල් දමා අැත. ඊද් උත්සවය 12වැනිදා යෙදි තිබෙන බැවින් මෙලෙස තරග දින වෙනස් කෙරුනු බව පාපන්දු සම්මේලනය විසින් දන්වන ලදි.

සැප්තැම්බර් 14 (CR&FC ක්‍රීඩා පිටිය)

  • බ්ලූ ස්ටාර් සහ යුධ හමුදාව අතර තරගය (සවස 04.00)
  • රිනවුන් සහ නිව් යන්ග්ස් අතර තරගය (06.00)

දවසේ නිමාව