පළමු දිනයේ වැඩි ගෞරවය ලුම්බිණි විද්‍යාලයට

506
School

වෙස්ලි ක්‍රීඩා පිටියේ පැවති සිංගර් වයස අවුරුදු 19න් පහල පළමු පෙල ක්‍රිකට් තරගාවලියේ, ලුම්බිණි විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර පැවැත්වෙන තරගයේ පළමු දිනයේ වැඩි ගෞරවය දිනා ගැනීමට, කාසියේ වාසිය සමඟින් පිටියට පිවිසි ලුම්බිණි විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය. දිනය නිමාවන විට ලුම්බිණි ක්‍රීඩකයෝ පන්දුවාර 57කදි ලකුණු 248ක් වාර්තා කිරීමට සමත් වූහ.

පසුගිය ලිපි: වේලස් කුමර විද්‍යාලයට වාර්තාගත ජයග්‍රහණයක්

ප්‍රථමයෙන් පිටියට පිවිසි ලුම්බිණි ක්‍රීඩකයෝ අාරම්භයේ සිටම හොඳ ක්‍රීඩා විලාසයක් පෙන්වමින් තරගයේ යෙදුනු අතර දිනයේ වැඩිම ලකුණු ලාභියා වූ කවීන් පීරිස් ලකුණු 73ක් ලබා ගැනීමට සමත් විය.

ලුම්භිණි විද්‍යාලයේ ලකුණු පුවරුවට සවියක් වෙමින් නොදැවී ක්‍රීඩා කල කණිෂ්ක මධුවන්ත ලකුණු 31*කට හිමිකම් කියන ලදි. රවිඳු සංජීව විසින් ලකුණු 33ක් සිය කණ්ඩායම වෙනුවෙන් වාර්තා කලේය.

පන්දු යැවීමේදි වෙස්ලි ක්‍රීඩක කාවින්ද දිසානායක, ලකුණු 62කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර ඔහුට සහය වෙමින් ලකුණු 29කට කඩුලු දෙකක් දවා ගැනීමට මොහොමඩ් උබයදුල්ලා සමත් විය.

ලුම්බිණි විද්‍යාලීය අභියෝගයත් සමඟින් පිටියට පිවිසි වෙස්ලි ක්‍රීඩකයින්ට සාර්ථක වීමට ලුම්බිණි විද්‍යාලීය ක්‍රීඩකයෝ ඉඩ ලබා නොදුන් අතර ලුම්බිණි ක්‍රීඩක කණිෂ්ක මධුශංක ලකුණු 67කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

තරගය නිමාවන විට වෙස්ලි ක්‍රීඩකයෝ පන්දුවාර 38කදි රැස් කර ගැනීමට සමත් වූයේ ලකුණු 125ක් පමණි. එහිදි නොදැවී ක්‍රීඩා කල මොවීන් සුභසිංහ විසින් ලකුණු 38*ක් ලබා ගැනීමට සමත් වූ අතර ජේසන් ද සිල්වා ලකුණු 37කට හිමිකම් කියන ලදි.

ලුම්බිණි විද්‍යාලය – 248 (57)  | කවීන් පීරිස් 73, කණිෂ්ක මධුවන්ත 31*, රවිඳු සංජීව 33, කාවින්ද දිසානායක 4/62, මොහොමඩ් උබයදුල්ලා 2/29.

වෙස්ලි විද්‍යාලය – 125/5 (38) | මොවීන් සුභසිංහ 38*, ජේසන් ද සිල්වා 37, කණිෂ්ක මධුශංක 5/67.

තරග විනිසුරු – බ්‍රයන් විමලසේන, සුසිල් චන්ද්‍රසිරි

ලකුණු 123කින් ලුම්බිණි විද්‍යාලය පෙරමුනේ.

මෙම තරගයේ දෙවැනි දිනය හෙට වෙස්ලි විදුහල් ක්‍රීඩා පිටියේදි පැවැත්වේ.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට