වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරඟයක්, මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර ධර්මපාල ක්‍රිකට් පිටියේදී පැවැත්විණි. මෙම තරඟයෙන් එක් ඉණිමක හා ලකුණු 221ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට වේල්ස් කුමර විද්‍යාල කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: 17න් පහල කිරුළ සෙබස්තියන් විද්‍යාලයට

වේල්ස් කුමර විද්‍යාලයේ නායක විශ්ව චතුරංග කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.

පළමු ඉණිම තුළ විශිෂ්ට දස්කම් දැක්වීමට වේල්ස් කුමර ක්‍රීඩකයින් සමත් වූ අතර ඔවුන්ගේ කණ්ඩායමේ සෑම අයෙකුම වාගේ දක්ෂතා දක්වමින් හොද ලකුණු පුවරුවක් ගොඩනගා ගැනීමට සමත් විය. මෙහිදී පළමු ඉණිම තුළ වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන්  වැඩිම ලකුණුලාභියා වීමට සනෝජ් දර්ශික සමත් වූ අතර ඔහු මනරම් ලකුණු 67ක් ලකුණු පුවරුවේ සටහන් කරන ලදි.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම – 361-8 (63.2) dec, සනෝජ් දර්ශික 67, විශ්ව චතුරංග 65, අවිදු ප්‍රනාන්දු 63, දිලංක මදුරංග 53, රවිදු රෝචන 44, අංජුල සහන් 43, මහීම වීරකෝන් 8/87.

අනතුරුව පළමු ඉණිම දියත් කල ධර්මපාල ක්‍රීඩකයින් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරඟයකදී දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව ද වාර්තා කරමින් ලකුණු 16කට දවාලීමට වේල්ස් කුමර විද්‍යාලයේ අංජුල සහන් ඇතුළු පන්දු යවන්නන් සමත් විය.

ධර්මපාල විද්‍යාලය පළමු ඉණිම – 16-10 (11.5) අමිල දායානක 6, අංජුල සහන් 6/12, අවිදු ප්‍රනාන්දු 3/04

අනතුරුව ද තම දෙවන ඉණිම නැවතත් හඹායාමට පිටියට පැමිණි ධර්මපාල ක්‍රීඩකයින්ට පළමු ඉණිම තුළ අත්වීමට ගිය ඉරණම තරමක් හෝ පාලනය කිරීමට අවිශ්ක හසරිදු සමත් වූ අතර ඔහු ලකුණු 43ක් ලබා ගන්නා ලදි.

ධර්මපාල විද්‍යාලය දෙවන ඉණිම (f/o) – 124-10 (50.1) අවිශ්ක හසරිදු 43, තිලාන් නිමේෂ් 5/38

අවසානයේ වේල්ස් කුමර විද්‍යාලය ඉණිමක හා ලකුණු 221ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට