Pages

04 September 2016

ගල්මඩුව ගෙඩිගේ විහාරය - කුණ්ඩසාලේ

ගල්මඩුව ගෙඩිගේ විහාරය කිව්වම  වැඩි දෙනෙක් නොදන්නවා උනාට මේක ගොඩක් දෙනෙක් දැකල තියනවා. මතකද රාණි සබන් ad එක. ඒක රුගත කරලා තියෙන්නේ මේ පන්සලේ. මම ගත්ත පොඩි video clip එකකුත් පල්ලෙහා දාලා තියෙන්නේ. එකත් බලන්න. (මේක click කරලා youtube එකෙන් බලලා subscribe පාරක් දාන්න) එකේ අන්තිමේටම රාණි ad එකත් දැම්මා.


දිස්ත්‍රික්කය   :- මහනුවර (කුණ්ඩසාලේ)
GPS කියවීම:- 7.285750, 80.676482
Google Map:- මෙතන click කරන්න


මේක හදලා තියෙන්නේ සෙන්කඩගල කිර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන්ගේ අගමෙහෙසියකගේ ඉල්ලීමක් අනුව බිසවුන්ට වන්දනා කිරීමට ඉදිකළා කියලයි සදහන් වෙන්නේ. මේක දකුණු ඉන්දීය පල්ලව සම්ප්‍රදායට අනුව තමා ඉදි වෙලා තියෙන්නේ ඒ නිසා දේවාලයකට කිට්ටු පෙනුමක් තියනවා. ( මේ වගේම පෙනුමක් තියනවා මාතලේ තියන නාලන්දා ගෙඩිගේ)




මේක සම්පුර්ණයෙ වැඩ අවසන් කිරීමට හැකි වෙලා නෑ. ඇතුලත බුදු පිළිමයක් වගේම නුවර සම්ප්‍රධායට අදාල බිතුසිතුවමුත් දැකගන්න තියනවා. දැන්නම් ඇතුලත යකඩ බාල්ක දාලා අමනෝ sheet වලින් ගහපු වහලයක් දාලා තියනවා.

(උපුටා ගැනීම "අන්දරේගේ සවාරි" blog එකෙන්)

ඇතුලේ අන්දකාර ගතිය නිසා flasher නැති මගේ phone එකට චායාරුප පැහැදිලිව ගන්න පුළුවන් උනේ නෑ.මෙතන නුවර අවට අය wedding photos ගන්න නිතරම එන තැනක්.


(උපුටා ගැනීම අන්තර්ජාලය තුලින්)

නුවර town එකට ඇවිත් GPS directions අනුව තමා ආවේ. මම ආවේ ඉරිදා දවසක උදේ 11ට විතර. ඒ වෙලාවේ ඇතුලේ දහම් පාසලක් තිබ්බා. ඒ නිසා ඇතුලට යන්න පැයක් විතර බලාන ඉන්න සිද්ද උනා. ඒ නිසා ඉරිදා දවසක යනවනම් 12න් පස්සේ යන්න.



Galmaduwa Temple - Kandy (Kundasale)

Trip එකක් යන්න  place ඕනෙනම් sanchara99.blogspot.com/p/map.html වෙත පිවිසෙන්න

No comments:

Post a Comment