Tuesday, August 30, 2016

ග‍්‍රීස් යකාට රු: 150,000/=ක් ගෙවන්න OIC ඇතු`ඵ පොලිසියේ පහකට සිදුවෙයි.



2011 අගෝස්තු 23 වන දින රාත‍්‍රීයේ මිතුරකුගේ නිවසේ සිටියදී, සජිත් සුරංගව තෙලිකඩ පොලිසියේ නිලධාරින් අත්අඩංගුවට ගෙන වධ දී, බොරු නඩුවක් දමන ලදි.

වධ දීමට, කෲර අමානුෂික සැලකිලි හා දඩුවම් වලට පාත‍්‍ර කිරීමට එරෙහිව සජිත් සුරංග - ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරනු ලැබීය.

එම නඩුවේදී, තෙලිකඩ පොලිසියේ ස්ථානාධිපති පො.ප.නාලකට රුපියල් ලක්ෂයක්ද, එම පොලිසියේ උ.පො.ප.ප‍්‍රසාද්, සැරයන් සුනිල්, සැරයන් පාලිත හා සිවිල් ආරක්ෂකයාට රු: 50,000/=ක්ද, සජිත් සුරංගට වන්දි වශයෙන් ගෙවීමට නියම කළේය.

එයට අමතරව මෙම නිලධාරින්ට එරෙහි පරීක්ෂණ පවත්වා, නීතිපති වරයාට යොමු කරන ලෙසටද ශ්‍රේෂ්ඨාධීකරණය වැඩි දුරටත් නියම කරනු ලැබීය.

මෙම නඩුවේදී සජිත් සුරංග වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ චාමර නානායක්කාරවසම් මයාගේ උපදෙස් මත නීතිඥ ශාන්ත ජයවර්ධන මහතාය.

මානව හිමිකම් කොමිෂන් සභාව, සජිත් සුරංග ව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට යොමු කරනු ලැබීය. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා, සජිත් සුරංගව මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුට යොමු කිරීමෙන් අනතුරුව, සජිත් සුරංග ශාරීරික වධහිංසාවෙන් අනතුරුව දැඩි මානසික පීඩාවට පත්ව ඇති බවට නිගමනය විය.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයා විසින් ප‍්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරීවරයා වෙත යොමු කර, වාර්තාවක් ගෙන්වා, සජිත් සුරංගට පහරදීමක් හෝ නින්දා අපහාස කිරීමක් වාර්තා නොවේ යන - මන්ද බුද්ධික ප‍්‍රකාශය කරන්නට තරම් නීච නිවට තත්වයට පත්ව තිබින.

වත්මන් තීන්දුවට අනුව ඉහත නිලධාරින්ට එරෙහිව පොලිස්පති පරීක්ෂණ පවත්වා, එම නඩු පැවරීමට නීතිපති වෙත යොමු කළ යුතුය.

දැනට පොලිස් ස්ථානාධිපති වරුන් සිට නියෝජ්‍ය පොලිස්පති වරුන් දක්වා විනය පරීක්ෂණ පැවැත්වීමේ වගකීම පැවරී ඇත්තේ ජාතික පොලිස් කොමිෂමටය.

එම නිසා, පොලිස් පරීක්ෂක නාලක හා ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කල එවක ඇලිපිටිය පොලිස් අධිකාරීට, කිසිදු සොයා බැලීමක් නොකර, තීරණ ගෙන තිබූ නීති කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීට එරෙහිව නිසි නීතිමය පියවර ගන්නා ලෙසට ජනසංසදය ඉල්ලා සිටී.

2011 වසර පවරන ලද මෙම මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව 2016 ජූලි 22 වන දින ප‍්‍රකාශයට පත්කරන ලදි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ජේ ද ආබෲ, විනිසුරු එම්.එච්.එම්.යූ.අබේරත්න හා විනිසුරු එච්.එන්.ජේ.පෙරේරා ඉදිරියේ විභාග වු නඩුවේ තීන්දුව විනිසුරු එච්.එන්.ජේ. පෙරේරා විසින් ප‍්‍රකාශයට පත් කරන ලදි. 

සිද්ධිය පිළිබඳ සජිත් සුරංග කියන කථාව නරඹන්න

No comments:

Post a Comment