පිත්තේ වැඩ පෙන්වූ දිනයක්

294
U15 cricket - Holly Cross vs Nalanda college report

සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහල පළමු කාණ්ඩයේ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තවත් තරගයක් ඊයේ (29) ආරම්භ විය. කොළඹ නාලන්ද සහ කළුතර සිරි කුරුස විදුහල අතර පැවැත්වෙන මේ තරගයේ පළමු දිනය පිතිකරුවන්ට වැඩි වාසි ගෙනදුන් දිනයක් විය.

පසුගිය ලිපි: ශා. තෝමස් කණ්ඩායමත් අවසන් පූර්ව වටයට

හොරණ ශ්‍රීපාලි විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ සිරිකුරුස විද්‍යාල කණ්ඩායමයි. ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදී.

ඔවුන් පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 249කි.

සිරිකුරුස විද්‍යාලයේ පළමු ඉනිම ගොඩනැගුනේ ශිරාන් ෆොන්සේකාගේ අගනා ඉනිම කේන්ද්‍ර කර ගනිමිනුයි. ඔහු ලකුණු 92ක් රැස් කරන ලදී.

ඊට අමතරව උමයංග සුවාරිස්ගෙන් සහ පැතුම් දර්ශනගෙන්ද, ඔවුන්ගේ පළමු ඉනිමට ඉහල දායකත්වයක් හිමි විය.

පිතිකරුවන්ගේ පාලනයට නතුවූ තරගයක පන්දුවෙන් දස්කම් දැක්වූ ජිතේෂ් වාසල කඩුලු 4ක් දවා ගන්නට සමත් විය. අශේන් වලිසුන්දර කඩුලු 2ක් බිඳ හෙලන ලදී.

සිරිකුරුස ක්‍රීඩකයන් ගොඩනැගූ පළමු ඉනිමේ ඉලක්කයට ප්‍රබල පිළිතුරක් ලබා දීම ආරම්භ කළ නාලන්ද ක්‍රීඩකයන් පළමු දිනයට තරගය නතර කරන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 53ක් ලබා සිටින ලදී.  

ඉන් ලකුණු 48කම අයිතිය දිනය අවසන් වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අවිශ්ක පෙරේරාගේ පිත්තෙන් වාර්තා වීම කැපී පෙනුණි.

ලකුණු පුවරුව –

කළුතර සිරිකුරුස විදුහල – පළමු ඉනිම – සියල්ලන් දැවී – 249 (72.4) ශිරාන් ෆොන්සේකා – 92, උමයංග සුවාරිස් – 44, පැතුම් දර්ශන – 38, ජිතේෂ් වාසල – 4/38, අශේන් වලිසුන්දර – 2/18

කොළඹ නාලන්ද විදුහල – පළමු ඉනිම – 53/1 (16) අවිශ්ක පෙරේරා – 48*

නාලන්ද විදුහල් වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම පළමු ඉනිමේ ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 9ක් අතැතිව ලකුණු 197ක් පසුපසින්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට