August 28, 2016

සූර්ය තාපයෙන් විදුලිය...

පුනර්ජනනීය ශක්තීන් මගින් විදුලිය නිපදවෙන ආකාරයන් හා තාක්ෂණයන් ගැන දැන් ලෝකය උනන්දු වී කටයුතු කිරීමට පටන් අරන්. මොරොක්කෝවේ ස්ථාපිත කිරීමට නියමිත ලොව විශාලතම සුර්ය තාප බලාගාරය එයට නිදසුනක්. සුර්ය ශක්තිය මගින් විදුලිය නිපදවීම යනුවෙන් හැදින්වුවත් මෙහිදී සිදුවන්නේ  solar panel යොදාගනිමින් සිදුකරන, අප දන්නා ක්‍රියාවලිය නම්  නොවෙයි.
සුර්ය ශක්තිය මගින් විදුලිය නිපදවීමේ ප්‍රධාන  ආකාර දෙක වන  photo-voltaic හා thermal යන ආකාරවලින්  photo-voltaic ක්‍රමයේදී සුර්ය පැනල යොදාගැනෙන අතර thermal ක්‍රමයේදී  සිදුවන්නේ සුර්ය තාපය යොදාගැනීමයි. thermal ක්‍රමයේදී සිදුවන්නේ සුර්ය තාපය යොදාගනිමින් heat transfer fluid (HTF) එකක් ඉතා අධික උෂ්ණත්වයකට රත්කිරිමය. ඒ සඳහා සුර්යතාපය එක්රැස් කිරීමට වක්‍රාකාර දර්පන යොදාගන්නා අතර එම දර්පන වල නාභිය හරහා heat transfer fluid එක ගමන්කරවයි. මෙම බලාගාරයේ එක් දර්පනයක් මීටර 12ක් පමණ උසකින් යුක්තයි. එහිදී මෙම ද්‍රවය 393° C තරම් ඉහල උෂ්ණත්වයකට පත්වන අතර ඉන්පසු එම තාපය ජලය වෙත heat transfer එකක් මගින් හුවමාරු කොට එමගින් හුමාල turbine එකක් යොදාගෙන විදුලිය නිපදවනු ලබනවා. මොරොක්කෝවේ සාදන මේම බලාගාරය දර්පණ 500,000කින්  යුක්ත අතර එමගින් 580 MW ශක්තියක් නිපදවීමට බලාපොරොත්තු වෙයි. ඒ  අනුව මෙම ව්‍යාපෘතියෙන් නිවාස මිලියනයකට පමණ විදුලිය ලබාදීමට සුදානම්.

මෙහි ප්‍රථම අදියර දැනට ක්‍රියාත්මක වන අතර එය Noor 1 ලෙස හදුන්වා තිබේ. එහිදී 160 MW ශක්තියක් ලබාගනී. Noor 2 හා Noor 3 ඊළඟ අදියරයන් ලෙස 2017දි ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉන්පසුව steam turbine සඳහා අවශ්‍ය පැය 8ක ශක්තිය ගබඩා කරගැනීමේ හැකියාවෙන්ද යුක්තයි. වසර 2020දි මුළුමනින්ම  අවසන් කිරීමට නියමිත මෙම බලාගාරය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 9යක මුදලක් වැයවන බවට ගණන් බලා තිබේ. කෙසේ වෙතත් මෙම බලාගාරයෙ ප්‍රථම අදියර මගින් වසරකට කාබන්ඩයොක්සයිඩ් ටොන් 240,000 වායුගෝලයට මුදාහැරිම වළක්වාලීමට සමත්.

TECHPEDIA ඇසුරිනි
සැකසුම: ප්‍රිමල්ෂි ධර්මතිලක
           විදාතා සම්පත් මධ්‍යස්ථානය (කුණ්ඩසාලේ)

0 comments:

Post a Comment