ඩිල්ස්කූප් නිර්මාතෘ ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම යයි

440
TM Dilshan

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දිග්විජය කල ජේශ්ඨ ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිත 3වැනි එක්දින තරගයෙන් සහ විස්සයි විස්ස තරග ද්විත්වයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත. ඒ අනුව ඔහු සහභාගී වන අවසන් ජාත්‍යන්තර තරග සංචාරය වන්නේ මෙයයි.

වසර 17ක සිය වෘත්තීය ක්‍රිකට් දිවියේ එක්දින තරග 329කට සහභාගී වෙමින් ලකුණු 10248කට අධික ලකුණු සංඛ්‍යාවක් වර්තා කල ඩිල්ෂාන් එලඹෙන ඔක්තොම්බර් මාසයේදි 40වැනි වියට පා තබයි.

වැඩිම එක්දින තරග සංඛ්‍යාවකට සහභාගී වූ ක්‍රීඩකයින් අතර 12වැනි ස්ථානය හිමිකර ගැනීමට ඔහු සමත් වූ අතර 2015 වර්ෂයේ සිට සීමිත පන්දුවාර තරගවලට සහභාගී වෙමින් ලකුණු සාමාන්‍ය 52.47ක් සමගින් එක්දින ලකුණු 1207ක් වාර්තා කිරීමට ඔහු සමත්ව තිබේ.

විස්සයි – විස්ස තරග නියෝජනයේදි ඔහු විසින් තරග 78කදි ලකුණු 1884ක් රැස්කිරීමට ඔහු සමත් වී ඇති අතර මේවන විට පැවැත්වෙන ඕස්ට්‍රේලියා තරගාවලියට සහභාගී වන ඩිල්ෂාන් හට එහිදි එතරම් සාර්ථකත්වයක් ලබා ගැනීමට නොහැකි වූ අතර පැවති තරග දෙකේදි ඔහු ලකුණු 22 සහ 10 දැවී යන ලදි.

ඩිල්ස්කූප් පහරේ නිර්මතෘ වන ඩිල්ෂාන් සිය එක්දින තරග දිවිය ආරම්භ කරන්නේ 1998 වර්ෂයේදීය. තවද ඔහු 2008 වර්ෂයේ පටන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක ක්‍රීඩකයා ලෙස කටයුතු කරන ලදි .

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට