දෙවන තරඟය ජය පරාජයෙන් තොරයි

267
ඡායාරූපය දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ෆේස්බුක් පිටුවෙනි © Cricket South Africa FB page
ඡායාරූපය දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ ෆේස්බුක් පිටුවෙනි © Cricket South Africa FB page

පිතිකරුවන්ට උචිත තණ තීරුවක් වන ප්‍රිටෝරියා හිදී අද (24) දකුණු අප්‍රිකානු නැගී එන  කණ්ඩායම හා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අතර පැවැත්වු දෙවන හා අවසන් සිව්දින තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. කෙසේ වෙතත් තරගාවලියේ ජයග්‍රහණය දකුණු අප්‍රිකානු කණ්ඩායමට හිමිවිය.

පසුගිය ලිපි: ලහිරුට අහිමිව ගිය ලකුණු හතර

අද දිනය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම තම පළමු ඉණිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 467ක් ලබාගෙන තිබිණි. දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු පුවරුව ලකුණු 505ක් වෙද්දී 4 පහරවල් 10ක් සමඟ ලකුණු 57ක් ලබා සිටි නිමන්ත ප්‍රනාන්දු, 8 වන කඩුල්ල ලෙස දැවීයන ලදි. අකිල ධනංජය 4 පහරවල් 2ක් සමඟ ලකුණු 24ක් ලබාගන්නා ලදි.

ශ්‍රී ලංකා පළමු ඉණිම – 510 -10 (132.1) ලහිරු මිලන්ත 196, සඳුන් වීරක්කොඩි 78, නිමන්ත ප්‍රනාන්දු 57, හශාන් දුමිදු 49, බජ්රන් කාල් ෆෝර්ටුයින් 4/97, මුබුලෙලෝ බුඩ්සා 3/87

අනතුරුව ලකුණු 78ක වාසියක් අතැතිව දෙවන ඉණිම ආරම්භ කල දකුණු අප්‍රිකානු කණ්ඩායමට පළමු ඉණිමේ මෙන් සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනගා ගැනීමට නොහැකි විය. පළමු ඉණිම තුළ ද්විත්ව ශතකයක් ලබාගත් කැරබෝ මොගොට්සි පළමු කඩුල්ල ලෙස එක් 4 පහරක් සමඟ ලකුණු 18ක් ලබා සිටියදී දැවීයන ලදි. එවිට ලකුණු පුවරුව ලකුණු 18ක් ලෙස සටහන්ව තිබිණි. අනතුරුව දෙවන කඩුල්ල සඳහා ලකුණු 29ක සබඳතාවයක් ගොඩනැංවීමට සයිමන් කොහොමාරි හා ජොකොබ්ස් ලෙවුස් ඩියු ප්ලොයි සමත් විය. කොහොමාරි 4 පහරවල් 3ක් සමඟ ලකුණු 27ක් ලබාගෙන සිටියදී දෙවන කඩුල්ල ලෙස දැවීයන ලදි. කෙසේවෙතත් තරඟය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැදී සිටි අබ්ඩු ග්ලෙයිම් 4 පහරවල් 3ක් හා එක 6 පහරක් සමඟ ලකුණු 37ක් ලබාසිටි අතර අනෙක් අන්තයෙන් ක්‍රීඩා කල ජොකොබ්ස් ලෙවුස් ඩියු ප්ලොයි 4 පහරවල් 2ක් සමඟ ලකුණු 21*ක් නොදැවී ලබාගෙන ගන්නා ලදි.

දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම දෙවන ඉණිම – 99-2 (33) අබ්ඩු ග්ලෙයිම් 37*, සයිමන් කොහොමාරි 27, අකිල ධනංජය 1/17, ශෙහාන් මදුසංක 1/22

තරගයේ සිව්වන හා අවසන් දිනය මේ අයුරින් නිමාවට පත්වූ අතර තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය.

ඒ අනුව තරඟ 2 කින් යුතු සිව්දින තරගාවලිය 1-0 ක් ලෙස දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම සිම්බාබ්වේ සංවර්ධන කණ්ඩායම සමඟ ද මෙවන් තරගාවලියකට සහභාගි වන අතර එහි පළමු ටෙස්ට් තරඟය ලබන 28 වැනිදා සිම්බාබ්වේ හරාරේ ක්‍රිකට් පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට