23 August 2016

අතුරුදහන් වූ වන් සෙවීමේ කොමිටල්

මෙන්න බොලේ උදේ පාන්දරම , කේතුමතියේ  එක්තරා ගොඩනැගිල්ලක් ඉදිරිපිට දිගට දිග ඇරුනු  පෝලිමකි . . .. මොකක් උනත් පෝලිමක් නම් නිව්ස් එකක් බව රූපවාහිනී  ප්‍රවෘත්ති බලාම උගැන ඇති බැවින්   මම ඒ දෙසට ගියෙමි.

 මේ පෝලිම මොකක්ද කියා නිරවුල් කර ගැනීමට සිතා මම පෝලිමේ මුලින් ඉන්න අයෙක් දෙසට ලං වුනෙමි .  පෝලිමේ පිටිපසින් බර බාරයක් නැගෙන්නට විය  "ආණ්ඩුවට එකතු වෙනවා වගේ බෑ   . එකතු වෙනවානම් පස්සෙන්" කියා කට්ටිය කීවත්,  එකතු වෙන්නට නොව කරුණු දැන ගැනීමට පමණක් තතනන බව ඔවුන්ට කියූ පසු ඔවුන්ගේ බර බරය  නැති විය. නමුත් " පත්තරෙන් වෙන්න ඇති ... ටීවී එකෙන් ....සංජන් මහත්තයාගේ තොත්තු සේවෙන් ..." වැනි මිමිනීම් නම් ඇසෙන්නට විය . ඒවා ගණන් නොගෙන මම පෝලිමේ මුළට  වෙන්න ඉන්න වයසක අයෙකට ලං වීමි .

මාමේ මොකෝ මෙතන වෙන්නේ ?

ඇයි  මහත්තයෝ , මෙතැනලු නේ අර අතුරුදහන් වුවන් හොයන කොමිසම දාන්නේ ..

ඒක  තාම පාර්ලිමේන්තුවේ පාස් වෙලාත්  නෑනේ ..මාමාට ෂුවර්ද

අනේ මේ මහත්තයෝ.. පාස් වෙලා නෑ  කියලා මහත්තයට ෂුවර්ද ?

හැහ් ... ඉතින් මාමාගේ කවුරු හරි අතුරුදහන් උනාද , යුද්දේදීද

නැති වෙච්ච කාලේ නම් නිනව්වක් නෑ  මහත්තයෝ, හැබැයි  නැති වෙච්ච කට්ටියක්ම ඉන්නවා 

ඒ කියන්නේ අසු නවයේ වෙන්නැති 

හරියටම නිනව්වක් නෑ  මහත්තයෝ ... හැබැයි මේ රටේ  නීතිය  අතුරුදහන් වෙලා .. රට බලා ගත්ත මුර දේවතාවුන්  ඒ කට්ටියත් ආ ගිය අතක් නෑ .

නීතිය නම් නැති වෙලා නෙමෙයි දිය වෙලා මාමේ .. හැබැයි අර මුර දේවතාවුන් බැරිම තැන නම් බෝට්ටුවක නැගලා ඔස්ට්‍රේලියාවට වත් ගියාද දන්නේ නෑ  


මම තවත් අයෙක් ලඟට ලං වුනෙමි

 අපේ රටේ සරළ  ජනාධිපති තුමාගේ අර ජනවාරි අටවෙනිදා අත්සන් කරපු ඇට්ලස්  චූටි  පෑන  නැතිවෙලා මහත්තයෝ .. ඒ නිසා එතුමාට අර සරළ  ජීවන පැවැත්ම ගෙනියන්න හරි අමාරු වෙලා තියෙනවා..

හැබැයි ඕක නම් පොලිස් ඇන්ට්‍රියක්  දාන්න ඕනේ කේස් එකක්

ඒකත් හැබෑව මහත්තයෝ , අපේ පොලිස් පති තුමා , නීතිය  ඒ පැත්තට මේ පැත්තට නවලා ඕක හොයා ගනියි නේ  

මේ අංකල් තමුසේලට  පිස්සුද ඔය වගේ සිල්ලර කේස් මෙතැන්ට  ගේන්නේ ,(පෝලිමේ පිටිපසින් තරුණයෙක් කතාවට එක්විය ) ...

හරි මල්ලි මොකක්ද හොයන්නේ

මට මේ හම්බුවෙච්ච පොරොන්දු මිටියක් තිබ්බා , යහපාලනේ කියලා ගහපු ෆයිල් එකක්  ඇතුලේ .... ෆයිල් කවරේ එහෙම්ම තියෙනවා , ඇතුලේ තිබ්බ ඒවා  අතුරුදහන්  වෙලානේ 

ඔය මොනවද අයියේ , අර තව කොහෙද කොමිසමක ෆයිල් කන්දක්ම තිබ්බද නැත්ද නැතිවෙලා තියෙන්නේ ..
(පිටිපසින් උන් තරුණියක් කතාවට එක්වූවාය )

හැබැයි කොල්ලෝ පරණ පයිල් වගයක් නම් තියෙන තැනක් ගැන අපේ ජනාධිපති තුමා කිව්වා ..පොඩ්ඩක් අහලා බැලුවානම් නරකද ? ( වයසක කාන්තාවක්ද තම මතය ප්‍රකාශ කළාය )

ඇය  ඉන්පසුව ඇගේ  පැමිණිල්ල ද ඉදිරිපත් කරන්නට විය 

පුතේ අපේ ගෙදර උන්න බළල්  තඩියා ... ලිප ලඟට වෙලා ඉඳලා .. මම තාච්චියේ බැද බැද හිටපු බැඳුම්කර ඔක්කොම ගිලලා ....දැන් ඌත් අතුරුදහන්  

මම නම් හොයන්නේ අර සිවිල් සංවිධාන .. උන් අන්ත්‍රස්ධාන වෙලානේ 

නී මී ..මං  නම් හොයන්නේ ඔය ඔක්කොටම වඩා වැදගත් දෙයක් අනී ..

ඒ මොකක්ද

අපේ රටේ මිනිස්සුන්ගේ මතකය අතුරුදහන් වෙලා වගේ මෙයා ...ජනවාරි අටවෙනිදට වැඩ කලින් දේවල් කට්ටියකට මතක නෑ ... ජනවාරි අටවෙනිදා ඉඳන් අගෝස්තු වෙනකං කිව්ව දේ තව කට්ටියකට මතක නෑ

මේ කට්ටිය මේ අහන්න මම හිතන්නේ ඔය ගොල්ලන්ට මේ කොමිසම ගැන හරි වැටහීමක් නෑ  ..මෙතැන  පැමිණිලි බාර ගන්න යන්නේ අතුරුදහන් වුවන් ගැන

මම පුළුවන් තරමින් තේරුම් කරදීමට සැර සුනෙමි . එහෙත් කිසිවෙක් මා කියූ දෙය පිළිගන්නා බවක් නොපෙනුණි . එහෙත්  පෝලිමේ මැද  හුන් යුවලක් , එතැනින්  ඉවත් ව යනු දුටිමි . 

අන්න දැක්කද අර කට්ටියට තේරුනා

සියල්ලෝම ඔවුන් දෙස බැලුවෝය . කෙසඟ මැදි වියත් පසු කළ  පුරුෂය සමග සිටියේ , හැදිදැඩි ගැහැනියකි . ඔහු ලජ්ජාවෙන් මෙන් බිම බලා ගත්තේය , ඈ  කතාවට මුළ  පිරිය 

... නෑ  මං හිතන්නේ අපි මේ ගැන වරදවා තේරුම් ගත්තේ ....මම මේ මිනිහා ඇදන්  ආවේ මෙතෙන්ට, පත්තරේ ඇඩ්  එක දැකලා ..මමත් යෝජනාවකට කැමති වෙලා මූව බැඳ ගත්තා ..ශික් විතරක් නමට පිරිමි ... ඉතින් පත්තරේ දැන්වීම දැකලා මම ඇදන් ආවා .. හැබැයි දැන්වීම තිබිලා තියෙන්නේ අතුරුදහන් වුවන් සෙවීමේ කොමිසම කියලා , ඒ වුනාට අපේ පත්තරේ මොනවද ගැවිලා නිකන් "වූ" යන්න නිකන් "චූ"  යන්න වගේ පෙනුනේ ... මම හිතුවේ ඒ වගේ ලෙඩවලට බෙහෙත් කරන තැනක් කියලා

17 comments:

  1. මට සිහිවුනේ "ආලෙ බැන්ද මාගෙ රම්‍ය වන් ටූ ත්‍රී" ගීයයි.

    ReplyDelete
  2. පත්තර වල යන කොට 'වූ' 'චූ' වෙන එකත් සාමාන්‍ය දෙයක්නේ.

    ReplyDelete
    Replies
    1. චු වෙලා නැවතුනොත් ඇති

      Delete
  3. //බළල් තඩියා ... ලිප ලඟට වෙලා ඉඳලා .. මම තාච්චියේ බැද බැද හිටපු බැඳුම්කර ඔක්කොම ගිලලා .// +++++

    great post

    ReplyDelete
  4. ආපෝ..

    වසලා හමාරයි...

    චූ යනවානේ කියෝන කොට...

    ReplyDelete
    Replies
    1. රැවන්වැල්ලේ වෙදෙක් ඉන්නවා කියලා ඉස්සර පත්තරේ තිබ්බා මතක් උනා

      Delete
  5. අර මානි ගේ තීරුව කියෙව්වා වගේ.. එල.. !

    ReplyDelete
  6. අතුරුදන් වෙච්චි දේවල් කොච්චර නම් තියෙනව කියලද බං හොයනව නං

    ReplyDelete
  7. ඒ කියන්නේ තීලා නැතිවෙලා තියෙනවා... ඒ කියන්නේ නෝනගේ වරදක්..

    ReplyDelete
    Replies
    1. නෝනලා හැම විට නිවැරදිය..ඇතැම් විට අතුරැදහන් වීමේ වරද අතුරැදහන් වුවන්ගේය

      Delete
  8. මේ ලිපියත් අතුරුදන් වෙන්න කලින් කියෙව්ව එක හොඳය. ඔය අතුරුදන් වූවන් එංගලන්තේ හොඳින් ඉන්නව කියල නේද ඉස්සර කිව්වේ.

    ReplyDelete

Have commented