ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රමුඛයා වෙයි

389

33වන වරටත් පැවැත්වූනු වෙළෙඳ සේවා මළල ක්‍රීඩා සැනකෙළිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පිටියේදී ඊයේ නිමාවට පත්විය. එම තරගාවලිය, පුරා දින 3ක් (19, 20, 21) තිස්සේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි සමස්ථ ශුරතාවය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ජයග්‍රහණය කිරීමට සමත් විය.

පසුගිය ලිපි: ඉන්ද්‍රජිත් කුරේ ඔහුගේ හොඳම ඔලිම්පික් දස්කම් දක්වයි

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ආයතන 48ක දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1900කට ආසන්න ප්‍රමාණයක් මෙම තරගාවලිය සඳහා සහභාගී විය. තවද මෙම ක්‍රීඩා මංගල්‍යය සඳහා ඉන්දියාවේ ව්‍යාපාරික කණ්ඩායමක් ද තරඟ වැදුණු අතර එය සුවිශේෂී අවස්ථාවක් විය. තනිව තරඟ වදින ඉසව් 232ක් හා කණ්ඩායම ඉසව් 42ක් මෙම තරගාවලිය සඳහා අන්තර්ගත විය.

මෙම තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ (21) දිනය දක්වාම මාස් හෝල්ඩින්ග්ස් කණ්ඩායම හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අතර තියුණු තරඟයක් පැවැත්විණි. අවසානයේ දී ටෙලිකොම් ආයතනය ප්‍රසාද ලකුණු 420ක් ලබාගෙන ජයග්‍රහණය කරන ලදි. කෙසේ නමුදු හොඳ තරඟයක් ලබා දී ප්‍රසාද ලකුණු 409ක් ලබාගත් මාස් හෝල්ඩින්ග්ස් කණ්ඩායමට දෙවන ස්ථානය ද, ගුවන් තොටුපළ හා ගුවන් සේවා කණ්ඩායම ප්‍රසාද ලකුණු 183ක් ලබාගනිමින් තෙවන ස්ථානය ද හිමි කර ගැනීමට සමත් විය.

මෙහිදී විවිධ කාණ්ඩයන් කිහිපයක් ඔස්සේ සමස්ත ශූරතාවය සඳහා ලකුණු ගණනය කල අතර එහිදී මාස්ටර් කාණ්ඩයේ කාන්තා හා පිරිමි යන අංශයන් වල ශුරතාවය ප්‍රසාද ලකුණු 214ක් හා 198ක් ලබාගත් ටෙලිකොම් ආයතනයට ද, ශුරතා කාණ්ඩයේ කාන්තා ජයග්‍රහණය ප්‍රසාද ලකුණු 37ක් ලබාගත් මාස් හෝල්ඩින්ග්ස් කණ්ඩායමට හා එහි පිරිමි ශුරතාවය ප්‍රසාද ලකුණු 32ක් ලබාගත් ගුවන් සේවා කණ්ඩායමට හා නේශන් ට්‍රස්ට් බැංකුවට හිමිවිය.

අවසානයේ සමස්ත පිරිමි ශුරතාවය ප්‍රසාද ලකුණු  202ක් ලබාගත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ද අනුශූරතාවය ප්‍රසාද ලකුණු 168ක් ලබාගත් මාස් හෝල්ඩින්ග්ස් ආයතන කණ්ඩායමට හිමිවිය.

කාන්තා ශුරතාවය ප්‍රසාද ලකුණු 241ක් ලබාගත් මාස් හෝල්ඩින්ග්ස් ආයතනයටද, අනුශූරතාවය ප්‍රසාද ලකුණු 218ක් ලබාගත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට හිමිවිය. එම ලකුණු ගණනයට අනුව අවසානයේ දී සමස්ථ ශුරතාවය ලබාගැනීමට ශ්‍රී ලංකා ටෙලිකොම් අායතනය සමත් විය.

මෙම තරගාවලිය ජයග්‍රහණය කල හා දක්ෂතා දැක්වූ අන්දම හා ඒ ඒ කණ්ඩායම් ඒ ඒ කාණ්ඩයේ දී  ලබාගන්නා ලද ලකුණු ප්‍රමාණයන් හා සමස්ථ ලකුණු වල තොරතුරු පහතින් දක්වා ඇත.

33rd SLT MERCANTILE ANNUAL ATHLETIC 6th place 113 Nations Trust Bank
33rd SLT  MERCANTILE ANNUAL ATHLETIC 5th place 129 Colombo Dockyard PLC
33rd SLT  MERCANTILE ANNUAL ATHLETIC 4th place 170 Sampath Bank PLC
33rd SLT  MERCANTILE ANNUAL ATHLETIC 3rd  place 183 Airport & Aviation Services (SL) LTD
33rd SLT  ANNUAL ATHLETIC – INDIAN TEAM 45 INDIAN TEAM
33rd SLT   ANNUAL ATHLETIC RUNNERS UP 409 MAS Holdings (PVT) LTD
33rd SLT   ANNUAL ATHLETIC CHAMPIONS 420 Sri Lanka Telecom PLC

 සම්පූර්ණ ලකුණු සටහන 

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට