අවසන් අසුන සෙබස්තියන් විද්‍යාලයට

338
St. Sebastian vs St. Aloysius college

අවුරුදු 17න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ 4 වන අර්ධ අවසන් පූර්ව තරඟය අද (21) වත්තල ලයිසියම් විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්විණි. මෙම තරඟය ලකුණු 104කින් සෙබස්තියන් විද්‍යාලය ජයග්‍රහණය කරන ලදි.

පසුගිය ලිපි: තර්ස්ටන් විද්‍යාලයට දැවැන්ත ජයක්

කාසියේ වාසිය දිනාගත් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර ඔවුන්ගේ ඉණිම තුළ සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ පන්දු හමුවේ සාර්ථක වීමට ප්‍රවීන් කුරේ සමත් විය. කුරේ ගේ මෙම ඉණිම තාක්ෂණයෙන් හා ඉවසිල්ලෙන් ගොඩනැංවූ අපූරු ඉණිමක් විය. ඔහු මෙම ඉණිම තුළ දී ලකුණු 66කින් තම විද්‍යාලය වන සෙබස්තියන් විද්‍යාලයේ ලකුණු පුවරුව සවිමත් කරන ලදි.  කුරේ සමඟ තවත් ලකුණු කිහිපයක්ම එක්වූ සබඳතාවන් කිහිපයක්ම ගොඩනැංවූනු අතර  ඔහු සමඟ එක්වූ තරුශ ප්‍රනාන්දු ලකුණු 27කින් තම දායකත්වය විද්‍යාලයට දක්වන ලදි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය A කණ්ඩායම  – 209-8 (50) ප්‍රවීන් කුරේ  66, තරුශ ප්‍රනාන්දු 27, ගිහාන් සේනානායක 19*, නිලුක්ශ දුල්මින 5/56, හරීන් බුද්ධිල 2/19

අනතුරුව ලකුණු 210ක අභියෝගාත්මක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට සාර්ථක වීමට කිසිදු අවස්ථාවක් සෙබස්තියන් ක්‍රීඩකයින් ලබානොදුන් අතර ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ නිලුක්ශ පිතිකරණයේ දී ද සාර්ථක වෙමින් ලකුණු 28ක් ලබාගැනීමට සමත් විය. මෙම තරගයේ දී ඇලෝසියස් ක්‍රීඩකයින් අන්දමන්ද කරමින් පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට නුවනිදු ප්‍රනාන්දු සමත් විය. ඒ කඩුලු 4ක් ලකුණු 26ක් තුළ දවාලමිනි. අවසානයේ දී ඇලෝසියස් පිතිකරණය සෙබස්තියන් විද්‍යාලය හමුවේ අන්ත අසරණ තත්ත්වයකට පත්විය. අවසානයේ ඔවුන් ගේ ඉණිම ලකුණු 105කට සීමා කිරීමට සෙබස්තියන් ක්‍රීඩකයින් සමත් විය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය105-10 (31.2) නිලුක්ශ දුල්මින 28, රවිදු සංජන 20, නුවනිදු ප්‍රනාන්දු 4/26, දිනුජය රණසිංහ 3/19

අවසානයේ දී සෙබස්තියන් විද්‍යාලය ලකුණු 104ක දැවැන්ත ජයග්‍රහණයක් සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එදිරිව ලබාගැනීමට සමත් විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට