ගෙවුනු දවස අගෝස්තු 20 – යෙෂාන් විශිෂ්ට පිතිහරඹයක

248
Sri Lanka sports News last day

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

  ක්‍රිකට්  

ක්‍රිකට් මූලස්ථානයක් ලංකාවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට තවත් සුවිශේෂි දිනයක් වු ඊයේ දිනයේදි අාසියානු ක්‍රිකට් සභාවේ නව මුලස්ථානයක් කොළඹ 7 මේට්ලන්ඩ් චන්ද්‍රවංකය (Maitland Crescent) හි ස්ථාපිත කරන ලදි. අාසියානු කලාපයේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවා අැති මෙම සභාවේ සමාජිකත්වය දරණ රටවල් සංඛ්‍යාව 25ක්.

මෙම විවෘත කිරීමේ උත්සවයට ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, මුදල් අමාත්‍ය රවි කරුණානායක යන අමාත්‍යවරුන් සහභාගි වුනු අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති සහ අාසියානු ක්‍රිකට් සභාවේ වර්තමාන සභාපති තිලංග සුමතිපාල සහ තවත් ගෞරවනීය අමුත්තන් කිහිපදෙනෙක් මේ සඳහා එක්විය.

සම්පූර්ණ ලිපිය බලාපොරොත්තු වන්න


තර්ස්ටන් විදුහලත් අර්ධ අවසන් වටයට

අවුරුදු 17න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් අර්ධ අවසන් පූර්ව තරඟයක් ඊයේ (20) කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර කොළඹ සාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මෙම තරඟයෙන් තර්ස්ටන් විද්‍යාලය ලකුණු 128ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට සමත් විය.

තර්ස්ටන් විද්‍යාලීය A කණ්ඩායම – 258-10 (49.4) යෙශාන් වික්‍රමාරච්චි 84, ඉමේෂ් විරංග 37, නිශන්ජය හෙට්ටිආරච්චි 2/42, සහන් රණතුංග 2/43, සංජීවන් ප්‍රියදර්ශන 2/54

මලියදේව විද්‍යාලීය A කණ්ඩායම -130-10 (32) සහන් රණතුංග 39, සංජීවන් ප්‍රියදර්ශන 23, නිපුන් ලක්ෂාන් 5/18, බිමර රණතුංග 2/41

අද (21) පැවැත්වෙන මෙම අංශයේ අවසන් හා 4වන අර්ධ අවසන් පූර්ව තරඟය, මොරටුව සාන්ත සෙබස්තියන්  විද්‍යාලය හා සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර වත්තල ලයිසියම් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

සම්පූර්ණ ලිපිය: තර්ස්ටන් විද්‍යාලයට දැවැන්ත ජයක්

දවසේ නිමාව