දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට ජය

300

දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම හා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින තරඟයේ තෙවන දිනය අද (17) පොට්චෙෆ්ස්ට්රෑම් හිදී පැවැත්විණි. මෙම තරඟය දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම ලකුණු 121කින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

පසුගිය ලිපි: අමිල විශිෂ්ඨ කඩුලු දඩයමක

අද දිනය ආරම්භ කරන විට , ශ්‍රී ලංකා දෙවන ඉණිම – 87-2 (22) ළහිරු මිලන්ත 35*, රුමේෂ් බුද්ධික 26*ක් ලෙස සටහන්ව තිබිණි.

ලකුණු පුවරුවට තවත් ලකුණු 4ක් එක්වෙද්දී මිලින්ත ලකුණු 36කට දැවීගිය අතර ඔහුගේ ඉණිමට 4 පහරවල් 5ක් ඇතුළත් විය. අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ ඉතා ඉක්මනින් දවාලීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් විය. එක් මොහොතක ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 142කට කඩුලු 6ක් ලෙස දැක්විය. එතෙක් කණ්ඩායමේ ලකුණු පුවරුව සවිමත් කල කණ්ඩායමේ නායක රුමේෂ් ලකුණු 50කට 6 වන කඩුල්ල ලෙස දැවීගිය අතර ඔහුගේ ඉණිම 4 පහරවල් 3කින් සමන්විත විය.

සංජය චතුරංග හා නිමන්ත ප්‍රනාන්දු 7 වන කඩුල්ල සඳහා ලකුණු 9ක සබඳතාවයක් ගොඩනංවන ලදි. අනතුරුව 9 වන කඩුල්ල සඳහා නිමන්ත හා පන්දුවෙන් දස්කම් දැක්වූ අමිල අපෝන්සු ලකුණු 35 පන්දු යවන්නන් ලෙස  සෑහීමකට පත්විය හැකි ආකාරයකින්  පිතිකරණ සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ඉණිම සවිමත් කරන ලද අතර, අවසානයේ දී නිමන්ත ලකුණු 16 කට දවාලීමට බොන්ගුමුසා මහකන්යා සමත් විය. නිමන්ත ගේ ඉණිම 4 පහරවල් 2කින් වර්ණවත් විය. අවසානයේ 10 වන කඩුල්ල සඳහා අමිල හා කේෂාන් විජේරත්න ලකුණු 37ක සබඳතාවයක් ගොඩනංවමින් පන්දු යවන්නන් ගේ කාර්ය හා පිතිකරණය යන අංශයන් දෙකම සවිමත් කරන ලදි. අවසානයේ 10 වන කඩුල්ල ලෙස අර්ධ ශතකය ආසන්නව සිටි අමිල ලකුණු 44කට අවාසනාවන්ත ලෙස දැවීගිය අතර ඔහුගේ ඉණිමට 4 පහරවල් 6ක් හා දැවැන්ත 6 පහරවල් 3ක් අන්තර්ගත විය.

මෙහිදී අමිල අපෝන්සු  පිතිකරණයෙන් මෙන්ම පන්දු යවන්නෙකු ලෙස ද තම වගකීම නිසියාකාරව ඉටුකරන ලදි. තවද ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ කඩුලු 6ක් ලකුණු 61ක් තුළ  දැවීයාම මෙම තරඟය පරාජයට පත්වීමට බොහෝ සෙයින් හේතු විය.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම – 224-10 (60) රුමේෂ් බුද්ධික 50, අමිල අපෝන්සු 44, ළහිරු මිලන්ත 36, බජ්රන් කාල් වොර්චුවින් 5/98

අවසානයේ දී දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම ලකුණු 121 කින් තරඟය ජයග්‍රහණය කරන ලදි.

ශ්‍රී ලංකා සංවර්ධන  කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම අතර දෙවන හා අවසන් සිව්දින තරඟය අගෝස්තු මස 21-24 දක්වා දකුණු අප්‍රිකාවේ පිටෝරියා හිදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට