ගෙවුනු දවස අගෝස්තු 17 – විජයග්‍රහණයක්

220
Sri Lanka sports News

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

  ක්‍රිකට්  

ඔ්ස්ට්‍රේලියාවෙන් ගිලිහුණු අංක 1 ඉන්දියාවට

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 3වන හා අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය ඊයේ (17) කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්විණි. මෙම තරඟය ලකුණු 163කින් ජයග්‍රහණය කල ශ්‍රී ලංකා කණ්ඩායම 3-0 ක් ලෙස ටෙස්ට් තරගාවලියේ ජයග්‍රහණය ලබාගැනීමට සමත් වූ අතර රංගන හේරත් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය.

ශ්‍රී ලංකා පළමු ඉණිම 347-8 (99.3) decකෞෂාල් සිල්වා 115, ධනංජය ද සිල්වා 65*, දිනේෂ් චන්දිමාල් 43 , ‍නේතන් ලයන් 4/123

ඕස්ට්‍රේලියානු දෙවන ඉණිම 160-10 (44.1) – ඩේවිඩ් වෝනර් 68, මිචෙල් ස්ටාක් 23 , ශෝන් මාෂ් 23, රංගන හේරත් 7/64 , දිල්රුවන් පෙරේරා 2/71

සම්පූර්ණ ලිපිය: ශ්‍රී ලංකා ජයග්‍රහණය විජයග්‍රහණයක් වෙයි


සංවර්ධන කණ්ඩායම පරාදයි

දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම හා ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සිව්දින තරඟයේ තෙවන දිනය ඊයේ (17) පොට්චෙෆ්ස්ට්රෑම් හිදී පැවැත්විණි. මෙම තරඟය දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම ලකුණු 121කින් තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම – 224-10 (60) රුමේෂ් බුද්ධික 50, අමිල අපෝන්සු 44, ළහිරු මිලන්ත 36, බජ්රන් කාල් වොර්චුවින් 5/98

අවසානයේ දී දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම ලකුණු 121 කින් තරඟය ජයග්‍රහණය කරන ලදි.

ශ්‍රී ලංකා සංවර්ධන  කණ්ඩායම හා දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම අතර දෙවන හා අවසන් සිව්දින තරඟය අගෝස්තු මස 21-24 දක්වා දකුණු අප්‍රිකාවේ පිටෝරියා හිදී පැවැත්වීමට නියමිතව ඇත.

සම්පූර්ණ ලිපිය: දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට ජය

දවසේ නිමාව