Sunday, August 14, 2016

මයෙ පුතේ

පෝය දෙකයි තව ඇත්තේ අමාවකට හිතේ උඹ ගියාම කොහොමද හිත හදා ගන්නෙ පුතේ මංගල සාරිය දැක්කම හැඩවෙන නුඹෙ ගතේ සාරියෙ මුතු බොඳවී ගෙන නැගුන කඳුලු නෙතේ බන ඇහුවට අඩු කරන්න තන්හාවන් සිතේ ලෝබයි මට උඹව දෙන්න වෙන කෙනෙකුට මෙතේ ලේ කිරිකර පෙව් හැටි මට මතක් වෙනව ගතේ වරින් වරේ මා බලන්න එනව නේද පුතේ අයියා රෑ වී එනකම් අපි ඇහැරන් ඉන්නවා ආවම දෙන්නම එක්කහු වී කොල්ලට බනිනවා පෙන්නුවෙ නැති උනාට උගෙ හිත හරියට හඬනවා අයියට උඹ නංගියෙක්ට වඩා ගොඩක් වටිනවා තාත්ත නැති අඩුව උඹට දැනෙනව ඇති හිතේ මටත් එහෙමමයි පෙන්නුවෙ නැති උනාට පුතේ පුංචි එකෙක් තුරුලු කරන් වරෙන් හනික අතේ සංසාරේ නිවනට තව දුරයි මයේ හිතේ

No comments:

Post a Comment