Sunday, August 14, 2016

මානව හිමිකම් කොමිෂමේ තාමත් ඉන්නේ නම් නැති නිලධාරීන් ..................




මානව හිමිකම් කොමිෂන් සභාව තුළ කාලයක් මු`ඵල්ලේ පවත්වාගෙන ආ දුෂණ අක‍්‍රමිකතාවලට කඩතුරාවක් කර ගත්තේ එහි නිලධාරීන් සිය අනන්‍යතාවය මහජනතාවගෙන් වසන් කර ගැනීමෙන්ය. ගරුත්වයක් නොමැති කොමිෂමේ නිලධාරීන්ගෙන් මහජනතාවගේ මානම හිමිකම් ආරක්ෂා වන්නේ කෙසේද?

යහපාලනයෙන් පත්වූ සභාපතිනිය ඇතුලූ කොමසාරිස්වරුන්ට මෙම දුෂිත පිළිවෙත් නිවැරදි කරන්නට තවමත් බැරිවී ඇත. පාද යාත‍්‍රා පැවැත්වූවාට වධ දීම නවත්වන්නට පොලීසිය සූදානම් නැත.

2016.08.03 වන දින තම සැමියාව බණ්ඩාරගම පොලීසිය නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම පිළිබඳව මානව හිමිකම් කොමිෂමේ හදිසි ඇමතුම් අංකයට අමතා දැණුම් දුන් විට, ඇමතුම ලබාගත් නිලධාරිණිය තම අනන්‍යතාවය හෙළි කළේ නැත. එ් නිසා, පැමිණිලිකාරියට ඇගේ අනන්‍යතාවය තහවුරු කර ගන්නට නම පවසන ලෙස ඉල්ලා සිටියේය. එවිට ඇගේ පිළිතුර වූයේ, ‘නම අවශ්‍ය නැහැකියා අනන්‍යතාවය හෙළි කිරීම ප‍්‍රතික්ෂේප කිරීමයි.

මීට පෙර අවස්ථාවක පස්සර සිට පැමිණිල්ලක් කිරීමට පැමිණි, පුද්ගලයකුගේ පැමිණිල්ල බාර ගැනීම ප‍්‍රතික්ෂේප කළ ඬේ ඔෆිසර්ඔහුට බදුල්ල ප‍්‍රාදේශීය කාර්යාලයට යන්න යයි කියා තිබිණ. එදිනම එම පුද්ගලයා, දැනට කොමිෂමෙන් ඉවත්ව සිටින විමර්ශන නිලධාරියකු තවමත් කොමිෂමේ සේවය කරන බව අඟවමින් මුදල් ලබා ගැනීම පිළිබඳව විස්තර අඩංගු පැමිණිල්ලක් සභාපතිනිය අතට පත් කිරීමට උත්සාහ ගත් විට එ් සඳහා ඉඩ ලබා දීම ප‍්‍රතික්ෂේප කර ඇත්තේ අදාල හිටපු නිලධාරියාගේ බිරිඳය.

ඇය එම පුද්ගලයාට කියා ඇත්තේ සභාපතිනියගේ උපදේස අනුව ඉඩ දීමට නොහැකි බවය.

මූලික අයිතිවාසිකම් උල්ලංඝණයන් වළක්වාලීමට, අවම කිරීමට සහ ලක්වූවන්ට සහන සැලසීම එකම අරමුණ ඇතිව පිහිටුවා තිබෙන මානව හිමිකම් කොමිෂන් සභාව ම එම පුද්ගලයන්ගේ අයිතීන් උල්ලංඝණය කිරීම වැටත් නියරත් ගොයම කා දමයි නම් කුමක් කරන්නද යයිකියමින් උඩ බලාගෙන සිටීම ගරුත්වයක් ඇති රටවැසියන්ගේ කාර්යය විය යුතු නැත.


No comments:

Post a Comment