මලියදේව විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට

326
u17 cricket

අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහල පළමු කාණ්ඩයේ එක්දින ක්‍රිකට් තරගාවලියේ  පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ තරග ඊයේ ආරම්භ විය. ඊයේ පැවති තරගයේදී කුරුණෑගල මලියදේව විද්‍යාලය තරග වැදුනේ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය සමගිනුයි. වරින් වර දෙපසට දෝලනය වූ තරගය අවසානයේ ජයග්‍රහණය තහවුරු කර ගන්නට මලියදේව විද්‍යාල කණ්ඩායම සමත් විය.

පසුගිය ලිපි: මීගමුව – NCC හඹා ගොස් ජයගනියි

මලියදේව විදුහල් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශා. ජෝසප් ක්‍රීඩකයින් පන්දුවාර 49.2 ක් තුළ සියල්ලන් දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 260ක්.

රේවන් කෙලී ලකුණු 86ක් ලබා ගැනීමට සමත් වුවත් අනෙක් පිතිකරුවන් අතරින් වාර්තාවූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 34කි. සහන් රණතුංග කඩුලු 3ක් දවා ගන්නා ලදී.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මලියදේව විදුහලේ ක්‍රීඩකයින් ඉතා සුපරීක්ෂාකාරීව ඔවුන්ට ලැබුණු ඉලක්කය හඹා ගිය අතර, තවත් පන්දු 9ක් සහ කඩුලු 2ක් පමණක් ඉතිරිව තිබියදී අදාළ ඉලක්කය පසු කරන්නට සමත් විය.

ජනිත් දේශාන් සහ දුලාජ් රණතුංග අර්ධ ශතක රැස් කරමින් මලියදේව ලකුණු පුවරුව සවිමත් කරන්නට දායකත්වය සපයන ලදී.

ලකුණු පුවරුව  :

මරදාන ශා. ජෝසප් විද්‍යාලය – සියල්ලන් දැවී 260 (49.2) : රේවන් කෙලී – 86, කැමරන් දුරුගේ – 34, සහන් රණතුංග – 3/41

කුරුණෑගල මලියදේව විදුහල – 262/8 (48.3) : දුලාජ් රණතුංග -70, ජනිත් දේශාන් – 51, සුපුන් සුමනරත්න – 29, නිපුන් සුමනසිංහ – 2/48

මලියදේව විදුහලට කඩුලු 2ක ජයක්.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට